දෝතලුගල වන රක්ෂිතය පිහිටල තියෙන්නෙ නකල්ස් කඳු යායෙ. සැරින් සැරේ මීදුමෙන් වැහිල යන එහෙත් තරමක් වැස්ස අඩු ප්‍රදේශයක්. වාහන සංචාරක නිකේතනයේ නවත්වල පයින් යන්න තියෙන්නෙ කන්දට. ලස්සන පරිසරයක් තියෙන්නෙ. කැලේ මැද නවතින්න පොඩි ගෙයකුත් තියේ. අපි ඒකෙ තමයි එදා නැවතිල හිටියෙ. මේකත් colomboo mech කට්ටියගෙ trip එකක්. 21 වෙනිද හවස වෙද්දි තමයි එහෙට ගියෙ. මග නැවති නැවති එහෙම ගියෙ. ඊටපස්සෙ රෑ වෙද්දි ඒ කැලේ මැදට ගියා. යද්දි මගෙ සෙරප්පු 2ත් කැඩුන. එහෙ ගල් තියෙනව කන්ද නගිද්දි. ගස් අස්සෙන් එල්ලිලා යන්න තැනුත් තියේ. සමහර තැන්වල පුදුම හුලඟක් තියෙනව ගහන් යන්න තරම්. එදා රෑ ඒ ගේයි නිදාගෙන උදේ 8 ට විතර අපි ගියා කන්ද මුදුනට. එතන පුදුම ලස්සන තැනක්. මීදුම පිරිල පුදුම සීතලක්. ඒ වගේම හුලඟ. ගස් හු
ලඟ නිසා වැඩිය උසට හැදිල නෑ. උඩ පොඩි ගල් තලාවක් තියේ. මීදුම නිසා අපි හිටියෙ තෙමිල වගේ. මම jacket එකක් දාගෙන හිටියෙ සීතල ඉවසන්න බැරි නිසා. එතන අපි හිටිය පැයක් විතර. ඊටපස්සෙ කන්ද බැහැල හිටපු තැනටම ආව. ඊටපස්සෙ තමයි උදේ කෑම කැවෙ. අපි එහෙන් එනකොට ආවෙ නුවර පාරෙ. ඒ නිසා මම නිට්ටඹුවෙන් බැස්ස.
0 comments:
Post a Comment