My Story

My Thoughts,My Experiences and something more....


වෙනදට 31 වෙනිද රෑට මම ඉන්නෙ ගෙදර.ඒත් මේ සැරේ campus තිබුනු නිසා බෝඩිමේ තමයි හිටියෙ.බෝඩිමේ ටීවී එහෙමත් නෑනෙ.බෝඩිමේ හිටපු හැමෝටමත් “happy new year” කිව්ව.අම්මල එවෙලෙ නිදි ඇති නිසා ගෙදරට කතා කලේ උදේ.


මුලු ලෝකෙම අය අවුරුදු ගාණක ඉඳන් ලෝක විනාශයක් ගැන කතා කරමින් තමයි හිටියෙ.ඒ මායාවරුන්ගෙ දින දර්ශනයක් නිසා.එතෙක් කලක් මායාවරුන්ගෙ දින දර්ශනේ තිබුනු අනාවැකි ගොඩක් දුරට සත්‍ය වෙලා තිබුනෙ.ඒ දින දර්ශනේ ලියල තිබුනෙ 2012/12/21 වෙනිද වෙනකම් විතරයි.ඒ නිසා ලෝකෙ ගොඩක් අය මත පල කලා එදාට ලෝක විනාශයක් එනව කියල.ගොඩක් අය ඒ නිසා බයෙන් තමා හිටියෙ.ලංකාවෙ අයටත් වඩා සමහර රටවල අය පූජාවල් එහෙමත් තිබ්බ ඒ වගේ දෙයක් එන්න එපා කියල.දෙසැම්බර් 21 ලං වෙද්දි ලංකාවෙත් අහසෙ එක එක එලි පේන්න ගත්ත එක එක පැති වලින්.හැමදාම වගේ news වලට පෙන්නුව.සමහරු කිව්ව පිටසක්වල ජීවීන් ඇවිත් පෘථිවියට ප්‍රහාරයක් එල්ල කරල ලෝක විනාශෙ ඇති කරනව කියල.ලංකාවෙත් සමහර ජ්‍යෝතිශඥයො කිව්ව 21 වෙනිදට විශේෂ දෙයක් වෙනව කියල.

ඒත් බුදු දමෙ තියන විදිහට ලෝක විනාශෙ එන්නෙ තවත් කල්ප ගාණකින්.ඒ ගැන සප්ත සූර්‍යෝද්ගමන සූත්‍රයේ සඳහන් වෙනව.ඉරවල් 7ක් පායල මහ වැසි ඇති වීමක් ගැන එහි දැක්වෙනව.ඒ නිසා ඒ ගැන දන්න ගොඩක් අය බය නැතුව හිටිය.21 වෙනිද ලං වෙද්දි මායාවරුන්ගෙ තවත් දින දර්ශනයක් හොයාගත්ත කියල ප්‍රවෘත්තියක් පලවුනා.කොහොමහරි 21 වෙනිදත් උදා උනා.කිසි වෙනසක් නැතුව ඒ දවසත් සාමාන්‍ය විදිහට ගෙවිල ගියා. මායාවරුන්ට ඊටපස්සෙ පාරෙ බැහැල යන්නත් බැරි උනා කියලයි සමහරු විහිලුවට කිව්වෙ.


ඒ විදිහට tournament එකේ පලවෙනි දවස උදා උනා.එදා උදේ ඉඳන් අපිට lectures තිබුනෙ නෑ tournament එකට ලෑස්ති වෙන්න නිසා.පලවෙනි දවසෙ tournament එක කරන්න තිබුනෙ Colombo අයට.කට්ටිය තමන්ට අදාල වැඩ ටික කරද්දි මමත් පොඩි batch එකේ අය ටිකක් අරන් ඇවිත් banners ටික බිත්තියෙ එල්ලුව.opening ceremony එකට lecturers ලට invitation දෙන්න තිබුනෙත් මට.ඒ ටිකත් කොහොමහරි වෙලාවට දෙන්න පුලුවන් උනා.එදා තමා මම සමහර lecturers ල එක්ක මුලින්ම කතා කලෙත්.ඊටපස්සෙ අපි කට්ටිය 3ට විතර Gym එකට ඇවිත් ඔක්කොම ටික ලැස්ති කරල 4.15 වෙද්දි opening ceremony එක පටන් ගත්ත.එදා matches ටික ඉවර වෙද්දි 8.30 විතර උනා.

13 වෙනිද පොඩි සිදුවීමක් උනා රෑ වෙද්දි.අපි මුලින් කියල තිබුනෙ team එකක ඉන්න පුලුවන් එකම department එකේ අයට විතරයි කියල.ඒත් අය්යල 4 දෙනෙක් හිටපු team එකකdepartment  2,3ක අය හිටිය.ඒ ගැන පැමිණිලි ආවට පස්සෙ ඒකට මොකද කරන්න ඕන කියල කට්ටිය සාකච්ඡා කලා.ඒ අතරෙ බහින් බස් වීමකුත් ගියා පැමිණිල්ල දාපු අයයි, අපියි,අය්යලයි අතරෙ.අන්තිමට ඒක විසඳුවෙ department head සර් ඇවිත්.එයා කියපු දෙය පිලිගන්න ඒ අය්යල කැමති උනා.ඊටපස්සෙ අපේ batch එකේ ගැට්ටො ඇවිත් තවත් ලෙඩක් දැම්ම.එයාල කොහොමත් කරන්නෙ ඒ වගේ වැඩ තමයි.අපිත් කොහොමහරි ඒක විසඳගත්ත.එදා matches ටික ඉවර වෙද්දි රෑ 9 පහු උනා.බෝඩිමට එනකොට 10.30 විතර උනා.පියු boy ගෙ කාර් එක තිබුනු නිසා අවුලක් උනේ නෑ.



Film festival එකෙන් මේ වෙද්දි රු.60000ක් විතර හොයාගෙන තිබුනෙ.තවත් ලක්ෂ 2ක් විතර හොයන්න තිබුන.ඒ ඔක්කොම හොයන්න තිබුනෙ badminton tournament එකෙන් තමයි.ඒකටත් අපි වැඩ පටන් ගත්තෙ නොවැම්බර් 20 විතර ඉඳන්.ලොකු වැඩක් තිබුනෙ Sponsorships හොයන එකේ.මොකද අවශ්‍ය මුදල හොයාගන්න වෙන්නෙ එහෙම නිසා.හැමෝම වගේ එකතු වෙලා කණ්ඩායම් හැදිල ගිහින් Ads හෙව්ව.සමහරු අඳුරන අයගෙ මාර්ගයෙන් Ads හොයල ගෙනත් දුන්න.mechanical engineering level 1 batch එකටත් sponsorships හොයන්න කියල letters දුන්න.ඒත් ඉතින් 3/4කටත් වඩා Ads හෙව්වෙ අපේ batch එකෙන් තමයි.level 1 කිසිම වැඩක් කරන්න පුලුවන් batch එකක් නෙමෙයි.දැනට එයාල ඇවිත් අවුරුද්දකට වැඩි.ඒත් තවමත් ඒක ඒ විදිහම තමයි.සමහරවිට නායකත්ව පුහුණුව නිසා ඒ හැකියාවල් මොට වුනාද දන්නෙත් නෑ.මමත් ගියා campus එක ඇතුලේන් ගන්න පුලුවන් Ads ටික එකතු කරද්දි.ඒව ගත්තෙ ටිකක් අමාරුවෙන්.කොහොමහරි එක ඇතුලෙ තියන කඩ,canteen වලින් 10000ක් විතර හොයාගන්න පුලුවන් උනා.ඊටපස්සෙ ළමයි 3,4 දෙනා එකතු වෙලා එක එක Companies වලට ගිහින් විස්තරේ කියල ගන්න පුලුවන් Ads ටික ගත්ත.

අපේ අයගෙ මහන්සියෙන් කොහොමහරි ලක්ෂ 2ක් විතර හෙව්ව වලින්. ගැට්ටො(කොලඹ නොවන ඉංජිනේරු ශිෂ්‍යයන්) කොයි වෙලේ බැලුවත් company directory එකයි, phone එකයි අතේ තියන් call කරන ගමන්මයි හිටියෙ.ඒත් උන් ටික අපි හොයපු ගානෙන් බාගයක් විතර තමා හොයල තිබුනෙ.ඊටපස්සෙ ඒ Ads ටික දාල Souvenir එක print කරන එක (Nickname:මල්ලි) ජයත් භාරගත්ත.මට භාර දීල තිබුනෙ Sponsors ලගෙ banners, posters එහෙම tournament එක තියන gym එකේ බිත්තියෙ හරි තැන්වල එල්ලල බලාගන්න එක.පොඩි අයට කියල තමයි ඒව එල්ලුවෙ.ඒවයෙ photos යැව්වම තමයි ඒ sponsors ලගෙන් සල්ලි හම්බෙන්නෙ.