My Story

My Thoughts,My Experiences and something more....

මට පහල වුනු business plan එකක් තමයි මේ. මේක තාම කාටවත් කියන්නෙ නෑ. අලුත් විදිහක clothing shop එකක්. ලංකාවෙ මේ විදිහේ නෑ. ඉතින් කවදහරි දවසක සල්ලි හොයන්, මේ විදිහෙ එකක් කරන්න තමා මන් හිතන් ඉන්නෙ. ඒකට ගොඩක් සල්ලි ඕනෙ. ඒ නිසා එතකන් එක හිතේ තියන් තමා ඉන්න තියෙන්නෙ. පරන තාලෙම shop එකක් කරනවට වඩා අලුත් දෙයක් කරන එක තමයි හොඬ.


batch photo එක අරන් දවස් 2කට පස්සෙ ගත්ත department photo එක. ඒකටනම් වැඩි තදබදයක් තිබ්බේ නෑ. මොකද එකේ 100 දෙනා නිසා. එදාත් අපි වෙනම ෆොටොස් ගත්ත. කොලඹ අය, ගැට්ටෙ අයත් එක්ක, Tamil set එකත් එක්ක, එහෙම.







අවුරුදු 4ක් තිස්සෙ (4ක් කිව්වට 5 ක් විතර හිටිය) කැම්පස් එකේ ඉගෙන ගෙන කැම්පස් එකෙන් වෙන්න ලං වෙද්දි අපෙත් batch photo එක අරගන්න ලෑස්ති උනා කට්ටියම. කාටියම සුදු අත් දිග කමිස ඇඳන්, ගෑණු ලමයි සුදු සාරි ඇඳන් ආවෙ එදා. photo එක ගන්න අපි මුලින් පෝලිම්වල ඉඳන් නොම්මර අරගත්ත. ඊටපස්සෙ වෙනම building එකකට ගිහින් තමා ගත්තෙ ෆොටෝ එක. 7 දෙනා ගානෙ තමයි ෆොටෝ ගත්තෙ. එයාල ඊටපස්සෙ ඒ ටික ඔක්කොම එකට සෙට් කරල ලොකු ෆොටෝ එකක් හදනව. අපෙන් ෆොටෝ එකට 1500ක් ගත්ත. ෆොටෝ එක ගත්තු දවසෙ අපි යාලුවො එක්ක තවත් ෆොටෝ ගත්ත. එදා lectures තිබ්බෙත් නෑ අපිට.


අපේ project group එකේ කට්ටිය, රාජා, පොකෝ, තරිඳු එක්ක බොල්ගොඩ ගඟ ලඟට ගිහින් තමයි ගත්තෙ ඒ photos ටික.