My Story

My Thoughts,My Experiences and something more....




මේත් AETI ආපු දවසක්.ඊලඟ දවසෙ අපේ campus එකේ picketing එකකුත් තියනව.ඒකට ඉන්නයි,බෝඩිමේ යාලුවො 4දෙනෙක්ගෙ birthday party එකට ඉන්නයි නිසා එදා හවස බෝඩිමට යන්න හිටියෙ.පුරුදු විදිහට 9.30ට විතර class එක පටන් අරන් 1interval එකත් දුන්න.බත් එහෙම කාල desert වලට පැනි කජු අයිස් ගත්ත.ඊටපස්සෙ හැඳි 8ක් දුන්න 8 දෙනාට.ඊට කලින් දවසෙ යාලුවෙක්(Mr. rowing) කියපු දෙයක් නිසා අපි කට්ටිය සුදු පාට හැඳි වලට පොර කෑව.එයා කිව්වෙ ප්‍රතිචක්‍රීකරනයෙන් සුදු පාට හැඳි හදන්න බෑ,අනිත් පාට ඒව හදන්න පුලුවන් කියල.ඒක ඇත්ත.ඒ නිසා අලුත් හැන්දක් ගන්නයි කට්ටිය පොර කෑවෙ.මාත් කොහොමහරි සුදු පාට හැඳි 2න් එකක් අරගත්ත.;)
එදා Mr. අර්තාපල්ගෙ 22nd උපන් දිනේ.ඊට කලින් දවසෙ Mr. මල්ලිගෙ 22nd උපන් දිනේ.ඉතින් අපි ඒ දෙන්නට interval එකේ තෑගි දුන්න. සෙල්ලම් කාර්,T-shirt 2ක් ,රූං පෙත්තක් තමා තෑහි වලට තිබුනෙ. ;)
එදා හවස class ඉවර වෙලා බෝඩිමට ආව.ආපු ගමන් campus ගිහින් ඊලඟ දවසෙ picket තියන එකට සුදානම බලල ආව කට්ටිය වෙන බෝඩිමකට.එතකොට වෙලාව රෑ 9.45ට විතර ඇති.ඊටපස්සෙ birthday party එක දෙන අය කෑම ගේනකම් බලන් හිටිය.සින්දු එහෙමත් කිව්ව.රෑ 10.30ත් උනා.එතකොටයි කෑම ගෙනාවෙ.මටනම් fried rice එකේ ඔක්කොම කාගන්න බැරි උනා. කොහොමහරි එදා රෑ අපේ බෝඩිමට ඇවිත් නිදාගන්නකොට පාන්දර 3 උනා.


අද මං පලවෙනි පාරට Sunshine holdings company එකේ මගෙ shares විකිනුව.මම share  එකක් ගත්තෙ Rs.20.40 ට.විකිනුවෙ Rs. 26.10 ට.ඒත් ගොඩක් shares අරන් තිබුනෙ නැති නිසා ගොඩක් ලොකු වාසියක් නෑ.ඒත් මගෙ පලවෙනි Profit එක නිසා ගොඩක් සතු‍ටුයි.Sunshine holdings කියන්නෙ ගොඩක් හොඳ company එකක්.මේ දවස්වල කොටස් වෙලඳ පොල වැටිල උනත් මේ company එක හොඳ ප්‍රගතියක් පෙන්නුව.. මේක විකුනල ඊලඟට ගන්න ඉන්නෙ Swarnamahal Finances වල shares.ඒකත් මේ වගේ හොඳ profit දෙයි කියල හිතනව.කොහොමහරි මගෙ share market account එකේ ලොකු ගානක් හදාගන්න එකයි මගෙ අරමුණ.



මේ දවස් ටිකේ මම weekends වලට AETI(automobile engineering training institute)එකේ course එකකට යනවා.course එක තමයි Automobile mechanic .අපේ campus එකේ තවත් යාලුවො 9ක් එක්ක,ඔක්කොම 10ක් තමයි අපේ course එකේ ඉන්නෙ.මේ ආයතනෙ  තිබුනෙ ඔරුගොඩවත්තෙ.රජයෙ එකක්.Course එක දවස් 10 එකක්.engine එක ගැන හැම දෙයම උගන්නනව.පොඩි අවුලකට තිබුනෙ මේකෙ ටිකක් Ice ගහනව වැඩි.Scheduled time එක 8-5 උනත් පටන් ගනිද්දි 9.15වත් වෙනව.ඊටපස්සෙ 11-12වෙනකම් Tea break .ආයෙ 1 ඉඳන් 2 වෙනකම් interval .4ට ඉවරයි.හරියට බැලුවොත් දවස් 5,6කින් මේක කරන්න පුලුවන්.
කොහොමහරි ඉතින් වාහනවල එන්ජින් ගැන ගොඩක් දේවල් මේකෙන් ඉගන ගත්ත. AETI එක ඇතුලෙ අලුතෙන් ගෙනාපු වාහන ගොඩක් තියල තිබුන.ඒව Mitsubishi company එකේ වාහන.මොකද AETI එක ජපානෙ Mitsubishi company එකෙන්  ලැබුනු ආධාරයක් ලු.එහෙම තිබුනු සමහර වාහනවල ඉස්සරහ රෝද වල Disc brakes ලාවට මලකඩ කාලත් තිබුන.

මේ දවස්වල ලංකාවෙ ජනප්‍රිය වෙලා තියෙන වාහනයක් තමා Hybrid Prius කියන්නෙ.petrol ලීටර් 1 කින් 25Km ක් ගමන් කරන්න පුලුවන් කියලයි කියන්නෙ.ඉතින් අනිත් car එක්ක බලද්දි ගොඩක් ලාබයිනෙ.මාත් hybrid කාර් එකකට ආසයි.:)

AETI එක ඇරිල බස් එකට නගින්න එතන තියෙන Baseline road එකෙන් පාර මාරු වෙලා එහා පැත්තට යන්න ඕන.Baseline rd  කියන්නෙ වාහන ඉවරයක් නැතුව යන පාරක් නෙ.ඒ පාරෙ කහ ඉරකින් උනත් පාර මාරු වෙන්න ටිකක් අමාරුයි.ගිය සතියෙ ඔහොම පාර මාරු වෙන්න යද්දිත් හරියට වාහන.එන්නෙත් හරි වේගෙන්.ඒත් එක පාරටම එහෙම ආපු කාර් එකක් නතර කලා අපිට පාර පනින්න දීල.අපි ඔක්කොටම පුදුමයි මේකට.මොකද එවෙලෙ අනිත් වාහන ඔක්කොම වේගෙන් යද්දි මේක විතරක් එහෙම නතර කරපු එකට.

කොහොමහරි ඉතින් පාර පැනල ඒ කාර් එක දිහා බලද්දි දැක්කෙ ඒක Hybrid එකක් කියල.එවෙලෙම යාලුවෙක් කිව්ව හිනා වෙවී "අය්යෝ,ඒක Hybrid එකක්නෙ,ඒකයි නැවැත්තුවෙ,Brake ගහන තරමට මිනිහට වාසිනෙ" කියල. කට්ටියටම ඉතින් ඒක හිනා. හේතුව මේකයි.ගොඩක් අය දන්නව ඒක.hybrid කාර් brake ගහද්දි ඒකෙ තියෙන battery එක charge වෙනව.එහෙම වුනාම එකෙනුත් යම් දුරක් යන්න පුලුවන් hybrid කාර් වලට.battery එකෙනුයි,petrol වලිනුයි යන්න පුලුවන් නිසා මේවට පෙට්‍රොල් ලීටර් 1කින් ගොඩක් දුර යන්න පුලුවන්. ඒකට battery එක charge කරගන්න ඕන.


ඉතින් එදාත් අර ගෑනු ලමයා අර විදිහටම සර්ගෙ අවධානය ගන්න ගොඩක් දේවල් කලා.ඒත් ඉතින් මාත් එයාට කලින් සර් දුන්නු ගණන් ගොඩක් හැදුව.මේ කෙල්ල දුෂ්‍යන්ත සර්ගෙත් class එන කෙල්ලෙක්.මාත් දුෂ්‍යන්ත සර්ගෙ class ගියා මුල ඉඳන්ම.දවසක් මම දුෂ්‍යන්ත සර්ගෙ class එනකොට class එකේ gate එක ලඟට වෙලා මේ කෙල්ල මා දිහා බලන් හිටිය.එක පාරටම එවෙලෙ මා දිහා බලල හිනා වුනා..ඒත් මම නිකම් එයාගෙ මූන දිහා බැලුව මිසක් හිනා උනේ නෑ.class එකට ගිහින් ඉන්නකොට මට ඒකට හරි upset හිතුනා.එදා දවස එහෙම ගෙවිල ගියා.

පුරුදු විදිහට ඊලඟ සතියෙත් මම රුවන් සර්ගෙ class ගියා.එදාත් එයා හිටියෙ ධනුක අල්ලගෙන හිටපු desk එකට ඉස්සරහ desk එකේ.class එකේදි කෙල්ලො එක්ක කතා කරන්න බැරි නිසා එදා උනු දේයට මුකුත් කියන්න ඕන කියල හිතුනු නිසා ඒක කරන්නෙ කොහොමද කියල කල්පනා කලා.එකපාරටම මතක් වුනේ එදා හිනා උනේ නැතුවට sorry “කියල කොලේක ලියල එයාගෙ අතට දෙන්න.(මෙහෙම මෝඩ වැඩකුත් කලා).ඉතින් ටක් ගාල chit එකක එහෙම ලියල එයාට තට්‍ටු කරල එයාගෙ අතට දුන්න chit එක.

Chit ලියල පුරුද්දක් නැති මට එවෙලෙම ඒකෙ විපාක ලැබුනා.එයාගෙ අතට එක දුන්නම එයා ඒක කියවල බලයි කියල මං හිතුවට සිද්ද උනේ වෙන දෙයක්.එයා කලේ එක බලන්නෙවත් නැතුව සර්ට යවපු එක.එයා හිතල තියෙන්නෙ මං ඒක සර්ට යවපු chit එකක් කියල.ඉතින් කොහොමහරි ඒක සර්ටම ගියා.සර්ට වැඩ පෙන්නල ,සර්ව ලඟට ගෙන්නගෙන ගණන් අහගෙන එහෙම හිටපු නිසා එතකොට සර්ට මගෙ අත් අකුරු හොඳට පුරුදුයි.

ඉතින් එක දැකපු ගමන් සර් මා දිහා බලල සවුත්තු හිනාවක් දැම්ම.වෙලාවට ඒක දන්නෙ මමයි,ධනුකයි,සර් විතරයි.class එකේ ඔක්කොම දැන ගත්තනම් ඉතින් ආයෙ යන්න නෙමේනෙ.;). ඊටපස්සෙ ඉතින් මං ආයෙ එයා එක්ක හිනා වෙන්න ගියෙත් නෑ.


මේ දවස් වල strike නෙ.ඉතින් ගෙදර ඉඳන් කරන්න මුකුත් විශේෂ දෙයකුත් නැහැ.ගොඩක්ම කලේ film බලපු එක.ඒව බලද්දි English ඉගන ගන්නත් try කලා.කොහොමහරි මං බලල තියෙන film ගැන කියන්න තමා මේ post එක දාන්නෙ.මෙච්චර කාලෙකට බලපු film වලින් මං ආසම එකක් තමයි Lord of the rings.ඒකෙ ඉන්න Aragon ට ගොඩක් ආසයි.ඒකෙ music,පරිසරය,background  ඔක්කොම ගොඩක් ලස්සනට කරල තියෙනව.ඒක වෙන්න ඇති Oscar සම්මාන රාශියක් ලබා ගන්නත් හේතුව.
පහු ගිය කාලෙ ප්‍රසිද්ද උනු තවත් film  එකක් තමයි Avatar.ඒකත් ලස්සන film එකක්.බෝඩිමේ ඉන්නකොට වෙලාවක් තිබ්බොත් ඉතින් film එකක් බලනව.මම ගොඩක්ම ආස English film වලට.ඒත් සෙව් ආස Hindi film වලට. ගෑනු ලමයිගෙ හැටි වෙන්න ඇතිනෙ ;).එයා film බලන්නත් වැඩිය ආස නෑ.
Thor වගෙම green lantern film එකත් මගෙ හිතට ගොඩක් අල්ලපු film 2ක්.ඒ 2කේම තියෙන්නෙ සුපිරි වීරයො 2නෙක් ගැන කතා.මං කැමතිම ඒ ජාතියෙ film වලට.කොහොමහරි thor film එකේ thor ට හොඳ personality එකක් තියනව.
 In time ‍ෆිල්ම් එකත් නරක නෑ.ඒකෙ තියෙන්නෙ අමුතුම අදහසකට ලියපු කතාවක්.ඒකෙ නිලියට ගොඩක් ආසයි මං.
Transformers film වලටත් මේ දවස් ටිකේ මං පිස්සු වැටිල වගේ ඉන්නෙ.ලස්සන ටිකක්.තවම ඒකෙ film 3යි ඇවිත් තියෙන්නෙ.ඒකෙ Optimus primeට ගොඩක් ආසයි මම. එයානෙ ඉතින් ඒ ටිකේ වීරයා.Echelon conspiracy film එක අපේ campus එකේ පෙන්නුව,එවෙලෙ මට බලන්න බැරි උනා.ඒත් පස්සෙ බැලුවම ඒකත් සාමාන්‍යෙන් හොඳ film එකක් කියල තේරුනා.
Chinese, Japanese film වල අමුතු විදිහෙ සටන් ක්‍රම තියෙන්නෙ.ඒව බලන්න ආස හිතෙනව.True legend film එකෙත් එහෙම තමයි.
Pirates of the Caribbean කියන්නෙත් ගොඩක් ප්‍රසිද්ධ film ටිකක්.මාත් ඒවට ගොඩක් ආසයි. Captain JACK කියන්නෙ කොහොම පිස්සෙක්ද කියල හිතෙනව ඒක බැලුවම.ඒත් ඒ අස්සෙ හැංගුනු ඔහුගෙ බුද්ධිය ඊට දෙවෙනි නෑ.ඒකෙත් තවම කතා 4යි ඇවිත් තියෙන්නෙ.
Equilibrium කියන්නෙ තවත් හොඳ film එකක්.ඒකෙ තියෙන fights ලස්සනට කරනවා. තව film ගොඩක් තියෙනව.මේ ටික මතක තිබුනු හොඳ film ටිකක් විතරයි


මේක මම ගිය AL-Combined maths එකක උනු දෙයක්.සර්ගෙ නම රුවන්.මම A/L කරන්න අරගෙන මුල්ම අවුරුද්දෙ Maths වලට ගියෙ දුෂ්‍යන්ත මහබදුගේ සර්ගෙ Class විතරයි.ඒත් ඊලඟ අවුරුද්ද මුල ඉඳන් (2008 February) රුවන් සර්ගෙත් යන්න ගත්ත.මගෙ යාලුවෙක් උනු ධනුකත් ඉන්න නිසා තමයි ඒකට ගියෙ.ඒක ටිකක් Group class එකක් වගේ එකක්.ලමයි වැඩියම හිටියෙත් නැහැ.මට ඉතින් ඒ කාලෙ ටිකක් කැපී පේන්නත් පොඩි ආසාවක් එහෙම තිබුනනෙ.ඉතින් ගිය දවසෙම සර් දුන්නු ගණන් ඔක්කොම පලවෙනියට හදල ඒ මදිවට සර්ව ලඟට ගෙන්නගෙන වෙන ගණන් ටිකකුත් අහගත්ත.මෙන්න මට කියල දීල සර් ගියා විතරයි ඉස්සරහ desk එකක හිටපු කෙල්ලෙකුත් එහෙම ගණන් ටිකක් අහගත්ත.මම ඉතින් ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ.පස්සෙ නිකමට දැක්ක එයා පිටිපස්ස හැරිල එක පාරක් මා දිහා බැලුව කියල.ඒකත් ඉතින් මම වැඩිය ගනන් ගත්තෙ නෑ.ඒත් ඊලඟ සතියෙ තමා මේකෙ පොඩි අවුලක් වගෙ දෙයක් තියන බව තේරුනේ.
Class එක පටන් ගත්තෙ 7ට උනාට මම යද්දි 7.10 විතර වෙනව.ඉතින් මට class  එකේ තැනක් අල්ලගෙන ඉන්නව ධනුක.මාත් 2වෙනි දවසෙ ගිහින් මට අල්ලල තිබුනු තැනින් ඉඳ ගත්ත.එදාත් ඉතින් අර වගේම එ කෙල්ල පැන පැන සර්ගෙන් ගණන් අහගත්ත.එදා තමා ධනුක එයා ගැන විස්තරේ කිව්වෙ.බලද්දි එයා තමා මං එන්න කලින් class එකෙ වැඩකාරි වගේ ඉඳල තියෙන්නෙ.ඉතින් මෙයා මට පෙන්නත් එක්ක එක එක දෙවල් කරල එයාගෙ තිබුනු තැන ‍රැක ගන්නලු හදන්නෙ.ඊලඟ දවසෙ ඇවිත් ඉඳගෙන බලද්දි එයා අපේ desk එකට ඉස්සරහ එකට ඇවිත්.


Share market එක එහෙම නැත්නම් කොටස් වෙලඳපොල ගැන අහල ඇතිනෙ?.මීට අවුරු 1 1/2කට 2කට කලින් කොලඹ කොටස් වෙලඳ පොල ලෝකයේ තිබුනු හොඳම කොටස් වෙලඳපොලක්.ඒත් ලංකාවෙ මහ බැංකුවෙ වත්මන් අධිපති කබ්‍රාල් මහතාගෙ වැරදි ප්‍රතිපත්ති නිසා මේ දවස්වල කොලඹ එක ගොඩක් වැටිල තියෙන්නෙ.මේ වැටීම පටන් ගත්තෙ මීට අවුරුද්දක විතර ඉඳන්.කොහොමහරි මාත් ඉතින් ආසාවට share market ගැන ඉගන ගන්න හිතාගෙන කොටස් හිමියෙක් වෙන්න ඕන කියල හිතුව.ඒක ට මොකද කරන්න ඕන කියල දැනගත්තෙ internet එකෙන්.

ඒවයින් දැනගත්තු විදිහට කරන්න ඕන එකම සහ පලවෙනි දෙය තමයි කොටස් වෙලඳපොල තැ‍රැව්කාර සමාගමකට ගිහින් CDS account එකකුයි,ඒ තැ‍රැව්කාර ආයතනයෙ account එකකුයි open කරන එක.ඉතින් campus ගිහින් එන ගමන් මේ වැඩේ කරන්න හිතාගෙන campus යන පාරෙ තියෙන broker company එකක් හොයා ගත්ත.ඒක තිබ්බෙ Majestic city(MC) එකේ.කොහොමහරි campus ගිහින් එන ගමන් MC එකට ගිහින් එකේ room එක හොයා ගත්ත.එදා තමයි MC එකට ගිය පලවෙනි වතාවත්.එදා account 2 open කරන්න application දීල ආව.දවස් 2කට පස්සෙ accounts open වෙලා තිබුන.ඒට පස්සෙ සතියෙම පොඩි මුදලක් තැන්පත් කලා.දැනට 2 පාරක් මුදල් තැන්පත් කරල තියෙනව.ඒවට හරියන විදිහට company 2shares අරන් තියෙන්නෙ මම දැනට.ඒ 2 තමයි,
11.     Sunshine Holdings PLC
22.   Commercial credit Finance.

මේවයෙ Cost per share ඉහල යනකම් ඉන්න වෙනව විකුනන්න නම්.



Mech-c කියන්නෙ අපේ mechanical department එකේ කොලඹ ඉස්කෝල වලින්,තව ඉස්කෝල කීපයකින් ආපු ලමයි set එකට අපිම දාගත්තු නම.තේරෙන විදිහට කිව්වොත් Mechanical- Colombo ගැට්ට. හැබැයි මේකට කොලඹ ඉස්කෝලවලින් ආපු හැම කෙනාම අයිති උනෙත් නෑ.සමහරු වෙනම හිටියෙ.ගැට්ට කියන්නෙ එකට ඉන්න ලමයි කට්ටියකට campus එකේ භාවිතා කරන නම. ඒ විදිහට තවත් ගැටි ගොඩක් තිබුන department එක ඇතුලෙ.මං ඉතින් නිතරම ඉන්නෙ mech-c එක එක්ක තමා.එකට ලමයි උපරිම 27ක් විතර ඉන්නව.ඒත් ගොඩක් වෙලවට 18ක් 20ක් විතර තමා එක පාරකට දකින්න පුලුවන්.ඒ වගේම lectures වලදි ගොඩක් වෙලාවට ඉඳ ගත්තෙත් එහෙමයි.තව ඉතින් අපි නැවතිලා ඉන්න බෝඩිම් වශයෙනුත් ඒ connection තියනව.කොහොමහරි ඒ හැම බෝඩිමකම මූලස්ථානය විදිහට වැඩ කරන්නෙත් මං ඉන්න බෝඩිම තමා.මොකද අපේ බෝඩිමේ ලමයි 21ක් ඉන්නව,ඒ හරියෙ තිබුනු ලොකුම බෝඩිමත් ඒක තමයි.බෝඩිම ගැන පස්සෙ කියන්න ඕන.

ඔන්න කාගෙහරි birth day එකක් ආවොත් එදාට mech-c එකේ පාටියක් දෙනවා.ගොඩක් වෙලාවට ඒක තියන්නෙ වල කැන්ටිමේ තමා.එතකොට mech-c එකෙන් එ birthday boypresent එකකුත් දෙනව එදාට.මටත් හම්බුනා laptop cover එකක් ගිය පාර එකට.තවත් අයට T-shirt එහෙම හම්බුනා.mech-c එකේ පලවෙනි Trip එක ගියෙත් mech-c එකේ යාලුවෙක්ගෙ ගෙදරට.ඒකත් නියම Trip එක.මේ කට්ටිය ගොඩක්ම එකතු වෙන්නෙ Exam එක ලං උනාම තමයි. Semester එක පුරාවට තිබුනු lectures තේරුනේ නැති අය තමා ගොඩක් ඉන්නෙ.ඉතින් මාස 3,4ක දේවල් සතියෙන්,2කෙන් කරන එක ලේසි වැඩක් නෙමෙනෙ.ඒකට කට්ටියම එකතු වෙලා කුප්පි දාගන්නවා.එක්කො අය්යල ගෙන්නල,එක්කො අපිම තමයි මේ කුප්පි කරන්නෙ.ඒවයින් ගොඩක් අය ගොඩ යනව.ඉතුරු වෙලාවෙ පාඩම් කරන්නත් කට්ටිය set වෙනවා.බස් එක තමයි අපි set වෙන තැනට කිව්වෙ.ඒක නිකම් බස් එකක වගේ පු‍ටු තියන තැනක් නිසා වෙන්න ඇති එහෙම කියන්නෙ.exam ලං වෙලා මෙහෙම පාඩම් කරල බෝඩිමට එන්නෙ ගොඩක් වෙලාවට රෑ 12 විතර වෙද්දි.ඒත් මමනම් ගොඩක් වෙලාවට රෑ 89ට එන්න තමයි බලන්නෙ.මොකද මට බස් එකේදි 10න් පස්සෙ නිදි මත හොඳටම එන නිසා. ඒ වගේම මුකුත් වලියක් යන්න ගියොත් ඔක්කොම එකට යන්නෙ ඒවට.මේක ඉතින් mech-c ගැන හැඳින්වීමක් තමා.