කොහොමහරි අවසර ඇතුව plant visit එකක් ගියෙ එදිරිසිංහ සර් එක්ක. එයා තමයි training officer . තෙන්නකොන් සර් තමයි training manager .training center එකේ කවුරුත් තෙන්නකෝන් සර්ට කැමති නෑ. එයා ටිකක් ආත්මාර්ථකාමි විදිහට තමයි හැසිරෙන්නෙ. අපි යනකොට එයා pension යන්න ඔන්න මෙන්න හිටියෙ.ඒ නිසා අනිත් අයගෙන් පලි ගන්න වැඩ කරනව වගේ තමයි එයා වැඩ කලේ. ඒ නිසා අලුතින් ආපු අපිටත් එයා එහෙමම තමයි. අනික එයා ඉංජිනේරුවන්ට වැඩිය කැමති නෑ. එයා ඉතින් එතන වැඩක් කලේ නෑ. උදේ ඇවිත් පත්තරේ අරන් කියෝනව, ඊටපස්සෙ computer එක දාගෙන ඉන්ටෙර්නෙට් එකේ මොනාහරි බලනව, ඊටපස්සෙ කාටහරි ටිකක් බනිනව, තේ එක ගේන්න කියනව, ඒව තමයි එයා කලේ. එහෙම ඉඳන් ලක්ෂෙකට වඩා පඩි ගත්ත. ඉඳල හිටල මොකක්හරි උත්සවයක් තිබ්බොත් පොඩි කතාවක් කරන්න එහෙම තම එයාට තිබුනෙ. එතන වැඩ ඔක්කොම වගේ කලේ එදිරිසිංහ සර්. එයාට plant එක ගැනත් හොඳ දැනුමක් තිබුන. අපි ගොඩක් දේවල් එයාගෙන් තමයි අහගත්තෙ. අපි ඇවිත් පලවෙනි දවස් 4ම හිටියෙ මුකුත් වැඩක් නොකර. එක්කො එකේ.එක්කො නිදි. 15 වෙනිද තමයි අපිව welding and fabrication shop එකට යැව්වෙ ඒකෙ ඉගන ගන්න.
training center එකට නිතරම ආපු ගිය කෙනෙක් තමයි . එයාගෙ නම පීරිස්. එයාට භාර වෙලා තිබුනෙ සේවකයො නිසි පරිදි safety regulations අනූව වැඩ කරනවද බලන්න. refinery එකේ අයගෙන් ලොකු power එකක් තියෙන එකක් තමා ඒ. එයාට කලින් හිටපු safety officer දැක්කම සේවකයො හැන්ගෙනවලු. ඒත් අපි යන කාල් හිටපු කෙනා බැන්නත් ගනන් ගන්නෙ නෑලු සමහරු. training centre එකේ තව හිටිය අතුගාන්න 2 නෙක්. එයාලට තිබුනු රාජකාරිය තමා පර්චස් 4ක විතරක් පොඩි බිමක් අතු ගාන්නයි, අපේ room එක අතුගාන්නයි. දවසෙ අනිත් හැම වෙලේම එයාල හිටියෙ නිකම්. එක්කො නිදි, එක්කො පත්තරේ බලනව.
0 comments:
Post a Comment