My Story

My Thoughts,My Experiences and something more....

කොහොමහරි ශ්‍යාමා අක්කත් මගෙ පඩි හදන්න ගොඩක් මහන්සි උනා. ඊලඟ සතියෙ පඩිය ඇවිත් තිබුන. මතක විදිහට රු.8000/=ක් විතර තිබුන. 

අපි cpc එකට එනකොට contract එකේ sign කරනව දවසට 500/= ගානෙ අපිට ගෙවනව කියල. ඉතින් ඇවිත් මාසයක් ගියාම පඩි හම්බ වෙනව. අපි ඇවිත් මාසයක් ගියාම පඩි ඇවිත් තිබුන. ඒත් මං ගිහින් බැලුවම මගෙ ඇර අනිත් හැමෝගෙම පඩි ඇවිත් තිබුන. බලද්දි letter එකේ තිබුනෙ මගෙ නම නෙමෙයි, කමල්ගෙ නම. මොකද කමල්නෙ මට කලින් එන්න හිටියෙ. එයාගෙ vacancy එකට තමයි මම ආවෙ. ඉතින් ආයේ යැව්ව letter එකක් මගෙ නම දාල head office එකට.


අපිට එකේදි මුලින්ම එක එක දේවල් කියාදුන්නේ සරත් සර්. pipes ගැන,fab shop එකේදි මූලිකව භාවිතා වෙන දේවල් ගැන එහෙම එයා ගොඩක් කියල දුන්න. ඊටපස්සෙ welding, gas cutting ගැන කියාදුන්නේ අජිත් අයිය. එයා අපිට වෙල්ඩිං කූරු ටිකක් දීල අපිට කිව්ව welding කරන්න කියලත්. මායි, පිනිඳුයි welding කලා. (පොඩි පතුරු 2ක්) .fab එකේ අය අපිට ගොඩක් දේවල් කියාදුන්න. සමහරු බලෙනුත් කියාදුන්න.







plant යන ගමන් එහෙන් මෙහෙන් 2,3 ක් ගත්ත ලංකාවට තියෙන එකම එකේ වැඩ කලා කියල මතක් වෙන්න. -taken by pinidu's camera.



training center ~~~~


කොහොමහරි අවසර ඇතුව plant visit එකක් ගියෙ එදිරිසිංහ සර් එක්ක. එයා තමයි training officer . තෙන්නකොන් සර් තමයි training manager .training center  එකේ කවුරුත් තෙන්නකෝන් සර්ට කැමති නෑ. එයා ටිකක් ආත්මාර්ථකාමි විදිහට තමයි හැසිරෙන්නෙ. අපි යනකොට එයා pension යන්න ඔන්න මෙන්න හිටියෙ.ඒ නිසා අනිත් අයගෙන් පලි ගන්න වැඩ කරනව වගේ තමයි එයා වැඩ කලේ. ඒ නිසා අලුතින් ආපු අපිටත් එයා එහෙමම තමයි. අනික එයා ඉංජිනේරුවන්ට වැඩිය කැමති නෑ. එයා ඉතින් එතන වැඩක් කලේ නෑ. උදේ ඇවිත් පත්තරේ අරන් කියෝනව, ඊටපස්සෙ computer එක දාගෙන ඉන්ටෙර්නෙට් එකේ මොනාහරි බලනව, ඊටපස්සෙ කාටහරි ටිකක් බනිනව, තේ එක ගේන්න කියනව, ඒව තමයි එයා කලේ. එහෙම ඉඳන් ලක්ෂෙකට වඩා පඩි ගත්ත. ඉඳල හිටල මොකක්හරි උත්සවයක් තිබ්බොත් පොඩි කතාවක් කරන්න එහෙම තම එයාට තිබුනෙ. එතන වැඩ ඔක්කොම වගේ කලේ එදිරිසිංහ සර්. එයාට plant එක ගැනත් හොඳ දැනුමක් තිබුන. අපි ගොඩක් දේවල් එයාගෙන් තමයි අහගත්තෙ.  අපි ඇවිත් පලවෙනි දවස් 4ම හිටියෙ මුකුත් වැඩක් නොකර. එක්කො එකේ.එක්කො නිදි. 15 වෙනිද තමයි අපිව welding and fabrication shop එකට යැව්වෙ ඒකෙ ඉගන ගන්න. 
training center එකට නිතරම ආපු ගිය කෙනෙක් තමයි . එයාගෙ නම පීරිස්. එයාට භාර වෙලා තිබුනෙ සේවකයො නිසි පරිදි safety regulations අනූව වැඩ කරනවද බලන්න. refinery එකේ අයගෙන් ලොකු power එකක් තියෙන එකක් තමා ඒ. එයාට කලින් හිටපු safety officer දැක්කම සේවකයො හැන්ගෙනවලු. ඒත් අපි යන කාල් හිටපු කෙනා බැන්නත් ගනන් ගන්නෙ නෑලු සමහරු. training centre එකේ තව හිටිය අතුගාන්න 2 නෙක්. එයාලට තිබුනු රාජකාරිය තමා පර්චස් 4ක විතරක් පොඩි බිමක් අතු ගාන්නයි, අපේ room එක අතුගාන්නයි. දවසෙ අනිත් හැම වෙලේම එයාල හිටියෙ නිකම්. එක්කො නිදි, එක්කො පත්තරේ බලනව.

මගෙ training එකේ පලවෙනි දවස තමයි එදා. අපි මුලින්ම ගියෙ දෙමටගොඩ තිබුනු head office එකට. ඒකට යද්දිම මට training එක හදල දුන්නු ඇන්ටි ආව. පස්සෙ මං වැඩේ කරගෙන ඇවිත් හම්බ වෙන්නම් කියල,Human resources section එකට ගියා, ඊටපස්සෙ deputy personnel manager අපිට එක එක්කෙනාට කතා කලා. සනුකගෙ නම තිබුනු නැති නිසා එයාට ඒක හදාගන්නකම් ඉන්න උනා. මිනිහ ටිකක් බය වෙලා හිටියෙ. training හදාගන්න බැරි උනොත් trianing වලට ආයේ තැනක් හදිස්සියෙ හොයන්න වෙන නිසා. අනිත් අයගෙ letters දීල කිව්ව refinery එකට යන්න කියල.mechanical එකෙන් හිටියෙ මමයි, පිනිඳුයි. අපි දෙන්න ආව සපුගස්කන්දෙ refinery එකට. ඇවිත් gate pass හදාගෙන,training officer හම්බුනා. ඊටපස්සෙ එයා අපිට room එකක් දීල, කෑම කන තැන් එහෙම පෙන්නුව. අපි එදා ආසාවට ගියා plant එක බලන්න.helmet දාගන්නෙත් නැතුව ගියෙ. ගිහින් ආවට පස්සෙ දන්නෙ helmet නැතුව යන්න දෙන්නෙ නෑ කියල.safety officer දැක්කනම් අපිට හොඳට බැනුම් අහන්නත් පුලුවන්ලු.





එදා මන් බෝඩිමෙන් එනකොට උදේ  9 විතර උනා. එදා ටිකක් නින්ද ගිහින් තිබුනෙ. ගෙදර එනකොට 11.30 විතර උනා. එදා තමයි අපේ කටිනෙ තියෙන්න තිබුනෙ. ඒ පාර අපේ ගෙදරින් තමයි කටිනෙ භාර අරන් කලේ. මන් ගෙදර එනකොටත් ගොඩක් අය වැඩ කර කර හිටියෙ. සරසන ඒව, පන්සලට යන ඒව, උයන වැඩ එහෙම. මාත් ගිහින් සරසන ඒවට එහෙම උදව් උනා. අපේ නෑදෑයො ගොඩක් අයත් සැරින් සැරේ ඇවිත් ගියා. සමහරු දිගටම හිටිය උයන්න එහෙම.
පෙරේරා මාම එහෙම ගොඩක් උදව් කලා වැඩවලට. අම්මයි, තාත්තයි ගොඩක් මහන්සි උනා කටිනෙ වැඩවලට.  කැමරාව ඉල්ලගෙන මං එහෙන් මෙහෙන් photo ගත්ත. රෑ තිබුනු බණ අහන්න ගොඩක් සෙනග හිටිය. ඒ ආපු සෙනගට කන්න එහෙමත් දීල, ඉතුරු වැඩ ටිකත් කරනකොට වැස්සක් ආව. 11 ට විතර පටන් ගත්තු වැස්ස පායන පාටක් තිබුනු නැති නිසා සමහරු ගෙවල් වලට ගියා. අපි හිතුවෙත් කටින පෙරහැර යන්න බැරි වෙයි කියල. මමත් ටිකක්  නිදාගත්ත.


 ඒත් රෑ 1ට විතර වැස්ස ටිකක් පායල තිබුනු නිසා කට්ටිය පෙරහැරේ යන්න තීරණය කලා. එතන හිටපු නැ‍ටුම් වලට, භක්ති ගීත වලට එහෙම ලෑස්ති උනු ළමයි කිව්වෙම වැස්සෙ හරි යමු කියල. එයාලට එච්චරම ආසාව. කොහොමහරි කට්ටිය කුඩ අරන්, කටින චීවරෙත් එලියට වැඩමෙව්ව. ඉන්පස්සෙ පෙරහැර පටන් ගත්ත. 


පෙරහෑර ලස්සනට තිබුන. මගින් තව තව සෙනග එකතු උනා. මාලිගාවත්තෙ 8 වෙනි ප‍ටුමගෙන්, 10 වෙනි ප‍ටුමගට ගිහින් ඊටපස්සෙ ආයෙ හංවැල්ල පාරට ඇවිත් නාවැටියෙ කඩේ ලඟින් හරවල, ඊටපස්සෙ කිරිඳිවැලින් දියවාලට ගිහින්  බෝ මලුවට ගිහින් , ආයේ එතනින් පන්සලට ආව. පන්සලට එද්දි ගොඩක් කට්ටිය ඇවිත් හිටිය. 




අවුරුදු 3කට ලං වෙන්න අපි හිටියෙ Gavel බෝඩිමේ. ඒකට නම දාල තිබුනෙ gavel boarding කියල. ඒකෙ වැඩියම හිටියෙ royal කට්ටිය. අනිත් අය ආනන්දෙ, නාලන්දෙ කට්ටිය. ඒ හරියෙ තිබුනු වැඩිම ළමයි ගාණක් හිටපු බෝඩිමක්. මුලදි ළමයි 24ක් හිටිය. පස්සෙ අන්තිම වෙද්දි ළමයි 15ක් විතර තමා හිටියෙ. සමහරු ගෙවල්වල ඉඳන් එහෙම එන්න ගත්තු නිසා. කොහොමහරි exam එහෙමත් ඉවර වෙලා බෝඩිමේ කට්ටිය බෝඩිමට සමු දීල ගෙවල් වල ආව. මන් ආවෙ සෙනසුරාද. අනිත් අයත් එදා තමා ගෙවල්වල ගියෙ. යද්දි බෝඩිමේ අංකල් එක්ක පොඩි වලියකුත් ගිහින් තිබුන ළමයි 2,3 දෙනෙක් එක්ක.




අපි හැමෝටම NAITA එකෙන් training letter එක හම්බුනේ training යන්න කලින් සතියෙ බ්‍රහස්පතින්ද. ඒ එක්කම daily diary එකත් හම්බුනා. මං ටිකක් බයේ හිටියෙ මට petroleum එකේ training එක හරි ගිහින්ද නැද්ද කියල දැනන් හිටපු නැති නිසා. ඒත් Naita එකෙන්නම් letter එක ඇවිත් තිබුන. ඒ නිසා ඉතින් මං හිතුව වැඩේ හරි කියල.