My Story

My Thoughts,My Experiences and something more....

මාව AIESEC එකේ OC එකට තේරණා. OCකියන්නෙ Organizing committe කියන එක. අලුතින් එන batch එකේ පොඩි අයට AIESEC එක ගැන දැනුවත් කරල,හැකියාව තියෙන, කැමති අයව AIESEC එකට ගන්න එක තමයි කරන්න තිබුනෙ.ඒක ඉතින් එච්චර අමාරු වැඩක් නෙමෙයි.පොඩි පොඩි events වගයක් organize කරන්න එහෙම තිබුනෙ oc එකෙන්.


අපේ ගමේ අලුත් අවුරුදු දවසෙ ක්‍රිකට් තරඟයක් තියනව. විවාහක,අවිවාහක, ඇහින්දාස් වගේ නම් දාගෙන එක එක teams ගහනව.මං මේ අවුරුද්දෙත් අවිවාහක team එකේ හිටිය.ගිය අවුරුද්දෙත් මම හිටිය.මේ අවුරුද්දෙ මම ලකුණු 17ක් ගත්ත. අපේ එකේ වැඩිම ලකුණු ගත්තෙ මම ;).ඒත් අපි match එක පැරදුනා.අසිත කියල කෙනෙක්ගෙ ඕවරෙන් තමයි අපි match එක පැරදුනේ.


2012 OL results ආවෙ 6 වෙනිද.ඒක විශේෂ උනේ අපේ නංගි විභාගේ ලියපු නිසා.නංගි බයේ හිටියෙ නැ‍ටුම් වලට A තියෙන එකක් නෑ කියල.ඒ වගේම ආවෙ A 8යි, B1 යි.B තිබුනෙ නැ‍ටුම් වලට.එයාට ඉතින් ඒකට ටිකක් අප්සට්. recorrection දාන්නත් හිටියෙ.අම්ම එහෙම කිව්ව කමක් නෑ,අනිත් ඔක්කොටම A තියෙන්නෙ කියල.සෙව්ගෙ මල්ලිටත් results ඇවිත් තිබුන.එයාගෙත් IT වලට A තිබුන. English වලට B තිබුන. අනිත් ඒව මට හරියට මතක නෑ.



ලෝකෙ රටවල් 6ක හොඳම ‍campus cricket teams තෝරල ඒව අතරෙ world cup එකක් තිබුන ලංකාවෙදි. ඒකට ආපු රටවල් මට මතක විදිහට sri lanka,australia,india,bangladesh,england,pakistan.ලංකාවෙන් ඒකට තේරුණේ අපේ campus එකේ cricket team එක. මොකද අපේ campus එකේ team එක තමයි ලංකාවෙ හොඳම campus team එක.පලවෙනි වටේදි පලවෙනි match එක අපි බංගලාදේශෙට පැරදුනා.ඊටපස්සෙ එංගලන්තෙ එක්ක match එක දිනුව.ඒ විදිහට semi final වෙනකම්ම ආව.අපි බලන්න ගියෙ 4 වෙනිද තිබුනු match එක.එදාම තමයි මම මුලින්ම කොලඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණේට ගියෙ.අපේ mech එකේ කට්ටියක් තමයි ගියෙ. එදා match එකත් අපි දිනුව.
නඩා හිටියෙ water boyට ;) .පිට්ටනියෙ එහා කොනේ ඉඳන් මෙහා කොනට දුවන එක තමයි  නඩාගෙ වැඩේ.මොකද නඩා හිටියෙ 15 දෙනාගෙ squad එකට නිසා.
අපි semi final එකේදි ඉන්දියාවට පැරදුනා.ඉන්දියාව ඕවර් 20ට ලකුණු 210ක් ගහල.අපි ඊටපස්සෙ ගහද්දි 56ට විකට් 5ක් ගිහින්.ඒත් කොහොමහරි 194ක් ගහල.



මේක තමයි මං කරපු දෙවෙනි interview එක.එදත් හවස 3ට විතර කෙනෙක්ට එන්න කියල එයාව interview කලා.මමයි, ඉශානුයි තමයි interview කරන්න හිටියෙ.එදත් කලවමේ එක එක ප්‍රශ්න ඇහුව.විනාඩි 20න් විතර interview එක ඉවර උනා.ඊටපස්සෙ මම ගෙදර ආව.

මාර්තු මාසෙ උපන්දින ටික ඔක්කොම එකම දවසක සමරන්න K-Zone එකට ගියා.එද සැමරුවෙ විමුක්ති,ශ්‍රීලාල්(lal), අමිල ගයාන් (y not) ,මිලින්ද(mr), කමල් ජනක, මධුසංඛ නිරෝශන්(raaja) කියන අයගෙ උපන්දින.වෙනද වගේම උපන්දිනේ සමරල, කෑම කාල ආව.