My Story

My Thoughts,My Experiences and something more....

exam එක ලං වෙලා නිසා අපේ වැඩේ පාඩම් කරන එක. ඒ අස්සෙ final year project එකේ demonstrations තියෙනව කියල මතක් වෙද්දිත් ඔලුව රිදෙනව. ඒ විදිහට තමයි ඒ දවස්වල වැඩ කලේ. ඒත් වෙලාවට  අපි ගැන හිතල academic staff එකෙන් demonstrations කල් දැම්ම මාසෙකින්. එතකොට අලුත් අවුරුද්දෙන් පස්සෙ තමා ඒක තියෙන්නෙ. ඒ නිසා අවුලක් නැතුව පාඩම් කරන්න පුලුවන්. ඒක මට ලොකු උදව්වක් උනා. මොකද මගෙ බලාපොරොත්තුව තිබ්බේ ලොකු GPA එකක් අරන් 2nd upper class එකක් ගන්න එක. ඒකට 3.8 ක විතර ලොකු GPA එකක් ගන්න ඕනෙ last semester exam එකේ. ලේසි වැඩක් නෙමේ. ඒත් කරන්නත් ඕනෙ. final year එකේ ‍subject තෝරගනිද්දිත් මන් පුලුවන් තරම් GPA එක වැඩි කරගන්න එක ගැන හිතලයි ‍තෝරගත්තෙ. 2nd upper class එකක් ගන්න බැරි උනොත් ඉතින් campus ආපු එකෙන් වැඩකුත් නෑ.

0 comments:

Post a Comment