My Story

My Thoughts,My Experiences and something more....



අපි බනිස් කියන්නෙ සංචිත ට.ඒ අපේ බෝඩිමේ ඉන්නෙ campus එකේ කෙනෙක්.ඉස්කෝලෙ 12,13 වසරවල පන්තියෙදි මට එහා පැත්තෙ හිටියෙ එයා.එයාගෙ girlfriend ඉන්නෙත් අපේ campus එකේමයි.දෙන්නම Civil Department එකේ.එයාගෙ ගෙ නම සචිත්‍රා.සචිත්‍රාගෙ birthday එක 11/26 තිබුනෙ.සන්චිතගෙ birthday එකත් ඊට මාසෙකට විතර කලින් තිබුනෙ.කොහොමහරි එයාගෙ යාලුවො ටිකකට කිව්ව 26 වෙනිද රෑ 7.30 K-Zone එකට එන්න, සචිත්‍රාගෙයි, බනිස් ගෙයි birthday පාටිය දෙනව කියල.එදා අපි 7ට විතර  K-Zone(Katubedda K-Zone) එකට ගිහින් ඒකෙ අපිට වෙන් කරල තිබුනු වෙනම place එකක සරසල තිබ්බ birthday එකට.ඊටපස්සෙ බනිස්  සචිත්‍රාව එක්කන් ආව 7.30ට විතර.සචිත්‍ර ආවම අපි 25 දෙනෙක් විතර ඉන්නා දැකල පුදුම උනා.මට තේරුනු විදිහට සචිත්‍රව Surprise කරන්න බනිස් කරපු වැඩක් ඒක.party එකක් තියනව කියල සචිත්‍රා දන්නෙත් අපිව දැක්කට පස්සෙද කොහෙද.

කොහොමහරි අපි ඒ දෙන්නට තෑගි එහෙම දීල, Cake කාල රෑ කෑමත් අරගත්ත.party එක ඉවර උනට පස්සෙ සචිත්‍රා කිව්ව එයාට යාලුවන්ගෙන් හම්බුනු හොඳම birthday party එක තමයි ඒ කියල.කාල එහෙම ඉවර වෙලා යද්දි රෑ 9.30 විතර උනා.එවෙලෙ වැස්ස තිබුනත් යාලුවන්ගෙ වාහන තිබුනු නිසා තෙමෙන්නෙ නැතුව බෝඩිම්වලට ගියා.



අපේ department එක තමයි mechanical engineering.ඒකෙ Library එකට අලුතින් පොත් ටිකක් අරගෙන ඒවට ගෙවන්න සල්ලි මදි වෙලා තිබුනෙ.මොකද රජයෙන් සල්ලි නාස්ති කලාට මේ වගේ දේවල් වලට සල්ලි දෙන්නෙ නැති නිසා.ඒ නිසා lecturers ලා අපිට කිව්ව UMMES(mechanical engineering society)එක හරහා  events 2,3ක් කරල ඒ සල්ලි ටික හොයන්න කියල.එහෙම දෙයකට ලක්ෂ 3ක් විතර හොයන එක ලේසි වැඩක් නෙමේ.ඒත් කොහොමහරි ඒ වැඩේ පටන් ගත්ත.මුලින්ම film festival එකක් කරල ඊටපස්සෙ badminton tournament එකක් කරන්න තමයි හිතාගත්තෙ.film festival එකක් කරන්න වියදම් යන්නෙ ටිකට් වලට විතරයි.ඒත් එක සාමාන්‍ය දෙයක් නිසා ඒක අලුත් විදිහකට කරන්න හිතල තමයි 3D films පෙන්නන්න තීරණය කලේ.


ඒකට ඕන වෙන glassඑකක් රුපියල් 40 ගානෙ දෙහිවලින් ගෙනාව.filmsපෙන්නන්නෙ Civil Auditorium එකේ නිසා seats 300ක් විතර තමා තිබුනෙ.මුලින් තීරණය කරල තිබුනෙ මාතා,Naan ee,Madagaskar 3(3D),Abraham Lincoln and the vampire Hunters(3D) කියන 4 පෙන්නන්න.ඒත් මාතා පෙන්නන්න තිබුනු දවසට දවස් 2කට කලින් වෙනකම්ම ඒ film එක හොයාගන්න බැරි උනා.ඒ නිසා ඒ වෙනුවට Amazing spider man (3D) පෙන්නන්න තීරණය කලා. 3D film එකක ටිකට් එක රුපියල් 100ටත්, Naan ee (Tamil) ෆිල්ම් එකේ ටිකට් එක රුපියල් 50ටත් විකුණුවෙ.වැඩිම ටිකට් ගාණක් විකුණුනේ ‍ Abraham Lincoln and the vampire Hunters ෆිල්ම් එකේ.අන්තිමට Film festival එකේ ලාභය රු.60 000ක් විතර උනා.ලංකාවෙ campus එකක මුලින්ම 3D film පෙන්නුවෙ අපි.



AIESEC is the world’s largest youth leadership development organization.අපේ campus එකේ තියෙන වැදගත්ම, ලොකුම organization එකක් තමයි Aiesec කියන්නෙ.ඒක දැනට රටවල් 110ක විතර ක්‍රියාත්මක වෙන Club එකක්.ඒකෙ ඉන්නෙ campus ළමයි විතරයි.ලංකාවෙ Campus 4ක විතරයි තියෙන්නෙ.අපේ Aiesec Region එක තමයි Colombo South (CS).CS ලංකාවෙ හොඳම Aiesec Region එක.එකෙන් ප්‍රධාන වශයෙන් Projects 3ක් කරනව.ඒ තමයි,

·        OGX (outgoing Exchange)
·        GIP(Global Internship programme)
·        GCDP(Global community development project)

මම ඉන්නෙ OGX එකේ.ඒකෙ ප්‍රධාන functions 2ක් තියෙනව.GIP & GCDP .මම තවම අලුත් නිසා ලොකු දෙයක් කියන්න බෑ.දැනට ඒ ටික තමා.


We are the only generation who have seen:

01-02-03       (01/02/2003)                          
02-03-04       (02/03/2004)
03-04-05       (03/04/2005)
04-05-06       (04/05/2006)
05-06-07       (05/06/2007)
06-07-08       (06/07/2008)
07-08-09       (07/08/2009)
08-09-10       (08/09/2010)
09-10-11       (09/10/2011)
&
Let’s celebrate 10-11-12 :)


මාස 4කට ලං වෙන්න වහල තිබුනු campus 10/14 ආයෙ විවෘත කලා.අපිට විවෘත කලේ 22 වෙනිද. S.B ඇමතිවරය පුදුම විදිහට සවුත්තු වෙලා තමයි තිබුනෙ ඒ වෙද්දි.මේකෙන් වැඩියම බලපැමක් ඇති උනේ level 4 අයට.strike එක තිබ්බෙ නැත්නම් එයාල මේ වෙද්දි pass out වෙලා.ඒත් දැන් තවත් මාස 3ක් විතර ඉන්න වෙනව එයාලට.අපිටත් බලපෑව.ඒත් අපිට ඉස්සරහට තියන නිවාඩු කපල degree එක ඉක්මනට දෙන්න පුලුවන්.level 3 අයට කිසිම බලපැමක් මේකෙන් උනේ නෑ.මොකද එයාල ඒ වෙද්දි training ගිහින් හිටපු නිසා.එයාලට පහු වෙන්නෙ නෑ. Level 4 අයට රෑ 7 විතර වෙනකම් lectures තියෙයි. මම මේ කිව්වෙ engineering අය ගැන. කොහොමත් මොර‍ටුව campus එක කියන්නෙ engineering faculty එක තමා.


පොඩි කාලෙදි මම සීතල වතුර නාන්න කැමතිම නෑ.මොකද එකපාරට සෙතල වතුර ඇඟට වැටෙනකොට ටිකක් වෙලා යනකම් මොකක්ද වගේ වෙනව.දැනුත් වතුර ටිකක් රස්නියට තිය්නවනම් කැමති.ඒත් ඉස්සර නාන්න යද්දි මුලින් ඔලුව ටිකක් තෙමාගෙන,ඊටපස්සෙ ටික ටික තමා හරියට නාන්න පටන් ගන්නෙ.


මම මුලින්ම කියපු කා‍ටුන් චරිත, පොඩි කාලෙ වීරයො ගොඩක් අය පහල රූපයෙ ඉන්නව.ඒ හැම එකම මම බලල තියන්ව. ;)



පොඩි කාලෙ අම්ම,තාත්ත වෙලාව ඇහුවම කියන්නෙ මෙහෙමයි.අවුරුදු 5,6 වෙනකොට ඔර්ලෝසුවෙන් වෙලාව කියවන්න ඉගන ගන්නකම් වෙලාව කියන්නෙ "ලොකු කට්ට මෙතන,පොඩි කට්ට අතන "කියල තමා.දැන් ළමයි උනත් එහෙම වෙන්න ඇති.එහෙම කිව්වම අම්මල වෙලාව හිතාගන්නව.

ඉස්සර තිබුන එකම පෑනෙ පාට 5කින් විතර ලියන්න පුලුවන් බට.අවශ්‍ය පාට ‍තෝරල එබුවම ඒ පාටින් ලියන්න පුලුවන්.ඒ කාලෙ ඒව ජනප්‍රියයි.හැබැයි ඒව තිබ්බෙ පොඩිම කාලෙ නෙමෙ.5,6,7 වසරවල වගේ මට මතක හැටියට.මම කියන්න හැදුවෙ ඒ පෑනෙ පාට බට ඔක්කොම එක පාර පහලට ඔබන්න උත්සාහ කරල තියනව කියන එක.


දැන් පොඩි ළමයින්ටත් එක එක තාක්ෂණික උපකරන තිය්නව ගොඩක් වෙලාවට.ඒත් අපි පොඩි කාලෙ එහෙම නෙමේ.අලුතින් පැන්සල් පෙට්ටියක් හම්බුනත් ලොකු සතුටක් දැනුනෙ.අලුතින් කවක‍ටු පෙට්ටියක් හම්බුනාම දැන් ළමයෙක්ට අලුතින් phone එකක් හම්බුනා වගේ සතුටක් දැනුනෙ.


මගෙ පොඩිම කාලෙ හිටපු යාලුවො වගයක් කියල කිව්වනෙ දිමි ගැන.තවත් මතක් වෙන සත්තු ටික දෙනෙක් තමා බත් කූරොයි,මාලුයි කියන්නෙ.අපේ ගෙට එහ පැත්තෙ තිබුනු වත්තෙ ගස් ගොඩක් තිබුන.ඉතින් ඒකෙ නිතරම බත් කූරො ගොඩක් හිටිය.එක එක විදිහෙ,එක එක පාට කූරො හිටිය.තව ළමයෙක් එක්ක මම උන්ව අල්ලනව ඉස්සර.ඒ කාලෙ උන්ව හොඳට අල්ලන්න පුලුවන්.ඒත් අල්ලල අත අරිනව.

මම පොඩි කාලෙ මැද්දෙගම පන්සලට ගියාම දවසක් බල්ලෙක් පිටිපස්සෙන් ඇවිත් කකුල හැපුව.මට තේරුනේ මගෙ කකුල කතුරකින් ඇල්ලුව වගේ.පස්සෙ බලද්දි බල්ලෙක්.එවෙලෙ මම හොඳටම ඇඬුව.ඊටපස්සෙ රාගම ගිහින් බේතුත් විදගත්ත.ඊටපස්සෙ මම ඒ පන්සලට ගියෙම නෑ මතක විදිහට.ඉස්සර අපි ගොඩක් වෙලාවට ඒ පන්සලට ගියා.උඩට නැග්ගම මුලු පැත්තම හොඳට පේනව.මේ පැත්තෙ තියන ගොඩක් පන්සල් එහෙමයි.උඩට නගින්න තියෙනව.

මට මතක තියන පොඩිම කාලෙ එක ගියෙ අපේ මොන්ටිසෝරියෙන්.ඒ එක බලන්න.ඒ කාලෙ මම වැඩිය මුහුද දැකල තිබ්බෙ නෑ.ගාලු පාර යද්දි ඉස්සර ගොඩක් තැන්වලදි මුහුද හොඳට පෙනුන.මුහුද දකින දකින් සැරේට අපි කෑගැහුවෙ මුහුද බලන්න යමු කියල,ඒත් ඒ එකෙන් මුහුද බලන්න ගියෙ නෑ.දැන්නම් ගාලු පාරෙ දෙහිවල යද්දි මුහුද පේන්නෙ තැන් 2,3කදි විතරයි.


පොඩි කාලෙ කරපු සෙල්ලම් ගැන කලින් ටිකක් කිව්වනෙ.ඒ කාලෙ ගේ ඇතුලෙදි ලොකු රෙදි එහෙට මෙහෙට ගැට ගහල කාම්ර වගේ හදල පොඩි ගෙවල් හදනව.මල්ලියි,නන්ගියි එක්ක තමා එහෙම සෙල්ලම් කරන්නෙ.ඒව ඇතුලෙ හැංගෙන සෙල්ලම් කරනව.අපේ ගේ ලඟ ක්‍රිකට් ගහපු හැටි කලින් කිව්වනෙ.අපේ තාත්තගෙ ගමෙත් ගිහින් ඉස්සර ක්‍රිකට් ගහනව.එහෙ තිබුන එහෙම ක්‍රිකට් ගහන්න පුලුවන් ලස්සන තැන්.දැන්නම් එහෙත් ඒ තැන්වල ගෙවල් හදල.

ඉස්සර එහෙදි තාත්තල වෙලේ එල්ලෙ එකක් ගැහුව මට මතකයි.කට්ටිය වෙලේ එරි එරි දුවද්දි හරියට හිනා යනව.ඒත් දැන් ගොඩක් කාලෙකින් එහෙම එකක් ගැහුවෙ නෑ. එහෙ ගමේ අපේ වයසෙ අය,පොඩි අය ගොඩක් ඉන්නව.අපි ඉස්සර එහෙ යනකොට වටේ ගෙවල්වල ඉන්න ඔක්කොම අය දුවන් එනව සෙල්ලම් කරන්න.එතකොට එක එක සෙල්ලම් කරන්න පුලුවන්.ඒත් දැන් එහෙ හිටපු සමහරු වෙන ගම්වල ඉන්නෙ.සමහර අයට වැඩ.ඒ නිසා දැන් ඉස්සර වගේ සෙල්ලම් කරන්නෙ නෑ.
අපේ වත්තෙ පහල දං තිබුන ඉස්සර හරියට.7 වසරෙ සිංහල පොතේ පාඩමක තියෙනව දං ගැන. කවියක තියන කෑල්ලක්.

"කදු බෑවුමක දං බෝවිටි පඳුරු තලා"

කියල.ඒ කාලෙ ඉස්කෝලෙ  miss දං ගැන කියල ඒව දැකල තියන,කාල තියන අය අත උස්සන්න කිව්ව.මමයි,තව 2,3 දෙනෙකුයි විතරයි අත ඉස්සුවෙ.ඊටපස්සෙ මට එහා පැත්තෙ හිටපු ළමය,තව ළමයෙක් කිව්ව පුලුවන්නම් ඒව ගෙනත් දෙන්න කියල.මම ඉතින් එයාලට ඒව ගෙනිහින් දුන්න.


මේ දවස්වල හරියට වහිනව.මම පොඩි කාලෙ ඉඳන්ම ආසයි රෑට වහිනවනම්. කිව්වෙ නිදාගන්න වෙලාවට වහිනකොට හොඳට ගුලි වෙලා නිදාගන්න ආස නිසා.සීතලට හොඳට සැපට නින්ද යනව.වැස්ස දිහා බලන් ඉඳිද්දි මතක් වෙනව පොඩි කාලෙ වැස්ස වෙලාවට කරපු දේවල්.පොඩි කාලෙදි ඉස්කෝලෙදිනම් වැස්සට සෙල්ලම් කරනව ඉඳල හිටල.වැස්ස දවසට අපේ ගෙට එහා පැත්තෙ ඉඩමෙ තැන තැන වතුර වලවල් හැදෙනව.ඒව තියෙන්නෙ තණකොල අස්සෙ නිසා වැඩිය පේන්නෙ නෑ.ඒත් ඒව උඩින් අඩිය තිය තිය යන්න ඉස්සර මම ආසයි.(පොඩි කාලෙනෙ) ඊටත් පහලින් තිබුන ටිකක් ලොකු වතුර වලක්.ඒක දැන් නෑ.ඒකෙ කෙසෙල් කොට වලින් ඔරු හදල පදින හැටි හිතෙන් මැව්වත් කවදාවත් ඒව ක්‍රියාත්මක කරල නෑ.

ඉස්සර වහිද්දි අපේ වත්තටත් හරි වේගෙන් වතුර ගලන් එනව පාරෙ ඉඳන්.ඒවට ගොඩක් වෙලාවට මිදුල,කණ්ඩි කඩන් යනව. වැස්ස වෙලාවට පොඩි කාලෙ ඉගන ගත්තු ඔරු හදල යවනව ඉස්සර.ඒ ඔරු යවන්න පුලුවන් තරමට වතුර පාරවල් හැදුනෙ ඉස්සර වහිද්දි.ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබුන ජපන් ඔරිගාමී කලාව.ඔරිගාමී කලාව පාවිච්චි කරල අපිට කඩදාසි වලින් එක එක නිර්මාණ කරන්න පුලුවන්.ඒත් දැන් ඒ කලාව ගොඩක් අයට අමතකම වෙලා ගිහින්.ඉස්සරනම් ඒ ගැන ඉස්කෝලවලත් ඉගැන්නුව.ටීවී එකෙත් වැඩසටහන් ගියා.