My Story

My Thoughts,My Experiences and something more....

Are you ready එකෙන් අපිට job interviews තියෙනව කියල හැමෝටම ආරංචිය ගිය නිසා හැමෝම ඒකට register උනා. හැම අවුරුද්දෙම  එක පාරක් rotaract club එකෙන් මේ event කරනව. මේ වැඩේදි rotaract membersල පුදුම උනන්දුවකින් කැපවීමකින් ඒ වැඩේ කලා වගේම අපිව ඒකට register කරවන්නත්, interview එකට යවන්නත් ලොකු උනන්දුවකින් වැඩ කලා. (පස්සෙ තමා දැනගත්තෙ වලට එන හැම එකකින්ම එකට රු. 10,000ක් ගානෙ ගෙවන කියල) .

ඒ කොහොම උනත් ඒක ගොඩක් හොඳ වැඩක්.interview එකකට යන හැටි, උත්තර දෙන්න ඕන හැටි ඔක්කොම දේවල් කියාදෙන්න වෙනම workshops එහෙමත් තිබ්බ. ඊටපස්සෙ 19 වෙනිද company වලින් ආව interviews වලට. අපි ඉල්ලපු පිලිවෙලට අපි කැමති company හම්බෙලා තිබුන interviews වලට. මට හම්බෙලා තිබුනෙ Co-energi, Kent engineers, KDS weerasingha Engineers. ඒවට අමතරව අපිට කැමතිනම් අනිත් companies වලටත් යන්න පුලුවන්. මම මට හම්බුනු companies වලට interview ගිහින් ගෙදර ගියා. companies වලට ගියා කිව්වෙ ඒ companies වලින් අපේ campus එකට ආව.campus එක ඇතුලෙ තැන් තැන්වල එයාල හිටිය desks තියන් එහෙම.

Co-energi එකෙන් අපේ final year project එක ගැන ඇහුව. එයාලත් ඒ සම්බන්ධ දේවල් කරන නිසා project එක  ගැන ගොඩක් විස්තර ඇහුව. අපේ project එක complete කලාම එයාලට ඇවිත් පෙන්නන්න කියල address, T.P no එහෙමත් දුන්න. අපි project එකට යොදාගත්තු tool එක උනු CFD වලින් තමයි එයාලත් ගොඩක් දේවල් කරන්නෙ.

සල්ලි හොයල හොයල කරපු අපේ event එක- රෑ10 (හඹා යන්නට අපේ සිහින) .hostel එකේ මං ලඟ සරමක් තිබුනු නැති නිසා ගයියගෙන් තමයි ඉල්ලගත්තෙ සරම. ඒකට යන්න කලින් කට්ටිය හොස්ටල් එකේදි photo වගයකුත් අරගත්ත.  සිංදු තමයි කිව්වෙ කට්ටිය. සර්ලත් සමහරු සිංදු කිව්ව. 





සෙව්වන්දිලගෙ ගෙදරට මීට අවුරුදු 5කට විතර කලින් හොරු පැනල තිබුන. එවෙලෙ සෙව්ගෙ ඔක්කොම රත්තරන් බඩු හොරකම් කරන් ගියා කියල තමයි කිව්වෙ.  ලක්ෂ 5ක විතර බඩුලු. පොලිසියට කිව්වත් ඒව හම්බෙලත් නෑ. දවල් තමයි හොරකම් කරල තියෙන්නෙ. ඒ කියන්නෙ ගෙවල් පැත්තෙ කෙනෙක් සම්බන්ධයි කියන එක. පුදුම වැඩේ කියන්නෙ 2 වෙනි පාරටත් මහ දවල් හොරු පැන්න එක. එදත් අරන් ගිහින් තිබුනෙ රත්තරන් බඩුමයි. පොලිසි ගියත් අද වෙනකම් ඒවනම් හම්බෙලා නෑ. සාස්තරකාරයො 5 දෙනෙක් විතර හොයන් ගියාලු. එයාලනම් කලේ සල්ලි කඩපු එක තමා.

අපේ semester 7 exam එක පටන් ගත්තෙ 2014-10-03 වෙනිද. මට ඒක අමාරුවක් උනේ නෑ. ඔක්කොම ලේසි වගේ දැනුන. ඒත් සමහර modules නම් පොඩ්ඩක් අවුල් තිබුන. microsoft company  එකෙන් nokia company එක මිලදී ගන්න යනව කියල කටකතා තිබුන. ඒක ඇත්තටම 26 වෙනිද මිලදී ගත්ත. ලෝකෙ එතෙක් බිහිවුනු හොඳම phone company ය අවසන් උනේ එහෙමයි. nokia phone කිව්වොත් qualityය ගැන තමයි ඕන කෙනෙක්ට මතක් වෙන්නෙ. ඒත් smart phone ආවම nokia කට්ටිය android වලට ගියෙ නැති නිසා එයාලට පහුබහින්න සිද්ධ වුනා. ඒකෙන් samsung, apple ඉදිරියට ආව.අදටත් ලෝකෙ එතෙක් මෙතෙක් වැඩිපුරම විකිණුනු phone එක විදිහට සඳහන් වෙන්නෙ Nokia 110 එක. ලෝකෙ තිබුනු අංක එකේ brand name එකක් ලෝකයෙන් සමුගත්තෙ ඒ විදිහටයි.

පොකෝ කියන්නෙ කවුද කියල කලින් තැනක කියල තිබුන. ඒ hostel එකේ මගෙ room එකේ හිටපු 4 දෙනාගෙන් කෙනෙක්. පොකෝ කියල නම හැදුනු හැටිත් කලින් කිව්ව. එයාගෙ නංගිගෙ wedding එක තිබුනෙ එදා කඩුවෙල hall එකක. අපේ room එකේ නිසා මටයි, රාජටයිත් invitation දුන්න. අපි එහෙ ගියේ apple ගෙ කාර් එකේ. පොකෝනම් තාම බැඳල නෑ. නංගි පොකෝට වඩා අවුරුදු 2ක්ද කොහෙද බාලයි.මේ ඉන්නෙ එදා ආපු කට්ටිය තමයි.


airport එකට කලින් ගිහින් තියෙනව. ඒත් plane එකක් ඇතුලට මුලින්ම නැග්ගෙ එදා තමයි. අපේ campus  එකේ mechanical කරපු අයගෙන් 60ක් විතර aircraft technology subject එක කලා. ඒකට තමයි field visit එකක් විදිහට මේකට එක්කන් ගියෙ. plane එකක maintenance කෙරෙන හැටි ,ඒකෙ කොටස් එහෙම බලන්න තමයි ගියෙ.plane එක ඇතුලට නැගල බැලුව. 

පොඩි batch එකට welcome එකක් දෙන්න සල්ලි එකතු කරන්න හිතන් කට්ටිය එක එක ideas දුන්න. film festival, drama එකක්, t shirt එකක් ගහන්න වගේ දේවල් තමා යෝජනා උනේ. අපි කලින් පාරක 3D film festival එකක් කරල යන්තම් බේරුණේ ගුටි නොකා ;) .3D කිව්වට ඒක හරියට 3D පෙනුනෙ නෑ. ඒ නිසා ආයේත් පාරක් ඒව කරල නාගන්න බැරි නිසා drama එකක් ගැන හිතුවෙ. කලින් අවුරුද්දෙ අපිට උඩ batch එකේ අයියලා "මං දියවෙලා" drama එක පෙන්නුව අපිට welcome එක දෙන්න සල්ලි හොයන්න. ඒකට ගොඩක් ළමයි ආව බලන්න. ඒ කාලෙදිම වගේ ජගත් චමිලට ලෝකෙ හොඳම නලුව සම්මානෙත් හම්බුනු නිසා ජගත් චමිල රඟපාන "මං දියවෙලා" drama එක බලන්න කට්ටිය කැමැත්තෙන් ආව. අපි පස්සෙ කල්පනා කලේ මොකක්ද පෙන්වන drama එක කියල. ඊටපස්සෙ එක්කෙනෙක් හොයන් ඇවිත් තිබ්බ "ජෝන්ගේ සත්තුවත්ත" කියල drama එකක්. ඒක හොඳ ඇති කියා හිතන් ඒක පෙන්නන්න තීරණය කලා. ඒක කැළණි කැම්පස් එකේ ළමයි හදපු එයාල රඟපාන drama එකක්.

කොහොමහරි ටිකට් විකුණන එකනම් ලේසි උනේ නෑ. අපේ කට්ටිය කෙල්ලො කොල්ලො ගාවට ගිහින් වැන්දෙ නැති ටික විතරලු.canteen  එකේ තමයි ටිකට් වැඩියෙන්ම විකුණුවෙ. canteen එකට ඇවිත් ඉඳගෙන ඉන්න couples වලට, ළමයින්ට බලෙන් ටිකට් දුන්නෙ එපා කියද්දි. 6,7 දෙනෙක් ඉඳගෙන ඉන්න canteen එකේ table එකකට ගිහින් මල්ලි මේ ටිකට් එකක් ගන්න කිව්වම, එතන හිටපු 6,7 දෙනා එක්කෙනෙක් රු. 20,30 වගේ දාල එක ටිකට් එක ගත්තු වෙලාවල් තිබ්බ. ඔහොම ඉතින් කොහොමහරි ටිකට් විකුණල යන්තම් 75000ක් විතර හොයාගත්ත. එදා තමයි drama එක තිබ්බෙ.රඟපාන්න ආපු අයට 50,000ක්ද කොහෙද දුන්න. අන්තිමට drama එකේ ලාබෙ උනේ 10,000ක් විතරලු.   



හැම අවුරුද්දෙම mechanical department එකෙන් cricket tournament එකක් තියනව. හැම level එකකින්ම team 2 ගානෙ ගහනව. අපි level 3 ඉන්නකොට ගහපු match ටික පරාද උනා. මේ පාර level 4 නිසා පොඩි උන්ව පරාද කරල cup එක කොහොමහරි ගන්න හිතන් තමයි හිටියෙ. මමනම් team එකකට ගැහුවෙ නෑ. මට වඩා ක්‍රිකට් පුලුවන් අය හිටපු නිසා. අපේ level එකෙන් දාපු 2 තමා, colombo එකයි ගැට්ටෙ එකයි. අපි colombo team එකේ. අපි ගහපු ඔක්කොම match දිනන් ආව final එකට. එකෙනුත් ලේසියෙන් දිනන්න පුලුවන් වෙයි කියල තමා හිතුවෙ. ඒත් අන්තිමට මෙදා පාරත් උනේ tournament එක පරදින්න. නඩා, මුට්ටි වගේ හොඳට ගැහුව. 


match ටික පටන් ගන්න කලින් හැමදාම සුහද තරඟයක් තියෙනව lecturers,ළමයි අතර. අපිට හිතුනෙ lecturers ලට ක්‍රිකට් බැරුව ඇති. ඒත් බලද්දි එයාලත් හොඳට ගැහුව. කොහොමත් සාමාන්‍යෙන් ඒ match එකේ දිනුම ළමයි සර්ලට දෙනව හිතල පැරදිලා හරි. ගිය පාර ඒ match එක දකිද්දිත් හිනා. ළමයි හිතලම අවුට් උනු හැටි දැක්කම හිනා යනව. එහෙම ළමයෙක් හිතාමතා අවුට් උනාම lecturersල උඩ පනිනව, ඒක සර්ලගෙ දක්ෂකමින් ගත්තු විකට් එකක් කියල හිතල. match ටික පටන් ගන්න කලින් department එකේ සර්ලගෙ දේශනේකුත් තියල එහෙම තමයි වැඩ පටන් ගන්නෙ. මෙදා පාර department head wimalasiri සර් තමයි ප්‍රධාන ආරාධිතය උනේ. 

මහේල ජයවර්ධන කියන්නෙ ලංකාවෙ බිහිඋනු තාක්ෂණයෙන් උපරිම, ඉතාම අලංකාර පහරවල් එල්ලකරන ක්‍රීඩකයෙක් හැටියට ලෝකෙම කතා කරන, අඩු ශක්තියකින් ලොකු පහරවල් එල්ල කරන්න පුලුවන් අසාමාන්‍ය හැකියාවක් තිබුනු, අරවින්ද සිල්වාගෙන් පසුව ලංකාවෙ බිහි උනු තාක්ෂණයෙන් උපරිම ක්‍රීඩකය ලෙස හැඳින්වෙන දකුණත් පිතිකරුව.big match player, picasso of cricket, shot master  විදිහටත් ඔහුව හඳුන්වනව. ඔහුගේ පිතිකරණ ශෛලිය ඇහැට අමාවතුර වගේ කියල තමා ක්‍රිකට් විශේෂඥයින් කියන්නෙ. late cut, reverse sweep, in side out වගේ පහරවල් හොඳින්ම එල්ලකරන ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුගෙ late cut එක කිසිම පිතිකරුවෙක් ඔහු තරම් හොඳින් එල්ල කරන්නෙ නෑ. ඒක ඒ තරම්ම late.
ක්‍රිකට් පිටියෙ වාර්තා ගොඩකට හිමිකම් කියන ක්‍රීඩකයෙක්. ලෝකෙ හොඳම ක්‍රිකට් නායක උනු කෙනෙක්. ලෝක කුසලාන තරඟවල final එකකයි,semi final  එකකයි 100 ගහපු ලෝකෙ එකම පිතිකරුව. සනත්,අරවින්ද, අර්ජුන යුගයෙන් පස්සෙ ලංකාවෙ ක්‍රිකට්වල කොඳු නාරටිය උනේ මහේල. සංගක්කාර ඒ තැනට එන්න ගොඩක් කල් ගත්ත. ඒත් මහේල සහජ දක්ෂතාවක් තිබුනු නිසා team එකට ආපු කාලේ ඉඳන්ම කැපී පෙනුන.  ඒ ඔක්කොටම වැඩියෙන් මහේල අපේ ඉස්කෝලෙ කෙනෙක්. ඔහුගෙ අවසන් test match එක තිබ්බෙ ගාල්ලෙ. ඒ වගේ ක්‍රීඩකයෙක් ආයෙ ලංකාවෙ බිහිවෙන්න කොච්චර කල් යෛද කියන්න බෑ. සනත් කෙනෙක් මුරලි කෙනෙක් තවත් බිහි වෙලා නෑ වගේම මහේල කෙනෙකුත් බිහි වෙන්න කොච්චර කල් යෛද කියල කවුරුත් දන්නෙ නෑ. 



නිට්ටඹුවෙන් මම බැස්සෙ ගයාන් එක්ක. (ගයිය කියල කියන්නෙ අපි) . ඒ වෙද්දි කිරිඳිවැල ලංගම බස් එකක් තිබුන. අපි දෙන්න ඒකෙ නැග්ග. නැගපු ගමන් මගෙ බෑග් එක කෙනෙක් ඊලගත්ත මන් හිටගෙන හිටපු නිසා. වතුපිටිවල පාස් වෙද්දි ගයාන් බැස්ස. ඊටපස්සෙ මම ඉඳගත්ත අත්තනගල්ලෙන්. ඉඳගෙන මගෙ බෑග් එක ඉල්ලගත්ත. ඒ බෑග් එක ඉල්ලගත්තු මිනිහත් ඌරපොලින් බැහැල ගියා. ඊටපස්සෙ කිරිඳිවැලට ඇවිත් මම තාත්ත එක්ක ගෙදර යනගමන් phone එක හෙව්ව පොඩි වැඩකට. කොච්චර හෙව්වත් හොයාගන්න බැරි උනා. එතකොට තමා මතක් උනේ මගෙ බෑග් එක ඉල්ලගත්තු කෙනා මගෙ බෑග් එක එහෙට මෙහෙට හරව හරව ඉන්නව මම දැක්ක කියල. මගෙ Nokia 500 phone එක එයා හොරකම් කරල. ඒ ගමන් අපි පොලිසි ගියා imei අංකෙත් අරන්. ඊටපස්සෙ complaint එකක් දැම්ම.phone  එක හම්බෙන එක sure නැතත් එහෙම කලා. ඒ phone එක පාවිච්චි කලේ මාස 8යි. ඊටපස්සෙ ඉතින් මං ලඟ ඉතුරු උනේ Nokia 1100 එක තමා. contacts ගොඩකුත් නැතුව ගියා ඒකෙන්.


දෝතලුගල වන රක්ෂිතය පිහිටල තියෙන්නෙ නකල්ස් කඳු යායෙ. සැරින් සැරේ මීදුමෙන් වැහිල යන එහෙත් තරමක් වැස්ස අඩු ප්‍රදේශයක්. වාහන සංචාරක නිකේතනයේ නවත්වල පයින් යන්න තියෙන්නෙ කන්දට. ලස්සන පරිසරයක් තියෙන්නෙ. කැලේ මැද නවතින්න පොඩි ගෙයකුත් තියේ. අපි ඒකෙ තමයි එදා නැවතිල හිටියෙ. මේකත් colomboo mech කට්ටියගෙ trip එකක්. 21 වෙනිද හවස වෙද්දි තමයි එහෙට ගියෙ. මග නැවති නැවති එහෙම ගියෙ. ඊටපස්සෙ රෑ වෙද්දි ඒ කැලේ මැදට ගියා. යද්දි මගෙ සෙරප්පු 2ත් කැඩුන. එහෙ ගල් තියෙනව කන්ද නගිද්දි. ගස් අස්සෙන් එල්ලිලා යන්න තැනුත් තියේ. සමහර තැන්වල පුදුම හුලඟක් තියෙනව ගහන් යන්න තරම්. එදා රෑ ඒ ගේයි නිදාගෙන උදේ 8 ට විතර අපි ගියා කන්ද මුදුනට. එතන පුදුම ලස්සන තැනක්. මීදුම පිරිල පුදුම සීතලක්. ඒ වගේම හුලඟ. ගස් හු

ලඟ නිසා වැඩිය උසට හැදිල නෑ.  උඩ පොඩි ගල් තලාවක් තියේ. මීදුම නිසා අපි හිටියෙ තෙමිල වගේ. මම jacket එකක් දාගෙන හිටියෙ සීතල ඉවසන්න බැරි නිසා. එතන අපි හිටිය පැයක් විතර. ඊටපස්සෙ කන්ද බැහැල හිටපු තැනටම ආව. ඊටපස්සෙ තමයි උදේ කෑම කැවෙ. අපි එහෙන් එනකොට ආවෙ නුවර පාරෙ. ඒ නිසා මම නිට්ටඹුවෙන් බැස්ස. 





unitate 2013 වලින් පස්සෙ තිබුනු Mora Nalandiansලගෙ get together එක තමයි unita 2014 . මේක තිබ්බෙ colombo light house gallery එකේ. අපේ batch එකෙන් සමහරු ආවෙ නැතත් සැලකිය යුතු පිරිසක් ආව ඒකට. පොඩි batch වලින්නම් ඔක්කොම වගේ ඇවිත් තිබුන.  අපිට උඩ batch  එකෙන්, ඒ කිව්වෙ pass out වෙලා ඉන්න අයගෙන් නිරන්ද අයිය, ඉශාන් අයිය ඇවිත් හිටිය. ඔක්කොම 100 දෙනෙක් විතර හිටිය. වෙනද වගේ පොඩි පොඩි games වගයක් තියල කාල එහෙම ඉවර වෙලා උත්සවේ වැඩ ටික ගියා. ඊටපස්සෙ 5,6 දෙනෙක්ගෙ කතා තිබුන. අපේ batch එකෙන් මධුක කතා කලා. මධුක ඒ කාලෙ union president. union meeting එක අමතද්දි "නංගියෙ මල්ලියෙ " කියල කතාව පටන් ගන්නෙ. ඒ පුරුද්දට එදත් "නංගියෙ මල්ලියෙ" කියල කතාව පටන් ගත්තෙ. අපේ ඉස්කෝලෙ ඉතින් ඉන්නෙ කොල්ලො විතරනෙ. ඊටපස්සෙ තිබුනෙ ඉශාන් අයියගෙ කතාව. ඉශාන් අයිය කතාවක් කලොත් නියම කතාවක් කරනව. මිනිහ එදා පටන් ගත්තෙ "ඇත්තටම මධුක මල්ලි කියපු දෙය මං අගය කරනව, මොකද අපි  වෙනසක් කරන්න ඕනෙ. මල්ලිට වැරදිලා කියවුනත් මං හිතන්නෙ අපි ඊලඟ පාර නංගිල ටිකකුත් ගෙන්නගෙන මේක කරන්න ඕනෙ කියල" කියල. උත්සවේ ඉවර වෙලා බස් එකට නැග්ගෙ රෑ 12 ට විතර galadari hotel එක ඉස්සරහින්. 1ට විතර තමා hostel එකට ගියෙ. 





ජිල් බෝල?
පොඩි කාලේ ආසම දෙයක් තමයි. ලොකුම දෙය ඒව කටේ දාගන්නෙ නැතුව ඉන්න එක. පොඩි ළමයින්ට අහු වෙන්න තිබ්බොත් කටේ දාගන්න ඉඩ තියෙනව. පොඩි කාලෙ ජිල් බෝල් වලින් සෙල්ලම් කරද්දි අම්ම තාත්ත කෑගහනව "බලාගෙන මල්ලි කටේ දාගනී ඕව, නංගිට දෙන්න එපා " කියල.  





රූං පෙත්ත වගේම පොල් කොල ව්ලෛන් හදන්න පුලුවන් දේවල් දේවල් තව ගොඩක් තියෙනව. අපි පොල් ඉරටයි, කුරුම්බැට්ටියි අරන් කුරුම්බැට්ටි මැෂිම හදල තියේ ඇති වෙනකම්. හදල මය්යොක්ක කොල දාල කරකනව ඒක මහනව කියල කියන්න.තව කොස් කොල තොප්පි හැදුව පොඩි කාලෙ. එක එක විදිහෙ ඒව හැදුව.කොස් කොල වලින් ඔ‍ටුනුත් හැදුව. පොල් කොල ගොතල සර්පයෙක් හැදුව පොල් කොල වලින්. ඒව තමයි මතක සෙල්ලම්. 2000න් පස්සෙ ඉපදුනු ගොඩක් අයනම් මේව දැකල නැතුව ඇති.


පොඩි කාලෙකරපු සෙල්ලම් ගොඩක් තිබුන. දැන් වගේ computer, internet, video games ඒ කාලෙ නැති නිසා ගොඩක් වෙලාවට අපි හිටියෙ වත්තෙ, වත්ත පහල, වෙලේ, ගස් අස්සෙ, එහා ප‍ටුමගවල් වල තමයි. පාරෙත් හිටිය සමහර වෙලාවට. හැංගිමුත්තම්, පොයින්ට්, හොරා පොලිස්, ට්‍රැකර් අපි නිතරම කරපු සෙල්ලම්. හෂාන්, උදයංග, රුමේශ් එහෙම තමා ගොඩක් වෙලාවට ඒ සෙල්ලම් වල හිටියෙ. මේ මම කියන්නෙ 4,5 වසර වෙනකම් කාලෙ ගැන. පහල වෙලේ දං ගස් තිබුන ඒ කාලෙ. ඇති වෙන්න දං කඩාගන්න පුලුවන් ඒ කාලෙට. දැන්නම් එක දං ගහක්වත් නෑ ඒ හරියෙ. දැන් වෙලත් ගොඩ කරල ටිකක්. අපේ වත්තට එහා වත්ත තේකොල මාමගෙ. අපි පොඩි කාලෙ ඉඳන් එයාට කියන්නෙ එහෙමයි. එයා හිටියෙ පූගොඩ නිසා ඒ වත්ත නිකම් තිබුනෙ ගස් පිරිල කැලේ වැවිල. අපි හොරා පොලිස් කරද්දි හැංගෙන්නෙ ඒ වත්තෙ ගොඩක් වෙලාවට. අපේ වත්ත පහල කජු ගහකුත් තිබුන එතකොට. ඒකෙන් කජු ගෙඩි පිටින් කඩන් කෑව මතකයි මට.

ට්‍රැකර් කියන්නෙ බෝලෙන් අනිත් අයට ගහන සෙල්ලම. මේක සමහරු සම්බෝල කඩනව කියල කියන්නෙ. අපි කිව්වෙ ට්‍රැකර් කියල. ඒ සෙල්ලම කරන්න ඒ දවස්වල අපේ ප‍ටුමගේ ගොඩක් ඉඩ තිබුන. හැමතැනම දුවල ඒක කලහැකි. දැන්නම් ගෙවල් පිරිල නිසා ඒවට කොහෙත්ම ඉඩ නෑ. අපි ක්‍රිකට් ගැහුවෙත් ගේ ලඟ. ඒකටත් ඉඩ තිබුන හොඳට. සරුංගල් අරින එකත් එතකොට ආසම දෙයක්. අගෝස්තු නිවාඩුව එනකම් බලන් ඉන්නෙ සරුංගල් හදන්න. මොකද ඒ කාලෙට හොඳට හුලං තියෙනව. ගමේ ළමයි එක එක සරුංගල් හදල යවනව. කොම්බුව කියයි, මොනර කියයි, වවුල, නයා, එක එක විදිහෙ ඒව. ඒත් මම දැනන් හිටියෙ වවුලයි, නයයි හදන්න විතරයි. මම ආසම, මට හිතුනු විදිහට ලස්සනම එක තමා මොණර සරුංගලේ. ඒක ලොකුයි, ලස්සනයි. 


ටයර් අරන් එලවන එක තවත් සෙල්ලමක්. ඒ දවස්වල හැම කොල්ලෙක්ටම වගේ ටයර් එකක් තිබුන. ටයර්, එක එක සයිස් ඒව. ඒවයින් අපි රේස් තිබ්බ. එක ගෙදරක ඉඳන් තව ගෙදරකට යද්දි අපේ වාහනේ කියල එලවන් ගියෙ ටයර් එක. හොඳම ටයර් එක තිබුනු කෙනා කැපී පේනව. වෙලාවකට අපි ගහගත්තෙ ටයර් වලින්.ඒ කිව්වෙ ටයර් වේගෙන් එලවන් ඇවිත් හප්පගන්නව තරහ පිට කරන්න. පොඩිම කාලෙ කරපු සෙල්ලමක් තියේ. ඒකෙදි කියන සින්දුව මතකයි සෙල්ලම මතක නෑ හරියට. සෙල්ලමේ නම "කිරි කිරි බෝලෙ". ඉන්න කට්ටිය අත් අල්ලන් රවුමක් හැදෙනව. ඊටපස්සෙ සින්දුව කිය කිය කැරකෙනව. දඩිං බිඩිං ඩොං කියද්දි බිම ඉඳගන්නව එක පාරට.

කිරි කිරි මාලේ- ‍රැලි ‍රැලි බෝලේ
මේ ළමයා කොහින්දෝ- රෝස කැලෙන් ඇහින්දෝ
දඩිං බිඩිං ඩොං

රූං පෙති හදන එකත් හැමෝම කරපු දෙයක්. පොල් කොල වලින් හදල ඒක අරන් දුවනව. දුවද්දි හුලඟට රූං පෙත්ත කැරකෙනව. රූං පෙත්ත කැරකෙනවා- කෝං පිට්‍ටු ඉදිවෙනවා කියල සිංදුවකුත් තියෙන්නෙ. අපි කෝං පිට්‍ටුත් හැදුව වැලි ගොඩේ. පොල් කට්ට අරන් වැලි පුරෝල වතුර දාල ඒක අනිත් පැත්ත හරෝල පොලවෙ තියල පොල් කට්ට ගන්නව. චක්ගුඩු පනින එක මමනම් වැඩිය කරල නෑ. ඒත් අපේ ගමේ කට්ටියනම් කරල තියෙනව. බිංකුණ්ඩො ඉන්න තැන්වල බිම හාරල උන්ව හොයන එක සමහරු ආස දෙයක් ඒ කාලෙ. මමනම් ඒකට වැඩිය ආස නෑ.


Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts