නිට්ටඹුවෙන් මම බැස්සෙ ගයාන් එක්ක. (ගයිය කියල කියන්නෙ අපි) . ඒ වෙද්දි කිරිඳිවැල ලංගම බස් එකක් තිබුන. අපි දෙන්න ඒකෙ නැග්ග. නැගපු ගමන් මගෙ බෑග් එක කෙනෙක් ඊලගත්ත මන් හිටගෙන හිටපු නිසා. වතුපිටිවල පාස් වෙද්දි ගයාන් බැස්ස. ඊටපස්සෙ මම ඉඳගත්ත අත්තනගල්ලෙන්. ඉඳගෙන මගෙ බෑග් එක ඉල්ලගත්ත. ඒ බෑග් එක ඉල්ලගත්තු මිනිහත් ඌරපොලින් බැහැල ගියා. ඊටපස්සෙ කිරිඳිවැලට ඇවිත් මම තාත්ත එක්ක ගෙදර යනගමන් phone එක හෙව්ව පොඩි වැඩකට. කොච්චර හෙව්වත් හොයාගන්න බැරි උනා. එතකොට තමා මතක් උනේ මගෙ බෑග් එක ඉල්ලගත්තු කෙනා මගෙ බෑග් එක එහෙට මෙහෙට හරව හරව ඉන්නව මම දැක්ක කියල. මගෙ Nokia 500 phone එක එයා හොරකම් කරල. ඒ ගමන් අපි පොලිසි ගියා imei අංකෙත් අරන්. ඊටපස්සෙ complaint එකක් දැම්ම.phone එක හම්බෙන එක sure නැතත් එහෙම කලා. ඒ phone එක පාවිච්චි කලේ මාස 8යි. ඊටපස්සෙ ඉතින් මං ලඟ ඉතුරු උනේ Nokia 1100 එක තමා. contacts ගොඩකුත් නැතුව ගියා ඒකෙන්.
0 comments:
Post a Comment