My Story

My Thoughts,My Experiences and something more....


හැම බ්‍රහස්පතින්දම වගේ AIESEC LC meeting (local comittee meeting) තියෙනව.ඒත් මෙදා තිබුනු meeting එක ටිකක් විශේෂයි.ඒ හේතු කීපයක් නිසා.
1.AIESEC colombo south region මගින් පසු ගිය term එක තුල exchanges 125ක් සිදු කිරීම.
2.global GIP top sales හි 28වන ස්ථානයට aiesec colombo south හි අයෙක් තේරී සිටීම.
මේ 2ම ලංකාවෙ වෙන කිසිම LC එකකට කරගන්න බැරි උනු දේවල්.එදා මේ දේවල් සමරන්න AIESEC sri lanka member comittee (MC)එකෙනුත් 2නෙක්ව ගෙන්නල තිබුන.කේක් එහෙමත් තිබුන.ඊටපස්සෙ GIP top sales 28th place එක දිනාගත්තු පන්චාල් කතාවක් කලා.ඒකෙ කිව්වෙ ඒක එයා ලබපු ජයක් නෙමේ, colombo south LC එක ලබපු ජයක් කියල.කොහොමහරි ඒ කතාව ර උනාට පස්සෙ ඒ ගැන feedback එකක් දුන්නු member comittee එකේ අයිය කිව්ව "he said something like 'he is not the man ,but he is the man' " කියල.එදා meeting එකට කට්ටිය ගොඩක් ඇවිත් හිටිය.අලුතින් join උනු කට්ටියත් ඇවිත් හිටිය.


මේකත් Wing project එකේම කොටසක්.එකෙ තිබුනෙ SLIIT එකට ගිහින් තැන් තැන් වල ඉන්න ළමයි හම්බවෙලා project එක ගැන කියන්න.කියල එයාල කැමතිනම් එයාලගෙ නම්,විස්තර එහෙම අරගන්න. ගොඩක් වෙලාවට canteen එකේ හිටපු අයට තමයි විස්තර කිව්වෙ. ඒ ඔක්කොම English වලින් කියන්න තිබුනෙ.මමනම් 10 දෙනෙක්ට විතර තමා විස්තරෙ කිව්වෙ. අපේ Local comittee president අය්යනම් ගොඩක් අයට ඒක explain කරල දුන්න.මම ඒ වගේ දෙයක් කලාමයි ඒ.

ඒ විදිහට call කරල ටික දෙනෙක්ව interview කරන්න දවසක් දාගත්ත.එදා interview එක තිබුනෙ sliit එකේ.ඉතින් 10ට විතර ගියා sliit එකට.අපේ OGX එකේ කට්ටිය 4 දෙනෙක් විතර ඇවිත් හිටිය.දැන් interview එක පටන් ගන්න කලින් මේසයක් එහෙම හදල ලෑස්ති උනා.මම එදා තමයි පලවෙනි වතාවට කෙනෙක්ව interview කලේ.එවෙලෙ අපි 4 දෙනෙක් විතර එකතු වෙලා ඒ ආපු අයව interview කලා. අහන්න තිබුනෙ අමුතු ප්‍රශ්න ටිකක්. ඒ එයා රට ගියොත් ඉන්නෙ කොහොමද කියන විදිහෙ ප්‍රශ්න.කොහොමහරි 1 විතර වෙද්දි ඒ ටික ඉවර කරල ආයෙ campus ආව.


AIESEC එකේ මම මුලින්ම කරපු Project එක තමයි WING Project එක.Exchange participants ල හොයන එක තමයි ඒකෙ කලේ. අපේ main target එක උනේ SLIIT එක.SLIIT එකේ ඉන්න අයගෙන් AIESEC projects වලට යන්නකැමති කට්ටිය හොයන එක ලේසි වැඩක් උනේ නෑ.මොකද sliit එකේ lecture එකක් ඉවර උනාම ඒ කට්ටියට info session එකක් කරන්න permission ගන්න බෑ.ඒ නිසා ළමයි කතා කර කර ඉන්න වෙලාවට එයාල ලඟට ගිහින් විස්තරේ කියන එක තමයි කරන්නෙ. අපි ඔක්කොටම කලින් හදල තිබුන online registration form එකක්.ඒකට social media හරහා publicity දීල 40 දෙනෙක් විතර register උනා.


එයාලට call කරල විස්තරේ ඔක්කොම කියල එයාලගෙ කැමැත්ත ගන්න එක තමා ඊලඟට තිබුනෙ.ඒකට ඉතින් අපේ Team එකේ 3 දෙනා බෙදාගෙන කලා.
මේ projects වලට යනකොට Air ticket fee එක තමන් දරාගන්න ඕනෙ. ඒ රටේදි කෑම,accomodation ගමන් වියදම් නොමිලේ දෙනව.SKYPE හරහා කරන online interview එකකින් තේරුනොත් තමයි එයාට ඒ project එකට යන්න පුලුවන් වෙන්නෙ.


මේ මාර්තු මාසෙ කියන්නෙ අප්‍රියෙල් වලට කලින් මාසෙ.ඒ කාලෙට ගස්වල ලස්සනට මල් පිපෙනව. සමහර ගස් තනිකරම මල් වලින් වැහිල තියෙන්නෙ.  තව සමහර ගස් වල මල් බිමට වැටිල මුලු වටපිටාවම මල් උයනක් වගේ වෙලා. සාමාන්‍යෙන් මොර‍ටුව campus  එක කියන්නෙ අනිත් campus වලට සාපේක්ෂව ස්වභාව සෞන්දර්‍ය ටිකක් අඩු තැනක්.ලස්සන අඩු උනාට ලස්සන තැනුත් තියනව. කජු කැලේ,fashion design building එකට ඉස්සරහ ප්‍රදේශය වගේ තැන්වල ඒ විදිහෙ ලස්සනක් තියෙනව.මේ දවස්වල campus එකේ සමහර ගස්වලත් මල් පිපිල මල් වලින් වැහිල.ඒ ගස් දැක්කම ඒව අපේ campus එකේ තියන ගස් ද කියල හිතාගනත් බැරි තරම්.




linear algebra කියන්නෙ ටිකක් අමුතු එකක්. ගණන් උනාට අමුතුම ගණන්.  ඒ කිව්වෙ 1+0=1 ,a+0=a කියල ඔප්පු කරන එක,1.0=0 කියල ඔප්පු කරන එක වගේ දේවල් තියෙන්නෙ.මේ කිව්වෙ ඒකෙ තියෙන ලේසිම ඒව ටික විතරයි.ළමයිට සාමාන්‍යෙන් ලකුණු ගන්න ටිකක් අමාරු subject එකක් තමයි මේක. මේ ගණන් ජාතියට කියන nick name එක තමයි "නයා".ඉතින් ඒ විෂය උගන්නන කෙනාටත් ළමයි කියන්නෙ නයා කියල.නයා කියන්නෙ අපේ campus එකේ ගොඩක් ප්‍රසිද්ධ ජනප්‍රිය sir කෙනෙක්.ඒ එයාගෙ අමුතු කතා නිසයි, අමුතු හැසිරීම නිසයි. හිටපු ගමන් එක එක අමුතු කතා කියනකොට ළමයිටත් ඉතින් ජොලි. වචන ටිකක් තියෙනව නිතරම කියන.
"you are very intelligent people,so this is a very easy proof for you"
"silence please"
ළමයි එයාගෙන් අහන්නම කැමති වචනෙ තමයි "proof is omitted" කියන එක. හේතුව ඉතින් තේරෙනවනෙ. නයා subject එකේ ගොඩක් proofs තියෙනව. ඒව විභාගෙට එන නිසා කට පාඩම් කරගන්න ඕනෙ. කට පාඩම් කරනවට campus එකේ කියන්නෙ ගිරව දානව කියල. ගිරව් වගෙ කියන්නෙ ඉතින් ඒකටනෙ.
කොහොමහරි ඉතින් mid exam එක ලියලත් ආව. හිතුව තරම් අමාරු උනේ නෑ. ඒකට මට 10න් 8ක් තිබුන.