මේක
මම ගිය AL-Combined maths එකක උනු දෙයක්.සර්ගෙ නම රුවන්.මම A/L කරන්න අරගෙන මුල්ම අවුරුද්දෙ Maths
වලට ගියෙ දුෂ්යන්ත
මහබදුගේ සර්ගෙ Class විතරයි.ඒත් ඊලඟ අවුරුද්ද මුල ඉඳන් (2008 February) රුවන් සර්ගෙත් යන්න ගත්ත.මගෙ යාලුවෙක්
උනු ධනුකත් ඉන්න නිසා තමයි ඒකට ගියෙ.ඒක ටිකක් Group class එකක් වගේ එකක්.ලමයි වැඩියම හිටියෙත්
නැහැ.මට ඉතින් ඒ කාලෙ ටිකක් කැපී පේන්නත් පොඩි ආසාවක් එහෙම තිබුනනෙ.ඉතින් ගිය
දවසෙම සර් දුන්නු ගණන් ඔක්කොම පලවෙනියට හදල ඒ මදිවට සර්ව ලඟට ගෙන්නගෙන වෙන ගණන්
ටිකකුත් අහගත්ත.මෙන්න මට කියල දීල සර් ගියා විතරයි ඉස්සරහ desk
එකක හිටපු
කෙල්ලෙකුත් එහෙම ගණන් ටිකක් අහගත්ත.මම ඉතින් ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ.පස්සෙ නිකමට
දැක්ක එයා පිටිපස්ස හැරිල එක පාරක් මා දිහා බැලුව කියල.ඒකත් ඉතින් මම වැඩිය ගනන්
ගත්තෙ නෑ.ඒත් ඊලඟ සතියෙ තමා මේකෙ පොඩි අවුලක් වගෙ දෙයක් තියන බව තේරුනේ.
Class එක පටන් ගත්තෙ 7ට උනාට මම යද්දි 7.10 විතර වෙනව.ඉතින් මට
class එකේ තැනක් අල්ලගෙන ඉන්නව ධනුක.මාත් 2වෙනි දවසෙ ගිහින් මට අල්ලල තිබුනු
තැනින් ඉඳ ගත්ත.එදාත් ඉතින් අර වගේම එ කෙල්ල පැන පැන සර්ගෙන් ගණන් අහගත්ත.එදා තමා ධනුක
එයා ගැන විස්තරේ කිව්වෙ.බලද්දි එයා තමා මං එන්න කලින් class
එකෙ වැඩකාරි වගේ
ඉඳල තියෙන්නෙ.ඉතින් මෙයා මට පෙන්නත් එක්ක එක එක දෙවල් කරල එයාගෙ තිබුනු තැන රැක
ගන්නලු හදන්නෙ.ඊලඟ දවසෙ ඇවිත් ඉඳගෙන බලද්දි එයා අපේ desk
එකට ඉස්සරහ එකට
ඇවිත්.
0 comments:
Post a Comment