My Story

My Thoughts,My Experiences and something more....

6/15-survey 1st day @ katubedda
6/16-survey 2nd day at piliyandala
6/29-survey 3rd day at homagama
6/30-survey 4th day at angoda.
7/06- survey 5th day at kaduwela.
7/07-survey 6th day at thalawathugoda.
7/13-survey 7th day at galle.


sustainable energy authority එකෙන් කරපු survey එකකට අපේ කට්ටිය 30 දෙනෙක් register උනා. ඒක coordinate කලේ energy solve lanka කියන company එකෙන්. ඩිලාන්(වැද්ද) ඒකෙ වැඩ කරල තිබුනු කෙනෙක් නිසා තමයි අපිට ඒ chance එක හම්බුනේ. අපිට කරන්න තිබුනෙ පොඩි survey එකක්complete කරන්න ගෙයින් ගෙට ගිහින්.CFL බල්බ භාවිතය පිලිබඳව තමයි ඒකෙ ප්‍රශ්නාවලිය අහල තිබුනෙ.එක ගෙයක ගියාම 400/=ක් දෙනව. දවසට ගෙවල් 10කට විතර යන්න පුලුවන් කියල තමයි කිව්වෙ.ඒ නිසා කට්ටිය කැමැත්තෙන් register උනා.එක කරන හැටි  ගැන කියාදෙන්න අපිට නාවල තිබුනු energy solve lanka office එකට එන්න කිව්ව.එදා ඒ ගැන ඔක්කොම කියා දුන්න.


මම තමයි aiesec organizing committee for mass recruitment (2013) එකේ vice president වෙලා හිටියෙ. අපිට තිබුනෙ අලුතින් ආපු batch එකෙන් aiesec එකට join වෙන කැමති ළමයිව හොයාගන්න, අලුතින් ළමයිව aiesec එකට join කරගන්න. අපි ඉතින් marketing එහෙම කරල ගොඩක් අයව register කරගත්ත. එයාලට aiesec එක ගැන කියා දෙන්න introduction day එකක් කලා. ඒකට ගොඩක් කට්ටිය ආව.hall එකේ ඉඳගන්නත් ඉඩ මදි උනා.


අපේ semester 4 එකෙ exam ඉවර උනේ 11 වෙනිදා. එදා ඉතින් හිතට හරි නිදහස්.එදා හවස අපේ කට්ටිය mount lavinia beach ගියා. මට යන්න බැරි උනා. මම එදා class එකකට ගියා. ඒ තමයි මම මුලින්ම tution කරන්න ගෙදරකට ගියෙ. 11 වසරෙ ළමයෙක්ට ගණිතය කරන්න.දවසකට 800/= ගාණෙ තමයි ගත්තෙ.

මේ දවස්වල exam නෙ. ඒ අස්සෙ ටිකිය(iresh) අරුනිට facebook request එකක් යවල chat කරන්න පටන් අරන්.හැමදාම chat කරන ටික අපිට ඇවිත් පෙන්නනව.කොහොම කොහොම හරි අන්තිමට දෙන්න යාලු උනා.අරුනි කියන්නෙ aiesec එකේ ඉන්න පහල batch එකේ fashion design කරන කෙනෙක්. ඒ දවස්වල තමයි දෙන්න යාලු උනේ.ඒත් දැන් දෙන්නගෙ ආදරේ නැවතිලා (2014/01/01) . ඒකට හේතුව තමයි අරුනිට doctor කෙනෙක්ගෙන් proposal එකක් ඇවිත්. එයාගෙ ගෙදරින් ඒකට උඩින් කැමතිලු.ඒත් අරුනි කැමති නෑලු. කොහොමහරි ඉතින් අරුනිට ගෙදරින් බල කරල ටිකියගෙ එක නවත්තන්න කියල.

campus එකේදි අපිට කියන්නෙ කොලඹ කියල.කොලඹ ඉස්කෝලවලින් ආපු අයට තමා එහෙම කියන්නෙ. හොරණ, මතුගම, කලුතර ඉස්කෝලවලින් ආපු අයත් ඉන්නෙ කොලඹ අය එක්ක නිසා එයාලටත් කියන්නෙ කොලඹ අය කියල.කුරුණෑගල අය ඉන්නෙ වෙනම, නුවර අයත් එහෙමයි. දෙමල අයත් වෙනම ඉන්නෙ. අනිත් පිට පලාත් වල අය ඔක්කොම ඉන්නෙ එකට. එයාලට කියන්නෙ ගැට්ටෙ අය කියල. එයාල තමන්ට හිරු පිරිවර කියල නමකුත් දාගෙන තියෙනව. එයාල අපිට කියන්නෙ තරු පිරිවර කියල. දීප්තිමත්ම තරුව හිරුලු, ඒ නිසා වැඩියම බලවත් එයාලලු.අපේ අය කියන්නෙ හිරුද තවත් එක් තරුවක් පමණි ,ඒ නිසා අපියි බලවත් කියල.ගැට්ටෙ අය ප්‍රශ්න පත්‍ර පන්නල විභාග ලියනව කියල අපි අහල තියෙනව.ඒත් අපි  කවදාවත් එහෙම කරල නෑ. මෙහෙම විභාගෙට කලින් දවසෙ පාඩම් කර කර ඉන්නකොට එක පාරටම ළමයෙක් paper එකක් එවල "මේක තමයි හෙට එන්නෙ " කියල කිව්ව.අපිත් ටක් ගාල ඒක එයිද කියල කියන්න බැරි නිසා ඒ paper එක හදන්න ගත්ත.ඊටපස්සෙ ඊලඟ දවසෙ ගිහින් paper එක බැලුවම ,අපිට කලින් දවසෙ හම්බුනු paper එකෙන් ප්‍රශ්න කීපයක් ඇවිත් තිබුන.කොහොමහරි ඒකට මට A එකක් තිබුන.




අපේ set එක විභාගේ ලං උනාම ඉන්නෙම බස් එකේ තමා. කට්ටිය පාඩම් කරන්නෙ බස් එකේ. බස් එක කිව්වෙ පාරෙ බස් නෙමේ ,campus එකේ තියෙන කැන්ටිමක් වගේ තැනක්. ඒකෙ ඉතින් රෑ 12.30,1 විතර වෙනකම් ඉන්නව සමහර දවස්වලට පාඩම් කරන්න.දවසක් 2.30 විතර වෙනකමුත් හිටිය.එහෙම ඉන්නකොට ඉතින් මටනම් නිදිමත එනව බස් එකේදි. අනිත් අයටනම් එහෙම නෑ.පාඩම් කරන්න අපේ කට්ටිය 25ක්,30ක් විතර එනව. පාඩම් කරල ඉවර උනාම අපේ බෝඩිමේ කට්ටියයි, අඹගහවත්ත බෝඩිමේ කට්ටියයයි,දුමියලගෙ බෝඩිමේ කට්ටියයි එකට තමා යන්නෙ.අපේ බෝඩිමේ කට්ටිය තමා මම, මධුක, අලයා, රාජා.
x

mechanics of materials ii එකේ paper එක මම campus එකේදි 
ලියපු ලේසිම paper එකක්. මම වැඩිය ඒකට ලෑස්ති වෙලා හිටියෙ 
නැතත් exam එකට කලින් දවසෙ කට්ටිය එක්ක එකතු වෙලා 
කොහොමහරි ඒක හොඳට බලාගත්ත. මම බලන් ගිය ඔක්කොම ඒව 
එකේ අහල තිබුන. කොහොමහරි මට A+ එකක් තිබුන ඒකට.


ඒ දවසෙ අපිට study leave දීල තිබුනෙ.ඒ කිව්වෙ විභාගෙට කලින් පාඩම් කරන්න කියල නිවාඩු දීල තිබුනෙ.මම ඉතින් එදා ගෙදර ඉඳල ආව campus එකට යාලුවොත් එක්ක පාඩම් කරන්න.මම ආවෙ ටිකක් දවල් වෙලා. ඒ එනකොට යාලුවො කට්ටිය හොඳ වැඩක් හොයාගෙන තිබිල තියෙන්නෙ. මම ආපු ගමන් ඒකට ලෑස්ති වෙලා. කමල් ඇවිත් මගෙ phone එක ඉල්ලගෙන බල බල හිටිය. එකපාරටම මිනිහ කෑගැහුව "ඒ සුමාල්, 119 dial උනා මගෙ අතින් වැරදිල 2 පාරක්" කියල. " අවුලක් වෙන එකක් නෑ " කියල එයාම කියල ආයෙ phone එක ටිකක් බලල මට දුන්න මගෙ phone එක. 119 කියන්නෙ පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙ number එක. මාත් ගණන් ගන්නෙ නැතුව හිටිය. ටික වෙලාවකින් එකපාරටම මට call එකක් එනව 119 වලින්. මමත් ටිකක් බය වෙලා කලා. එතකොට ඇහුව 119 වලට call එකක් ගත්තද කියල.


මම කිව්ව "නෑ සර්, මේ වැරදිල 119 dial වෙලා, සොරි " කියල. ඒත් මම කලේ ලොකු වරදක් වගේ එයා දිගටම කියවගෙන ගියා.ඒ විදිහට පැය කාලක් විතර එක එක ඒව කියල, මගෙ phone number එක deactivate කරන්න වෙනව කියල කිව්ව. තව විනාඩි 15කින් campus gate එක ඉස්සරහට එන්න,police mobile එක එවනව කියල කිව්ව. මමත් හා එන්නම් කියල phone එක තිබ්බ. මේ වෙලාවෙ යාලුවො ටික එක එක අදහස් දක්වනව. කෙනෙක් කියනව මට යන්න එප කියල, තව කෙනෙක් කමල්ට බනිනව කරපු වැඩේට. එතන එක නාට්‍යක්.කොහොමහරි මම campus එකේ ගැට්‍ටුව ලඟට යනකොට ආයෙ 119 වලින්ම call එකක් ඇවිත් මධුක කතා කලා සුමාල් වරෙන් මෙහෙ කියල. එතකොටම ලොකු හිනාවක් ඇහුන වටෙන්.බලද්දි මුන් ටික මාව මුල ඉඳලම රවටල. කමල් මගෙ phone එක ඉල්ලගෙන කරල තියෙන්නෙ මේකයි. අලයගෙ (යාලුවෙක්) නම වෙනුවට 119 කියල save කරල මට phone එක දීල.එතකොට අලයගෙ එකෙන් එන calls වලට නම වැටෙන්නෙ 119 කියල. මධුක තමයි පොලිසියෙන් වගේ කතා කරල තියෙන්නෙ. මම තමයිලු ඒකට දෙවෙනියට අහු උනේ. ඊට කලින් පප්ප (තිසර) අහු වෙලා මම හිටපු නැති දවසක.ඊටපස්සෙ තව 3 දෙනෙක් විතර අහු උනා. හම්බල්, පත්තු (අතපත්තු) එහෙමත් අහු උනා. හම්බල් තමයි හොඳටම ‍රැව‍ටුනේ. ඇහේ කඳුලුත් ඇවිත් මිනිහ call එකට answer කරද්දි . එයාට පොලිසියට දෙන්න ලියුමකුත් ලියන්න කිව්ව. ඒක ලිව්වෙ අපි කට්ටියගෙන් අහගෙන. මේ තියෙන්නෙ ඒ ලියුම.

හොඳම වැඩේ කියන්නෙ පත්තුට ඒ වගේ කරපු වෙලාවෙ. ඒක කලේ අපේ බෝඩිමේදි. මධුකම තමයි පොලිසියෙන් වගේ කතා කලේ. මධුක කියල පත්තුට ඔබතුමා මොර‍ටුව එක ලඟ මෝල පාරෙ අහවල් තැන නේද දැන් ඉන්නෙ කියල.මිනිහ හොඳටම බය වෙලා.බෝඩිමේ හිටපු අපිට කියනව හොඳටම බයෙන් "මං ඉන්න තැනත් දැනගෙන" කියල. අපි මුකුත් දන්නෙ නෑ වගේ ඇහුව "කොහොමද එහෙම ඉන්න තැන හොයාගන්නෙ" කියල. එතකොට පත්තු කියනව "උන්ට එහෙම පුලුවන් ඇති " ලු.

මේ අපිට 4th semester එකේ තිබුනු project එකක්.ඒකෙ තිබුනෙ
සමාජයට , සමාජයෙ කාටහරි වැඩක් වෙන දෙයක් හදන විදිහ
mechanical engineering දැනුමත් එක්ක ඉදිරිපත් කරන්න.අපි
කලේ රෝද පු‍ටුවක තැනින් තැනට ඇවිද ඇවිද ටිකට් විකුණන
කෙනෙක් හම්බෙලා එයාට වැස්ස වෙලාවෙදිත් ටිකට් විකුණන්න
පුලුවන් විදිහට එයාගෙ රෝද පු‍ටුවට දෙන්න පුලුවන් නවීණතා, නව
උපාංග ඉදිරිපත් කරන එක.
මුලදි lecturersල කිව්වෙ අපි වැඩ කරල මදි කියල. ඒත් පස්සෙ final
presentation එක දවසෙ කිව්ව හොඳ  project එකක් කියල.අපේ
group එකේ හිටියෙ මම, තරිඳු, රාජ, ලක්මාල් .තරිඳුනම් ටිකක් ගහන
කෙනෙක්. ඒත් කොහොමහරි යන්තම් හරි දවසට presenation එක
කලා.