My Story

My Thoughts,My Experiences and something more....

කොච්චර පරණ වුනත් අමතක නොවෙන වෙලඳ දැන්වීම් තියෙනව. ඉස්සර ටීවී එකේ ගිය ඒව වලින් ජනප්‍රිය ඒව ටිකක් තමයි මේ.2000-2010 කාලෙ ටීවී බලපු කෙනෙක්ට මේව අමතක වෙන්නෙ නෑ.
https://www.google.com/search?client=opera&q=sri+lankan+old+tv+ads&sourceid=opera&ie=UTF-8&oe=UTF-8





1928 පත්තරේක පින්තූර තමා මේ.



training report එක ඉක්මනට දෙන්න උනා. Training report ඒකයි ,training diary එකයි අපි බාර දුන්නෙ ජූනි  23 වෙනිද. ඊටපස්සෙ ඒකෙ viva එකත් තිබුන ජූලි 15 වෙනිද. මගෙන් ඇහුවෙම technical ප්‍රශ්න ටිකක්. සමහරුන්ගෙන් අහල තිබුනෙ general ප්‍රශ්න, ඒ කිව්වෙ කොහොමද training එක, මොනාද ආපු ප්‍රශ්න වගේ ඒව. මගෙන් ඇහුවෙ welding වර්ග, කොහොමද boiler maintenance කලේ, ඔන්න ඕවගේ ඒව. 

semseter 7 එක පටන් ගත්තු දවසෙ ඉඳන්ම කලේ project එකක් හොයපු එක. මුලින්ම group එකක් හදාගත්ත. ඒකෙ හිටියෙ මමයි, ගයානුයි, ලිශානුයි. ඊටපස්සෙ project එකක් හොයාගෙන එක එක සර්ල පස්සෙ ගියා දවස් ගානක්. රංජිත් සර් ලඟට ගියා automate කරපු පඩිපෙල් නගින device එකක් හදන්න හිතන්. ගිය වෙලේ ඉඳන් ඒක හරි නෑ කියල ඔප්පු කරන්න එක එක ඒව කිව්ව, internet එකේ දැනට හදල තියෙන ඒව පෙන්නුව. ඊටපස්සෙ smart braking system එකක් හදන්න ඇහුව ranjith සර්ගෙන්. ඒකත් එපා කිව්ව. ඊටපස්සෙ lathe machine එකක modification එකක් කරන්න ඇහුව fernando සර්ගෙන්.  ඒකත් එපා කිව්ව. ඊටපස්සෙ dial එක හොයන් ආපු project එකක් අරන් ගියා චතුර සර් ලඟට. ඒක කරන්න කියල සර් කිව්ව. ඊටපස්සෙ යන්තම් project proposal එක දෙන්න පුලුවන් උනා 13 වෙනිද. 
Project - analysis on the effect of selected parameters on the heat column effect

Project group- group 26

අපේ ගමේ කට්ටියගෙන් අම්ම 10,000 ගානෙ එකතු කරල හදපු අටවිසි බුද්ධ ප්‍රාකාරෙට අටවිසි බුදු ප්‍රතිමා වැඩම කෙරෙව්වෙ එදා. ඒවට දායකත්වය දුන්නු අයගේ නම් එතනම ගහල තිබුන. තිඹිරිගම පන්සලේ ලොකු හාමුදුරුවො, තම හාමුදුරුවරු ඇවිත් අටවිසි බුද්ධ පූජාව කලා. පූජාව ලස්සනට තිබුන.පන්සලේ භාණ්ඩාගාරික අම්මනෙ. 10,000 ක් එකතු කලේ අටවිසි බුද්ධ ප්‍රතිමාවකට දායකත්වය විදිහට.





අපිට semester 7 පටන් ගන්න තිබුනෙ මැයි 26 වෙනිද. අපේ campus final year එකේ අයට hostel දෙනව. ඒත් ලඟ අයටනම් හම්බුනේ නෑ.hostel වල කාමර බෙදාගන්නයි, අදාල application අරගෙන පුරවන්නයි එදා පාන්දර 5 ඉඳන් පුදුම පෝලිමක් තිබුනේ. කොලඹ අයයි, ගැට්ටෙ අයයි කතා වෙලා කාමර ටික බෙදාගෙන තිබුනේ. අපිට block 5 එක ගන්න තමයි අපි කතා කරල තිබුනෙ. ඒකෙ ළමයි 72 කට ඉන්න පුලුවන්. පාන්දර 5 ඉඳන් පෝලිමේ හිටියත් වැඩ කරන් ඉවර වෙද්දි 12 විතර උනා. ඊටපස්සෙ කාමරවල යතුරුත් අරගෙන ගෙදර ගියා. අපිට හම්බුනේ 279 කාමරේ. ඒකට හොඳ view එකක් තිබුන. ඒකෙ ඉඳන් හොඳට වටපිටාව නරඹන්න පුලුවන්. අපේ කාමරේට හිටියෙ මමයි, රාජයි, පොකෝයි, dial එකයි .
රාජ- madushanka niroshan
පොකෝ- thanujaya sankalpa
dial එක- lishan jayasooriya



රාජගේ වාසගම රාජපක්ෂ. ඒකයි රාජ කියන්නේ. පොකෝ කියන්නෙ? photo copy කියන එකෙන්  තමයි පො.කෝ කියන එක හැදුවෙ. මිනිහ ඒ දවස්වල ළමයි කට්ටිය මොකක්හරි paper එකක්, පොතක් බල බල ඉන්නකොට කොහෙන් හරි ආතක් පාතක් නැතුව ඇවිත් "ඒ ඔය මොකක්ද බං ඔය, ඔහොම එකක් මට හම්බුනේ නෑනෙ. මොකක්ද මේ . දීපන් මං ෆොටෝකොපියක් ගහන් එන්න ඉක්මනට"  කියල photocopy ක් ගහන් එනව ඕන එකක.note එකක්, paper එකක්, application එකක් ඕනම දෙයක්. dial එක කියන්නෙ ලිශාන්ට. මිනිහ පොඩ්ඩක් අමුතු විදිහෙ චරිතයක්. tution master කියල කිව්වෙ ඉස්සර. සතියෙ දවස් 7ම ඉස්සර පන්ති කලා. එක subject එකක් නෙමෙයි 3ම (maths, physics, chemistry). ඒ නිසා මුල් දවස්වල වැඩිය campus ඇවිත් නෑ. semseter 2 එකේදි ඇවිත්ම නෑ.විභාගෙ මිනිහ repeat වෙලා ඔක්කොම subjects . ඊටපස්සෙ ඉතින් ඒව ආයෙ කලත් උපරිම ගන්න පුලුවන් C එකක්නෙ campus නීතිවලට අනූව. ඒක නිසා මිනිහගෙ GPA එක හොඳටම බැහැල. ඒත් වැඩේ කියන්නේ මිනිහ හොඳ මීටරයක්. olympiad එහෙමත් ගිහින් තියෙනව. මිනිහට පාඩම් කරන්න උනන්දුව ආවෙ අපේ කාමරේට ආවට පස්සෙ. ඊටපස්සෙ තිබුනු පුදුම උනන්දුව නිසාම අපි මිනිහට නමක් දැම්ම dial එක කියල. 

මාස 6ක training එකේ අන්තිම දවස තමයි එදා. අපි එක්ක අපේ campus එකෙන් ළමයි 8 දෙනෙක් ආව. 3 දෙනෙක් mechanical . අනිත් අය chemical. මමයි, පිනිඳුයි තමයි මුලින් හිටපු  2න්න. කට්ට ආවෙ ඊටපස්සෙ මාස 3ක් විතර ගිහින්. මාස 6ට පුලුවන් තරමක් දේවල් ඉගෙන ගත්ත. කොහොමහරි අන්තිම දවසෙ යද්දි දෙන පාටියත් organize කරල, එක එක sections වලට දෙන cake එහෙමත් ගෙනල්ල ඒ වැඩ ටික කරල හැමෝටම කියල ආව. අපි හිතුවෙ එදාට training certificate එක  ගන්න පුලුවන් වෙයි කියල. මොකද මීට කලින් ගිය අයට එහෙම දුන්නු නිසා. ඒත් Mr. තෙන්නකෝන් අපි එක්ක තිබුනු තරහ නිසා ඒක දුන්නේ නෑ. පස්සෙ ශ්‍යාම අක්ක කිව්ව වෙන දවසක එන්න කියල. එදා අපිට ඒ වගේ දෙයක් වෙනව කියල දන්න නිසා එදිරිසිංහ සර් ඇවිත් හිටියෙත් නෑ. එයාටත් ඒකට upset. ඒ නිසා අපි වෙන දවසක ඇවිත් ගන්න හිතාගෙන අපිත් එක්ක හිටපු ළමයි ඔක්කොටම පාටියත් දීල ආව. පස්සෙ training certificate එක ගන්න 22(මැයි) වෙනිද ආව ආයේ petroleum එකට. එදා එදිරිසිංහ  සර් හිටිය. එයාට පොඩි තෑග්ගකුත් දීල එහෙම ආව.




නංගිගෙ හපන්කම් තමයි මේ. දහම් පාසලේ (කිරිඳිවැල බෞද්ධ බල මණ්ඩලේ) අවුරුදු උත්සවේ announce කරන්න කියල රත්නායක මැඩම් නංගිට කියල. නංගිත් හා කියල ගිහින් announce කලා.



සෙව්වන්දිල අවුරුද්දට ආපු දවස. එයාලයි, ලොකු අක්කලයි ආවෙ. 


දෙන්න නිදාගෙන ඉන්න විදිහ තමයි මේ. එකම ඉරියව්ව.දෙන්න මගෙ කාමරේට ඇවිත් නිදාගත්තු වෙලේක හොරෙන් ගත්තු එකක්.

අපිත් එක්ක මාස 3ක් හිටපු රුහුණෙ engineering කට්ටියගෙ අන්තිම දවස එදා. එයාල අපිට වඩා මාස 3ක් විතර කලින් degree එක complete කරනව අපිට කලින් යන නිසා. ඒ set එකෙන් සොනාල්, කොබා මතක හිටින 2න්නෙක්. සොනාල්වනම් මතක හිටින්නෙ අමන්දට පටලවල කතා හදපු නිසා. අමන්දට try කියල තමයි අපි petroleum එකේ පැතිරෙව්වෙ. මේ ලන්ගදි දවසක් (2015-අප්‍රියෙල්) සනුක බත්තරමුල්ලට ගියාලු පොඩි වැඩකට. එතකොට සොනාල් හිටියලු ලස්සන කෙල්ලෙක් එක්ක. එයාල දුන්නු පාටි එකට තෙන්නකෝන් සර් ආව. ඒත් අපි petroleum එකෙන් යන දවසෙ දුන්නු පාටියට එයා ආවෙ නෑ අපිත් එක්ක තිබුන තරහ නිසා.


මේකෙ කණ්ණාඩි දගෙන මට පිටිපස්සෙන් ඉන්නෙ සොනාල්. තව හිටිය ගැට්ට කියල nick name එකක් තිබුනු කොල්ලෙක්. අපේ campus එකේනම් අපි ගැට්ටා කියන්නේ කොලඹට අයිති නැති අනිත් පැත්තෙ කොල්ලන්ට. 

ලංකාව 2007 ඉඳන්ම හැම cricket world cup එකකම වගේ final ආව. ඒත් හැම පාරම runners up. 
2007 WC - runners up
2009 T20 WC -  runners up
2011 WC - runners up
2012 T20 WC - runners up

ඊටපස්සෙ 2014 ත් T20 World cup එකේ final ආව. ඒකෙ final ආවෙ ලංකාවයි, ඉන්දියාවයි. ඒ මැච් එක තමයි මහේලයි, සංගගෙයි අන්තිම T20 match එක. තර‍ඟෙ තිබුනෙ bangladesh වල. අපේ team එක ඊට ටික දවසකට කලින් තිබුනු asia cup එකත් දිනුවෙ bangladesh වලදිමයි. ඒ නිසා පොඩි හයියක් තිබුන.ඒත් ඉතින් හැමදාම final පරදින නිසා ගොඩක් අය හිතුවෙ ලංකාව පරදියි කියල. මුලින් ගැහුවෙ ඉන්දියාව. මුලදි kohli වේගෙන් ගැහුවත් පස්සෙ මාලිංගගෙ පන්දුවලට ගහන්න බැරුව ගියා. ඒ වෙද්දි ඉන්දියාව ප්‍රබල කණ්ඩායමක්. kohli  තමයි ඒ දවස්වල අපිට පෙන්නන්නම බැරි batsman. පුදුම හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක්. ලංකාවට නොගහපු දවසක් නෑ.ඒ දාපු පන්දු ජාතියට කියන්නෙ outside yorker කියලලු.kohli  විතරක් නෙමෙ dhoni, yuvraj කාටවත් ඒවට ගහන්න බැරි උනා. අන්තිමට ඉන්දියාව ගැහුවෙ ඕවර් 20ට ලකුණු 131 යි. ලංකාව ඒ වෙනකොටත් T2o rankings වල අංක එක. ඊටපස්සෙ සංගයි  මහේලයි ලංකාව දිනෙව්ව. සංග අර්ධ ශතකයක්, මහේල 23ක් ගත්ත. 1996න් පස්සෙ ලංකාව ගත්තු ඉහලම ජයග්‍රහණය තමයි ඒ. 


මේ දිනවල මුලු ලෝකයම කතා වනුයේ අතුරුදන්වූ MH 170 මගී ගුවන් යානය පිලිබඳවය. එය අතුරුදන්වූයේ එහි සිටි මගීන් 200කට අධික සංඛ්‍යාවක් සමගය. එයින්ද බහුතරය චීන ජාතිකයන් විය. තාක්ෂණය මේතරම් දියුණු ලෝකයේ මෙම ගුවන් යානය සොයා ගැනීමට නොහැකි වීමද පුදුමයකි. බොහෝ රටවලින් මේ ගැන සෝදිසි කිරීම කර තිබිනි. විවිධ පුද්ගලයින් කීවේ එක එක කතාය.
පැහැරගෙන ඇති බව
මුහුදට කඩා වැටී ඇති බව


එහෙත් එය සම්බන්ධයෙන් කිසිඳු සලකුණක් හමුවී නොමැත. පිටසක්වලින් පැමිණ මෙය ගෙන ගියාදැයි සිතීමට අපට හැකියාව ඇත. එහි කලු පෙට්ටියේ බැටරි බැසීමට පෙර එය සොයා ගතහොත් ඒ පිලිබඳව හෝඩුවාවක් ලබ ගත හැකිව තිබිනි. එනම් අප්‍රේල් 7 වනදාට පෙර සොයා ගත යුතුව තිබිනි. නමුත් එයද සර්ථක නොවීය. අදටත් එය අභිරහසකි. බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධයෙන් නැවත මතක් කර දීමට මෙය සමත් විය. 


1999 වසරේ දී එඩ්වර් රණසිංහ මැතිතුමා විශ්‍රාම යාමෙන් හිස් වූ නාලන්දාවේ විදුහල්පතිධූරයේ වැඩ භාරගත් වලල ඒ. රත්නායක මැදි විදුහලේ විදුහල්පති හේමන්ත ප්‍රේමතිලක මැතිතුමා නාලන්දාවට ස්වර්ණමය යුගයක් උදා කළ බව අවිවාදිතය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ / උසස් පෙළ විභාගවලින් දිවයිනෙන් ප්‍රමුඛයන් නාලන්දාවෙන් බිහිවෙමින් අධ්‍යාපන අංශයෙන් නාලන්දාව ජය කෙහෙළි නැංවීය. බැඩ්මින්ටන්, ස්කොෂ් ක්‍රීඩා සඳහා ගෘහස්ථ ක්‍රීඩාගාර, පිහිනුම් තටාකය, ක්‍රීඩා පිටියේ ප්‍රේක‍ෂකාගාරය, ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි ආදිය මෙම යුගයේ භෞතික සම්පත් සංවර්ධනයට සාක‍ෂි සපයයි. මතු ප්‍රයෝජන තකා විදුහලට යාබද බිම් කොටස් පවරා ගැනීම් ද මෙකල සිදුවිය. මලලසේකර රඟහල විදුලි කාන්දුවක් නිසා 2006 වසරේ දී විනාශයට පත් වී ගියේය.

2006 වසරෙහි එළඹි 2550 සම්බුද්ධ ජයන්ති උළෙල, 1999-2000-2001 වසරවල සමරන ලද නාලන්දාවේ සැත්තෑ පස්වන සංවත්සරය ආදිය මෙම යුගයේ එළඹි සුවිශේෂී සංසිද්ධියෝය. කුලරත්න- ජිනේන්ද්‍රදාස- තක්ෂිලා ආදී විද්‍යාලයේ පැරණි ගොඩනැගිලි නවීකරණය කරමින්ද, නව ගොඩනැගිලි ඉදි කරමින් ද උද්‍යාන අලංකරණ කටයුතු සිදු කරමින් ද ප්‍රාථමික අංශයේ බුදු මැදුර ඉදි කරමින් ද නාලන්දා පින්බිම එකලු කිරීමට මෙතුමා කැප විය. ආදි නාලන්දීය බාලදක්ෂ සංගමයේ මූලිකත්වයෙන් "නාලන්දා කීර්ති ශ්‍රී" සම්මානය පිරිනැමීම අරඹන ලද්දේ මේ යුගයේදීය.

ධර්ම ගුණසිංහ යුගයේ පටන් නාලන්දාව කෙරෙහි සමාජ ආකර්ෂණය අඩු වෙමින් පැවතුණු බව කිව යුතුය. ජාතික විභාග කඩයිම් ලකුණුවලින් අතුකොරල යුගයේ ප්‍රථම සහ දෙවන ස්ථානවල පැවති නාලන්දාව ධර්ම ගුණසිංහ යුගය වන විට සිව්වන තැනට වැටී තිබුණි. ගිලිහී තිබූ ආකර්ෂණය යළි නාලන්දාවට ලැබුණේ ප්‍රේමතිලක විදුහල්පති තුමාගේ නායකත්වය යටතේය. නාලන්දාවේ සියලු අංශ වලට නව පණක් ලබා දෙමින් ඉමහත් උද්යෝගයකින් නාලන්දාව ඉදිරියට මෙහෙය වීමට හේමන්ත ප්‍රේමතිලක මැතිතුමා සමත් විය.

2010 වසරේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරයකට උසස්වීම් ලද බැවින් මෙතුමා නාලන්දාවෙන් පිටව ගියේය.

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts