My Story

My Thoughts,My Experiences and something more....

බංග්ලාදෙශෙ තිබුනු ආසියානු ක්‍රිකට් කුසලානෙ දිනුවෙ ලංකාව. අන්තිම තර‍ඟෙට ආවෙ ලංකාවයි, පාකිස්තානෙයි. ලකුණු 260ක් කරන්න තිබුනෙ. 51 වෙද්දි ලංකාවෙ විකට් 3ක් ගියා. ඊටපස්සෙ මහේලයි, තිරිමාන්නයි දිගටම ගහල තර‍ඟෙ දිනුව. මහේල අසූ ගාණක් ගැහුව. තිරිමාන්න ශතකයක් ගත්ත. 



අපි ඒ දවස්වල හිටියෙ rotating section එකේ. ඒකෙ තමයි කමල් ජනකගෙ තාත්ත හිටියෙ. එයා අපිට ගොඩක් උදව් කලා. මොකද කමල් අපේ mechanical එකේ ළමයෙක් නිසා. අපිව kelaniya water treatment plant එකට එක්කන් යන්න එය උදව් කලා. උදේම plant ගිය වාහනේකින් අපි plant එකට ගියා. ගිහින් ටිකක් හවස් වෙනකම් ඒක බලල ආයෙ refinery එකට යන වාහනේකම ආව.ඒකෙන් තමයි refinery එකට ඕන වතුර පිරිසිදු කරල අරගන්නෙ.



share market එකෙන් money withdraw කරපු පලමු වතාව තමයි ඒ. එදා චෙක් එකකින් 7756/= ක් ඇවිත් තිබුන ගෙදරට.


මේ නංගි ඉස්කොලෙන් ගිය trip එකක්. නුවරඑලි ගියෙ. දවස් 2ක trip එකක්.











අපේ පන්සලේ අලුතින් දහම් පාසලක් පටන් ගත්තු දවස තමයි මේ. හාමුදුරුවන්ට ලොකු උවමනාවක් තිබුන දහම් පාසලක් පටන් ගන්න. ඒකට තිඹිරිගම පන්සලෙනුත් උදව් හම්බුනා. අපේ අම්මයි ,තාත්තයි , තව කීපදෙනෙකුයි තමා ඒක පටන් ගන්න මූලිකව වැඩ කලේ.




ඒ කාලෙ තිබුනෙ එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුවක්. එතකොට රටේ බලය තියෙන පක්ෂෙ වෘත්තිය සමිතියට තමයි petroleum එකෙත් බලය ලැබෙන්නෙ. ඉතින් සංධානෙ වෘත්ටිය සමිතියෙ නායකය ‍තෝරන්න ලොකු සටනක් යනව. ඒක ‍තෝරන්නෙ ඡන්දෙකින්. මේ පාරත් දෙන්නෙක් ඉදිරිපත් උනා. එක්කෙනෙක් තමයි සමන් කුමාර. දිනුවෙ සමන් කුමාර. ඡන්දෙ තිබ්බෙ training centre එකේ. අපි පැත්තකට වෙලා බලන් හිටිය ඡන්දෙ දාන වෙලේ.  

අපිත් එක්ක මාස 2කට වඩා එකට හිටපු පේරාදෙනියෙ engineering කට්ටිය (එයාලත් අපි වගේම in plant training එකට ආපු අය) petroleum ආපු අන්තිම දවස තමා එදා. එයාලගෙ දෙවෙනි training එකත් ඉවර උනා එදා. එයාල යද්දි අපි පොඩි සිහිවටනයකුත් දුන්න අපිව මතක් වෙන්න. ඊටපස්සෙ දවසෙ petroleum එකේ ඡන්දෙ නිසා එයාල දවසක් කලින් ගියා.ඒ වෙද්දි රුහුණෙ engneering අයත් ඇවිත් හිටියත් අපි එක්ක ගොඩක්ම හිතවත් උනේ පේරදෙනියෙ කට්ටිය තමා. රුහුණෙයි, පේරාදෙණියෙයි කට්ටියට මාස 3 ගානෙ training 2ක් තියෙනව. අපිට තියෙන්නෙ මාස 6ක එක training එකක්.








මේ පාර අලුත් අවුරුද්ද සමරද්දි හිටියෙ petroleum එකේ. ජනවාරි පලවෙනිද නිවාඩු දවසක් නොවුන නිසා petroleum එකට යන්න වුනා. ඒකෙ අලුත් අවුරුදු party තිබුන. උදෙන්ම හැමෝවම එකතු කරල ‍රැස්වීමක් තියල Refinery manager (RM) කතා කලා. ඊටපස්සෙ canteen එකේ තිබුනු සංග්‍රහය හැමෝම භුක්ති වින්දා. අන්තිමට කාගන්න බැරි තරම් කෑම තිබුන. හැමෝම ඊටපස්සෙ හැම section එකකටම ගිහින් හැමෝටම සුබ පැතුව. අපිත් කට්ටිය එක්ක හැම section එකටම ගිහින් සුබ පැතුව. අපේ අයනම් ගොඩක්ම එහෙම ගියෙ එතකොට හැම section එකෙන්ම කන්න පුලුවන් නිසා. training centre එකෙත් තිබුන හොඳ පාටියක්.