My Story

My Thoughts,My Experiences and something more....


ඇමරිකාවෙ google සමාගමේ search engine එක ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධයි.ලෝකෙ වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවිය තමයි ඒක.ඒ google ලාංඡනය විශේෂ දවස්වලට වෙනස් කරනව ලෝකෙට එහෙම විශේෂ සිදුවීම් ගැන දැනුවත් කරන්න.ඒවට කියන්නෙ doodles කියල.සමහර රටවල ජාතික දිනේට,විශේෂ පුද්ගලයන්ගෙ උපන්දිනේට,එක එක උත්සව තියන දවස්වලට එහෙම මේව දානව.මීට කලින් කවදාවත් google එකෙන් අපේ රටේ නිදහස් උත්සවේට විශේෂිත doodle එකක් පෙන්නල නෑ.ඒත් මේ පාර නිදහස් දිනේ දවසෙ මුලු ලංකාවම පුදුම කරවල doodle එකක්  දාල තිබුන google එකේ.ලංකාවෙ ගොඩක් අය ඒ ගැන සතුටින් කතා කලේ.


SLIIT එකේ AIESEC Promotion එකක් තියනව කියල මමයි, සිරිමෙවනුයි දෙන්න campus එකේ ඉඳන් මාලබේට එන්න බස් එකට නැග්ග.මම sliit එක තියන තැන දන්නව උනත් බස් එකේ යද්දි ඒ හරිය බලන් ගියෙ නැත්නම් හොයාගන්න අමාරුයි.මාලබේ town එකත් පහුවෙලා බස් එක යනව.කොච්චර ගියත් Sliit එක නෑ.පස්සෙ ඉඳන් හිටපු තැනින් නැගිටල දොර ලඟට ගිහින් බලන් හිටිය Sliit එක හම්බෙනකම්.අන්තිමට බලද්දි කඩුවෙලටම ගිහින්.පස්සෙ ආයෙ කඩුවෙලින් බස් එකකට නැගල ඇවිත් බැස්ස SLIIT එක ලඟින්.එදා තමයි මම මුලින්ම එකට ගියෙ.එදා ඒකෙ get together එක තිබුනු දවස.ඒ නිසා ගොඩක් අය හිටිය.Stage එකෙන් ටිකක් එහා පැත්තෙ AIESEC එකේ Stall එකක් දාල තිබුන.එතනට එන අයට අපේ Project එක ගැන විස්තර කියන්න තමයි තිබුනෙ.

Get එක රෑ වෙනකම් තිබුන.ඒ අතරෙ අපේ AIESEC එකේ events වගයකුත් stage එක උඩ ගියා.අපි අලුත් නිසා පරණ members ල තමයි ඔක්කොම කලේ.ඊලඟ පාර ඒ දේවල් organize කරන්න තියෙන්නෙ අපිට තමයි.මම කොහොමහරි 6ට විතර slit එකෙන් ආව බස් අඩු නිසා.


මේ වෙද්දිත් campus එක වහල අපිට.campus පටන් ගන්න උපකුලපති සාකච්ඡා කරනව විතරයි.ආයෙ පටන් ගත්තම NDT එකෙන් ප්‍රශ්නයක් නොවෙන විදිහට තීරණයක් ගන්න ඕනෙ.ඒ නිසා ඒවට බල කරල සාමකාමී පා ගමනක් සංවිධානය කලා ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයෙන්.9ට පටන් ගන්නව කියල තිබුනෙ.කොහොමහරි 9.30ට විතර අඟුලාන පිට්ටනියකින් පටන් අරන් හෙමින් ක‍ටුබැද්දට ආව.අව්වත් තිබුන හොඳටම.ළමයි ගොඩක් ඇවිත් හිටිය.ඉංජිනේරු පීඨ ශිෂ්‍යන්ගෙ ආරක්ෂාව තහවුරු කරන්න කියල තමයි ප්‍රධාන වශයෙන් කිව්වෙ.

ක‍ටුබැද්ද හංදියට එනකොට කට්ටියට අව්වෙ ඇවිත් තිබහ එහෙම තිබුන.වතුර බෝතල් ගෙනත් දෙන්න තිබුනෙ අපේ බෝඩිමේ කෙනෙක්ට.(රසිකගෙ වෑන් එකේ තමයි ගෙනාවෙ). ඒව ටික ළමයිට බෙදුවෙ අපි 5,6 දෙනෙක්.වතුර බෝතල් මදි වෙයි කියල හිතුවත් ගාණට වගේ තිබුන.4 දෙනෙක්ට එකක් විතර කියල බෙදුවෙ.ඊටපස්සෙ මම බෝඩිමට ගිහින් දවල්ට කෑව.එදා හවස AIESEC එකේ Promotion එකකට SLIIT යන්න තිබුනු නිසා 12.30 විතර වෙනකම් එක ලඟ හිටිය යාලුවොත් එක්ක.එදා ශිෂ්‍ය සංගමෙන් ලියුමකුත් බාරදුන්න උපකුලපතිට.



January 1st  ගහගත්තට පස්සෙ campus  එක වහල, level 4 අයට විතරක් පටන් අරන් තිබුනෙ.16 වෙනිද එයාලට තිබුනෙ exam එකක්.ඊටපස්සෙ දවසෙත් exam එක.16වෙනිද exam එක ලියල රෑ වෙද්දි NDT කට්ටියක් එහෙ මෙහෙ කැරකෙනව වගේ දැකල තියනව ළමයි.ඒ ගැන administration එකේ අයට පමිණිලි කරල තියෙනව.ඒත් වැඩිය ගනන් අරන් නෑ.ඊටපස්සෙ රෑ 10.30 විතර වෙද්දි බස් 3,4ක කට්ටිය පුරෝගෙන ඇවිත්, මූණු වහන් 700ක් විතර කට්ටිය එක campus ඇතුලට කඩන් පැනල.

ඊටපස්සෙ අහුවෙන අහුවෙන හැමෝටම ගහගෙන ගිහින්.hostel වලටත් පැනල ඒවටත් හානි කරල.ජනෙල්,දොරවල් එහෙම කඩල.කොහොමහරි පොලිසිය කරල තියෙන්නෙ ගේට්‍ටුව ලඟට වෙලා බලන් හිටපු එක. අහල පහල මිනිස්සු තමයි ඒකට මොකක්හරි කරල තියෙන්නෙ.ගහල ඉවර වෙලා පොලිසියෙ ආරක්ෂාව යටතේ මැරයො ටික ආපහු ආපු බස් වලම ගිහින්.මොර‍ටුව විශ්ව විද්‍යාල ඉතිහාසයෙ සිදුවුනු විශාල කැළලක් තමයි ඒක.දකුණු ආසියාවෙන් බිහිවෙන හොඳම ඉංජිනේරුවො ටිකට තමයි NDT එකෙන් ඒ විදිහට ගැහුවෙ.මොර‍ටුව විශ්ව විද්‍යාලෙ ලංකාවෙ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නෙ ඉංජිනේරු පීඨය නිසා.මේක ඊටපස්සෙ මාධ්‍ය වල ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට ප්‍රචාරය උනා.එක ළමයෙක්ට බරපතලයි කියලත් කිව්ව.කොහොමහරි සැත්කම් කරල එයා සනීප වෙලා ගෙදර ගිහින් තිබුන.

ඊටපස්සෙ හැමෝගෙන්ම කතිකාවක් ඇති වුනා NDT හෙවත් තාක්ෂන ආයතනය මොර‍ටුව campus එකෙන් අයින් කරල දියගමට ගෙනියන්න ඕනෙ කියල.දැනටත් ඒ ගැන සාකච්ඡා කරනව.මේ ලඟදි උපකුලපති කියල තිබුන NDT එක දියගමට ගෙනියන්න සාක්ච්ඡා කරනව කියල(2013/02/10).අපේ උපකුලපති තමයි ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයෙ උපසභාපති (Professor Ananda jayawardena.).ඒ නිසා එයාට ලොකු වගකීමක් තියනව ඉංජිනේරු ශිෂ්‍යන්ගෙ ආරක්ෂාව තහවුරු කරන්න.


Campus එක වහල තිබුනු නිසා කට්ටිය trip එකක් යන්න කතා වෙලා තිබුනෙ.එක එක අයගෙ අදහස් යෝජනා සලකල මතුගම යන්න තීරණය කලා.යාලුවො 2නෙක්ගෙ ගෙවල් 2ක යන්න තමයි ලෑස්ති කරගත්තෙ.එදා උදේ 9ට විතර ක‍ටුබැද්දෙන් පිටත් වෙලා 11ට විතර තිසරගෙ ගෙදරට ගියා.ඊටපස්සෙ එහෙන් කාල ටිකක් වෙලා ඉඳල ගියා ground එකක් හොයාගෙන.

එකක් හම්බුනාම ඉතින් කට්ටිය ක්‍රිකට් සෙල්ලම් කලා.1 විතර වෙනකම් එතන ඉඳල අකිලගෙ(බොලාගෙ) ගෙදරට ආව.ඒ ලඟ තමයි ගේ තිබුනෙ.ඊටපස්සෙ බත් කාල නාන්න ගියා.නාන තැනට යන්න ගොඩක් දුර ගියා.කැලෑ,වෙලවල් මැදින් ගිහින් ගිහින් යන්තම් ආව තැනකට.එතන හවස 5 විතර වෙනකම් නාල කට්ටියම ආයෙ එන්න පිටත් උනා.ක‍ටුබැද්දට එනකොට  රෑ 9 විතර උනා.


මම මෙට කලින් කවදාවත් ja’pura campus එක ඇතුලට ගිහින් තිබුනෙ නෑ.තියෙන තැන දැනන් හිටියෙත් නෑ.aiesec එක තියෙන්නෙ ලංකාවෙ campus 4ක.ඒවයින් එකක් තමයි university of ja’pura. මේ දවස්වල අපේcampus එක වහල නිසා aiesecඑකේ meetings තියන්නෙ වෙන වෙන තැන්වල.මම aiesec එකේ හිටියට මට team එකක් තිබුනෙ නෑ.කරන්න project එකක් තිබුනෙත් නෑ.ඒකට OGX training session එක තියනව කියල 01/12 වෙනිද ජ'පුර campus එකට එන්න කිව්ව.කොහොමහරි උදෙන්ම ගියා campus එක හොයාගෙන.මහරගම තමයි තියෙන්නෙ ඒක.gate එක ලඟ security එකෙන් හිටියත් identity check කලේ නෑ.8ට විතර campus එක ඇතුලට ගිහින් මුලු campus එක වටේම ඇවිදල බැලුව.නරකම නෑ.campus එක ලස්සනයි.අපේ university එකට වඩා විශාලයි.ඒත් අපේ එක තරම් හොඳ නෑ ;) .

9ට විතර OGX එකේ අනිත් අයත් ආව.ඊටපස්සෙ තැනක් හොයාගෙන 10ට විතර training session එක පටන් ගත්ත.OGX එක ගැන Presentation තමයි තිබුනෙ.12ට විතර කාල ඉවර වෙලා ආයෙ session එක පටන් ගත්ත.ඒකෙදි අපි එක එක්කෙනාගෙන් ඇහුව උදේ මොකද කලේ කියල.යන්තම් English වලින් ගොත ගොත කිව්ව මමත්.ඊටපස්සෙ අපිව teams වලට දැම්ම.මම ඉන්නෙ sliit එකේ team එකේ.මමයි,තව කොල්ලො 3කුයි ඉන්නව ඒකෙ.අපිට තියෙන්නෙ sliit එකේ අයට GCDP Projects ගැන දැනුවත් කරන එක.