unitate 2013 වලින් පස්සෙ තිබුනු Mora Nalandiansලගෙ get together එක තමයි unita 2014 . මේක තිබ්බෙ colombo light house gallery එකේ. අපේ batch එකෙන් සමහරු ආවෙ නැතත් සැලකිය යුතු පිරිසක් ආව ඒකට. පොඩි batch වලින්නම් ඔක්කොම වගේ ඇවිත් තිබුන. අපිට උඩ batch එකෙන්, ඒ කිව්වෙ pass out වෙලා ඉන්න අයගෙන් නිරන්ද අයිය, ඉශාන් අයිය ඇවිත් හිටිය. ඔක්කොම 100 දෙනෙක් විතර හිටිය. වෙනද වගේ පොඩි පොඩි games වගයක් තියල කාල එහෙම ඉවර වෙලා උත්සවේ වැඩ ටික ගියා. ඊටපස්සෙ 5,6 දෙනෙක්ගෙ කතා තිබුන. අපේ batch එකෙන් මධුක කතා කලා. මධුක ඒ කාලෙ union president. union meeting එක අමතද්දි "නංගියෙ මල්ලියෙ " කියල කතාව පටන් ගන්නෙ. ඒ පුරුද්දට එදත් "නංගියෙ මල්ලියෙ" කියල කතාව පටන් ගත්තෙ. අපේ ඉස්කෝලෙ ඉතින් ඉන්නෙ කොල්ලො විතරනෙ. ඊටපස්සෙ තිබුනෙ ඉශාන් අයියගෙ කතාව. ඉශාන් අයිය කතාවක් කලොත් නියම කතාවක් කරනව. මිනිහ එදා පටන් ගත්තෙ "ඇත්තටම මධුක මල්ලි කියපු දෙය මං අගය කරනව, මොකද අපි වෙනසක් කරන්න ඕනෙ. මල්ලිට වැරදිලා කියවුනත් මං හිතන්නෙ අපි ඊලඟ පාර නංගිල ටිකකුත් ගෙන්නගෙන මේක කරන්න ඕනෙ කියල" කියල. උත්සවේ ඉවර වෙලා බස් එකට නැග්ගෙ රෑ 12 ට විතර galadari hotel එක ඉස්සරහින්. 1ට විතර තමා hostel එකට ගියෙ.
Posted by
chaturanga
0 comments:
Post a Comment