My Story

My Thoughts,My Experiences and something more....

ඇමරිකාව දෙවන ලෝක යුද්ධෙදි ජාපානෙට බෝම්බ දාල ජපානෙට ලොකු විනාශයක් කලා. ඒ නිකම්ම බෝම්බ නෙමේ පරමාණු බෝම්බ. ගුවනින් ඇවිත් බිම හෙලපු පරමාණු බෝම්බ නිසා ජපානෙ හිරෝෂිමා, නාගසාකි නගර 2ම දූවිලි බවට පත් වුනා. ඒ පිටවුනු අහිතකර විකිරණ නිසා අදටත් එහෙ ඉපදෙන ගොඩක් අය අංගවිකලයිලු. ඒ නාගසාකි නගරෙට බෝම්බ දාල විනාඩි 20කින් ගත්තු photo එකක් මේ.


Mc donalds කිව්වම නොදන්න කෙනෙක් නෑ. සුප්‍රසිද්ධ අවන්හල් ජාලයක්. ගොඩක් රටවල මේව තියෙනව. ලෝකෙ පලවෙනිම Mc donalds අවන්හල තමයි මේ. 


 Titanic නැව කියනෙ මුලු ලෝකෙම හඬවපු නැවක්. ඒක 1912 දී අයිස් කන්දක ගැටිල මුහුදට ගිලාබත් උනා. ඒ නැවේ කොටස්  ගොඩගත්තෙ මේ ලඟදි. ඒ නැව හැදුවෙ කවදාවත් නොගිලෙන නැවක් කියලලු. නැවේ හිටි අයගෙන් බේරිලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි. නැව 1912 වරායෙන් නික්මෙද්දි තමයි මේ photo එක අරන් තියෙන්නෙ.



eiffel කුලුණ (අයිෆල්) තියෙන්නෙ ප්‍රංශෙ.මේක ගොඩක් ප්‍රසිද්ද කුලුණක්. ප්‍රංශෙ යන ඕන කෙනෙක් මේක බලන්න යනව. මේක හදන්න පටන් අරන් තියෙන්නෙ 1887 දි . ඒ හදනකොට ගත්තු photo එකක් මේ.


ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් කීපයක දුර්ලභ ඡායාරූප කීපයක් මේ. මේ පහලින් තියෙන්නෙ ජර්මනියෙ බර්ලින් තාප්පය නිර්මාණය කරනකොට ගත්තු photo එකක්. දෙවන ලෝක යුද්දෙන් පස්සෙ ජර්මනිය 2ට බෙදුනලු. නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය කියල.ඒ දෙක වෙන් කරන්න ගහපු තාපෙ තමයි බර්ලින් තාප්පෙ.


අයින්ස්ටයින් කියන්නෙ ලෝකෙ බිහිඋනු බුද්ධිමත්ම පුද්ගලයෙක්. බුදුන් වහන්සේට පස්සෙ හොඳම මොලේ තිබ්බෙ මෙයාට කියල තමා කියන්නෙ. එයා ගොඩක් ප්‍රසිද්ධ උනේ සාපේක්ෂතාවාදෙ ගෙනාඔඋ නිසා. එතෙක් පිලි අරන් තිබුනු අයිසැක් නිව්ටන්ගෙ භෞතික විද්‍යාව සම්පූර්ණයෙන්ම බිඳවැ‍ටුණ මේ සොයාගැනීමත් එක්ක. ඒත් අපි අදටත් ගොඩක් වෙලාවට පාව්ච්චි කරන්නෙ නිව්ටන්ගෙ භෞතික විද්‍යාව. හේතුව තමයි පොඩි පොඩි ගැටලුවලට ඒක ප්‍රමාණවත් වීමත්, අයින්ස්ටයින්ගෙ භෞතිකය තාම ගොඩක් අයට තේරුම් ගන්න බැරි වීමත් නිසා. මේ තියෙන්නෙ අයින්ස්ටයින් වෙරලක ඉන්නකොට ගත්තු photo එකක්.



මේ තියෙන්න් අයින්ස්ටයින් මියගිය දවසෙ ඔහුගෙ කමරේ තිබුනු විදිහ. 


ඩිස්නිලන්තෙ කියන එක ඕන කෙනෙක් දන්නව. walt disney නිර්මාණය කල සුන්දර කාටූන් ගම්මානය. ඔහුගෙ හිතේ මැවුණු කාටූන් චරිත ගොඩක් අද ජනප්‍රියයි.(donald duck, mickey mouse) මේ තියෙන්නෙ එ disneyland  ගොඩනගද්දි .


wallmart කිව්වම අද ගොඩක් ප්‍රසිද්දයි. ලෝකෙ ආර්ථිකය සම්බන්ද ඉතාම වැදගත් ස්ථානයක්. මේ තියෙන්නෙ පලවෙනි wallmart එක.






ජීවිතෙ පලවෙනි වතාවට මම ලේ දන් දුන්නෙ එදා  තමයි. අපේ mechanical එකේ ගොඩක් අය ගිය නිසා මාත් ගියා. ඒ ගොඩක් අයත් ඊට කලින් ලේ දී තිබ්බෙ නෑලු. මමනම් ටිකක් බයේ හිටියෙ.  මොකද සමහරු ලේ දීල කලන්තෙ දානව, ටිකක් ඇඳට වෙලා ඉන්නව, එහෙම එහෙම වෙද්දි ටිකක බය හිතුන. කොහොමහරි පෝලිම් 4,5ක ඉඳල තමයි ලේ දෙන ඇඳ ගාවට ආවෙ. ඒ එනකොට දවල් 1 පහු වෙලා. එවෙලෙ ගොඩක් බඩගිනි. දැන් බඩගින්න නිසා බඩ කෑගහනව. බඩගින්නෙ නිසා ලේ දුන්නම කලන්තෙ දායිද කියල තව බයක් ආව. කොහොමහරි ලේ දෙන්න ඇඳට ගියා. ගිහින් විනාඩි 10ක් විතර යනකම් දුන්න ලේ. ඊටපස්සෙ හොඳට නැගිටල අවේත් ඉඳගෙන  හිටිය ඒ ලඟ තිබුනු පු‍ටුවක. එතකොට නිකම් ඔලුව කැරකෙනව වගෙ උනා. එතකොට ඒක දැකපු එතන කෙනෙක් මෙයාට කලන්තෙයි නේද කියල මාව එක්කන් ගියා ඇඳකට. ඊටපස්සෙ ටිකක් වෙල ඉන්න කිව්ව කකුල් උඩින් තියන්. විනාඩි 15,20ක් විතර හිටියම තමා ටිකක් හරි ගියෙ. ඊටපස්සෙ එයාල දුන්නු කෑම එක කාල එහෙම හෙමින් සීරුවෙ ගියා එකට.



අවුරුදු 10 ක් තිස්සෙ බලයෙ හිටපු මහින්ද රාජපක්ෂ ජානාධිපතිතුමා පරාජය වෙලා රටට අලුත් ජානාධිපති කෙනෙක් ලැබුණ. ඒ වෙන කවුරුත් නෙමේ මහින්දගෙ පක්ෂෙම මහලේකම් වෙලා හිටපු මෛත්‍රීපාල සිරිසේන. මහින්ද ඡන්ද ලක්ෂ 58ක් ගත්ත. මෛත්‍රීපාල ඡන්ද ලක්ෂ 62ක්ගත්ත. මුස්ලිම් කොංග්‍රසේ, දෙමල සංධානෙ, ජවිපෙ, එජාපෙ, දිගම්බරන්, මනෝ ගනේශන් මේ හැමෝම උදව් කලේ මෛත්‍රීපාලාට. ඔහු ආවෙ පොදු අපේක්ෂකයෙක් විදිහට. මහින්ද ඡන්දෙට ආවෙ තනියම. ඒ කිව්වෙ එක්සත් ජනතා නිදහස් සංධානෙ එක්ක විතරයි. එදා ඡන්දෙ ප්‍රතිඵල එන දවසෙ උදේම මහින්ද පරාජය බාර අරන් අරලියගහ මැදුරෙන් පිට වෙලා ගියා මැදමුලන වලව්වට. යුද්ධෙ අවසන් කරපු, ලංකාවෙ බිහිවුනු ශක්තිමත්ම නායකයෙක් ගෙදර ගියෙ ඒ විදිහට. 




කැම්පස් එකේ ඉන්න අන්තිම ජනවාරි පලවෙනිද.. ඊලඟ ජනවාරි පලවෙනිද වෙද්දි අපි කැම්පස් එකෙන් out වෙලා. මගේ hostel room එක තිබුනේ block 5 එකේ උඩම තට්‍ටුවෙ.ඒ කිව්වෙ 4 වෙනි තට්‍ටුවෙ. ඒකෙත් මුහුද දිශාවට වෙන්න තිබුනු room එකක්. ඉර බහින හැටි ලස්සනට පේනව එතනට. රෑට කොලඹ lights දාල තියෙන හැටි ලස්සනට පේනව. ටිකක් එහායින් තියෙන රත්මලාන ගුවන් තො‍ටුපලේ වටේටම ගහන ආරක්ෂක එලි හොඳට පේනව. එදා රෑ අලුත් අවුරුදු උදාව කොලඹ සමරපු විදිහ ලස්සනට පෙනුන අපේ කාමරේට. මල්වෙඩි හැමතැනම. 



Are you ready එකෙන් අපිට job interviews තියෙනව කියල හැමෝටම ආරංචිය ගිය නිසා හැමෝම ඒකට register උනා. හැම අවුරුද්දෙම  එක පාරක් rotaract club එකෙන් මේ event කරනව. මේ වැඩේදි rotaract membersල පුදුම උනන්දුවකින් කැපවීමකින් ඒ වැඩේ කලා වගේම අපිව ඒකට register කරවන්නත්, interview එකට යවන්නත් ලොකු උනන්දුවකින් වැඩ කලා. (පස්සෙ තමා දැනගත්තෙ වලට එන හැම එකකින්ම එකට රු. 10,000ක් ගානෙ ගෙවන කියල) .

ඒ කොහොම උනත් ඒක ගොඩක් හොඳ වැඩක්.interview එකකට යන හැටි, උත්තර දෙන්න ඕන හැටි ඔක්කොම දේවල් කියාදෙන්න වෙනම workshops එහෙමත් තිබ්බ. ඊටපස්සෙ 19 වෙනිද company වලින් ආව interviews වලට. අපි ඉල්ලපු පිලිවෙලට අපි කැමති company හම්බෙලා තිබුන interviews වලට. මට හම්බෙලා තිබුනෙ Co-energi, Kent engineers, KDS weerasingha Engineers. ඒවට අමතරව අපිට කැමතිනම් අනිත් companies වලටත් යන්න පුලුවන්. මම මට හම්බුනු companies වලට interview ගිහින් ගෙදර ගියා. companies වලට ගියා කිව්වෙ ඒ companies වලින් අපේ campus එකට ආව.campus එක ඇතුලෙ තැන් තැන්වල එයාල හිටිය desks තියන් එහෙම.

Co-energi එකෙන් අපේ final year project එක ගැන ඇහුව. එයාලත් ඒ සම්බන්ධ දේවල් කරන නිසා project එක  ගැන ගොඩක් විස්තර ඇහුව. අපේ project එක complete කලාම එයාලට ඇවිත් පෙන්නන්න කියල address, T.P no එහෙමත් දුන්න. අපි project එකට යොදාගත්තු tool එක උනු CFD වලින් තමයි එයාලත් ගොඩක් දේවල් කරන්නෙ.

සල්ලි හොයල හොයල කරපු අපේ event එක- රෑ10 (හඹා යන්නට අපේ සිහින) .hostel එකේ මං ලඟ සරමක් තිබුනු නැති නිසා ගයියගෙන් තමයි ඉල්ලගත්තෙ සරම. ඒකට යන්න කලින් කට්ටිය හොස්ටල් එකේදි photo වගයකුත් අරගත්ත.  සිංදු තමයි කිව්වෙ කට්ටිය. සර්ලත් සමහරු සිංදු කිව්ව. 





සෙව්වන්දිලගෙ ගෙදරට මීට අවුරුදු 5කට විතර කලින් හොරු පැනල තිබුන. එවෙලෙ සෙව්ගෙ ඔක්කොම රත්තරන් බඩු හොරකම් කරන් ගියා කියල තමයි කිව්වෙ.  ලක්ෂ 5ක විතර බඩුලු. පොලිසියට කිව්වත් ඒව හම්බෙලත් නෑ. දවල් තමයි හොරකම් කරල තියෙන්නෙ. ඒ කියන්නෙ ගෙවල් පැත්තෙ කෙනෙක් සම්බන්ධයි කියන එක. පුදුම වැඩේ කියන්නෙ 2 වෙනි පාරටත් මහ දවල් හොරු පැන්න එක. එදත් අරන් ගිහින් තිබුනෙ රත්තරන් බඩුමයි. පොලිසි ගියත් අද වෙනකම් ඒවනම් හම්බෙලා නෑ. සාස්තරකාරයො 5 දෙනෙක් විතර හොයන් ගියාලු. එයාලනම් කලේ සල්ලි කඩපු එක තමා.

අපේ semester 7 exam එක පටන් ගත්තෙ 2014-10-03 වෙනිද. මට ඒක අමාරුවක් උනේ නෑ. ඔක්කොම ලේසි වගේ දැනුන. ඒත් සමහර modules නම් පොඩ්ඩක් අවුල් තිබුන. microsoft company  එකෙන් nokia company එක මිලදී ගන්න යනව කියල කටකතා තිබුන. ඒක ඇත්තටම 26 වෙනිද මිලදී ගත්ත. ලෝකෙ එතෙක් බිහිවුනු හොඳම phone company ය අවසන් උනේ එහෙමයි. nokia phone කිව්වොත් qualityය ගැන තමයි ඕන කෙනෙක්ට මතක් වෙන්නෙ. ඒත් smart phone ආවම nokia කට්ටිය android වලට ගියෙ නැති නිසා එයාලට පහුබහින්න සිද්ධ වුනා. ඒකෙන් samsung, apple ඉදිරියට ආව.අදටත් ලෝකෙ එතෙක් මෙතෙක් වැඩිපුරම විකිණුනු phone එක විදිහට සඳහන් වෙන්නෙ Nokia 110 එක. ලෝකෙ තිබුනු අංක එකේ brand name එකක් ලෝකයෙන් සමුගත්තෙ ඒ විදිහටයි.

පොකෝ කියන්නෙ කවුද කියල කලින් තැනක කියල තිබුන. ඒ hostel එකේ මගෙ room එකේ හිටපු 4 දෙනාගෙන් කෙනෙක්. පොකෝ කියල නම හැදුනු හැටිත් කලින් කිව්ව. එයාගෙ නංගිගෙ wedding එක තිබුනෙ එදා කඩුවෙල hall එකක. අපේ room එකේ නිසා මටයි, රාජටයිත් invitation දුන්න. අපි එහෙ ගියේ apple ගෙ කාර් එකේ. පොකෝනම් තාම බැඳල නෑ. නංගි පොකෝට වඩා අවුරුදු 2ක්ද කොහෙද බාලයි.මේ ඉන්නෙ එදා ආපු කට්ටිය තමයි.


airport එකට කලින් ගිහින් තියෙනව. ඒත් plane එකක් ඇතුලට මුලින්ම නැග්ගෙ එදා තමයි. අපේ campus  එකේ mechanical කරපු අයගෙන් 60ක් විතර aircraft technology subject එක කලා. ඒකට තමයි field visit එකක් විදිහට මේකට එක්කන් ගියෙ. plane එකක maintenance කෙරෙන හැටි ,ඒකෙ කොටස් එහෙම බලන්න තමයි ගියෙ.plane එක ඇතුලට නැගල බැලුව. 

පොඩි batch එකට welcome එකක් දෙන්න සල්ලි එකතු කරන්න හිතන් කට්ටිය එක එක ideas දුන්න. film festival, drama එකක්, t shirt එකක් ගහන්න වගේ දේවල් තමා යෝජනා උනේ. අපි කලින් පාරක 3D film festival එකක් කරල යන්තම් බේරුණේ ගුටි නොකා ;) .3D කිව්වට ඒක හරියට 3D පෙනුනෙ නෑ. ඒ නිසා ආයේත් පාරක් ඒව කරල නාගන්න බැරි නිසා drama එකක් ගැන හිතුවෙ. කලින් අවුරුද්දෙ අපිට උඩ batch එකේ අයියලා "මං දියවෙලා" drama එක පෙන්නුව අපිට welcome එක දෙන්න සල්ලි හොයන්න. ඒකට ගොඩක් ළමයි ආව බලන්න. ඒ කාලෙදිම වගේ ජගත් චමිලට ලෝකෙ හොඳම නලුව සම්මානෙත් හම්බුනු නිසා ජගත් චමිල රඟපාන "මං දියවෙලා" drama එක බලන්න කට්ටිය කැමැත්තෙන් ආව. අපි පස්සෙ කල්පනා කලේ මොකක්ද පෙන්වන drama එක කියල. ඊටපස්සෙ එක්කෙනෙක් හොයන් ඇවිත් තිබ්බ "ජෝන්ගේ සත්තුවත්ත" කියල drama එකක්. ඒක හොඳ ඇති කියා හිතන් ඒක පෙන්නන්න තීරණය කලා. ඒක කැළණි කැම්පස් එකේ ළමයි හදපු එයාල රඟපාන drama එකක්.

කොහොමහරි ටිකට් විකුණන එකනම් ලේසි උනේ නෑ. අපේ කට්ටිය කෙල්ලො කොල්ලො ගාවට ගිහින් වැන්දෙ නැති ටික විතරලු.canteen  එකේ තමයි ටිකට් වැඩියෙන්ම විකුණුවෙ. canteen එකට ඇවිත් ඉඳගෙන ඉන්න couples වලට, ළමයින්ට බලෙන් ටිකට් දුන්නෙ එපා කියද්දි. 6,7 දෙනෙක් ඉඳගෙන ඉන්න canteen එකේ table එකකට ගිහින් මල්ලි මේ ටිකට් එකක් ගන්න කිව්වම, එතන හිටපු 6,7 දෙනා එක්කෙනෙක් රු. 20,30 වගේ දාල එක ටිකට් එක ගත්තු වෙලාවල් තිබ්බ. ඔහොම ඉතින් කොහොමහරි ටිකට් විකුණල යන්තම් 75000ක් විතර හොයාගත්ත. එදා තමයි drama එක තිබ්බෙ.රඟපාන්න ආපු අයට 50,000ක්ද කොහෙද දුන්න. අන්තිමට drama එකේ ලාබෙ උනේ 10,000ක් විතරලු.   



හැම අවුරුද්දෙම mechanical department එකෙන් cricket tournament එකක් තියනව. හැම level එකකින්ම team 2 ගානෙ ගහනව. අපි level 3 ඉන්නකොට ගහපු match ටික පරාද උනා. මේ පාර level 4 නිසා පොඩි උන්ව පරාද කරල cup එක කොහොමහරි ගන්න හිතන් තමයි හිටියෙ. මමනම් team එකකට ගැහුවෙ නෑ. මට වඩා ක්‍රිකට් පුලුවන් අය හිටපු නිසා. අපේ level එකෙන් දාපු 2 තමා, colombo එකයි ගැට්ටෙ එකයි. අපි colombo team එකේ. අපි ගහපු ඔක්කොම match දිනන් ආව final එකට. එකෙනුත් ලේසියෙන් දිනන්න පුලුවන් වෙයි කියල තමා හිතුවෙ. ඒත් අන්තිමට මෙදා පාරත් උනේ tournament එක පරදින්න. නඩා, මුට්ටි වගේ හොඳට ගැහුව. 


match ටික පටන් ගන්න කලින් හැමදාම සුහද තරඟයක් තියෙනව lecturers,ළමයි අතර. අපිට හිතුනෙ lecturers ලට ක්‍රිකට් බැරුව ඇති. ඒත් බලද්දි එයාලත් හොඳට ගැහුව. කොහොමත් සාමාන්‍යෙන් ඒ match එකේ දිනුම ළමයි සර්ලට දෙනව හිතල පැරදිලා හරි. ගිය පාර ඒ match එක දකිද්දිත් හිනා. ළමයි හිතලම අවුට් උනු හැටි දැක්කම හිනා යනව. එහෙම ළමයෙක් හිතාමතා අවුට් උනාම lecturersල උඩ පනිනව, ඒක සර්ලගෙ දක්ෂකමින් ගත්තු විකට් එකක් කියල හිතල. match ටික පටන් ගන්න කලින් department එකේ සර්ලගෙ දේශනේකුත් තියල එහෙම තමයි වැඩ පටන් ගන්නෙ. මෙදා පාර department head wimalasiri සර් තමයි ප්‍රධාන ආරාධිතය උනේ. 

මහේල ජයවර්ධන කියන්නෙ ලංකාවෙ බිහිඋනු තාක්ෂණයෙන් උපරිම, ඉතාම අලංකාර පහරවල් එල්ලකරන ක්‍රීඩකයෙක් හැටියට ලෝකෙම කතා කරන, අඩු ශක්තියකින් ලොකු පහරවල් එල්ල කරන්න පුලුවන් අසාමාන්‍ය හැකියාවක් තිබුනු, අරවින්ද සිල්වාගෙන් පසුව ලංකාවෙ බිහි උනු තාක්ෂණයෙන් උපරිම ක්‍රීඩකය ලෙස හැඳින්වෙන දකුණත් පිතිකරුව.big match player, picasso of cricket, shot master  විදිහටත් ඔහුව හඳුන්වනව. ඔහුගේ පිතිකරණ ශෛලිය ඇහැට අමාවතුර වගේ කියල තමා ක්‍රිකට් විශේෂඥයින් කියන්නෙ. late cut, reverse sweep, in side out වගේ පහරවල් හොඳින්ම එල්ලකරන ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුගෙ late cut එක කිසිම පිතිකරුවෙක් ඔහු තරම් හොඳින් එල්ල කරන්නෙ නෑ. ඒක ඒ තරම්ම late.
ක්‍රිකට් පිටියෙ වාර්තා ගොඩකට හිමිකම් කියන ක්‍රීඩකයෙක්. ලෝකෙ හොඳම ක්‍රිකට් නායක උනු කෙනෙක්. ලෝක කුසලාන තරඟවල final එකකයි,semi final  එකකයි 100 ගහපු ලෝකෙ එකම පිතිකරුව. සනත්,අරවින්ද, අර්ජුන යුගයෙන් පස්සෙ ලංකාවෙ ක්‍රිකට්වල කොඳු නාරටිය උනේ මහේල. සංගක්කාර ඒ තැනට එන්න ගොඩක් කල් ගත්ත. ඒත් මහේල සහජ දක්ෂතාවක් තිබුනු නිසා team එකට ආපු කාලේ ඉඳන්ම කැපී පෙනුන.  ඒ ඔක්කොටම වැඩියෙන් මහේල අපේ ඉස්කෝලෙ කෙනෙක්. ඔහුගෙ අවසන් test match එක තිබ්බෙ ගාල්ලෙ. ඒ වගේ ක්‍රීඩකයෙක් ආයෙ ලංකාවෙ බිහිවෙන්න කොච්චර කල් යෛද කියන්න බෑ. සනත් කෙනෙක් මුරලි කෙනෙක් තවත් බිහි වෙලා නෑ වගේම මහේල කෙනෙකුත් බිහි වෙන්න කොච්චර කල් යෛද කියල කවුරුත් දන්නෙ නෑ. 



නිට්ටඹුවෙන් මම බැස්සෙ ගයාන් එක්ක. (ගයිය කියල කියන්නෙ අපි) . ඒ වෙද්දි කිරිඳිවැල ලංගම බස් එකක් තිබුන. අපි දෙන්න ඒකෙ නැග්ග. නැගපු ගමන් මගෙ බෑග් එක කෙනෙක් ඊලගත්ත මන් හිටගෙන හිටපු නිසා. වතුපිටිවල පාස් වෙද්දි ගයාන් බැස්ස. ඊටපස්සෙ මම ඉඳගත්ත අත්තනගල්ලෙන්. ඉඳගෙන මගෙ බෑග් එක ඉල්ලගත්ත. ඒ බෑග් එක ඉල්ලගත්තු මිනිහත් ඌරපොලින් බැහැල ගියා. ඊටපස්සෙ කිරිඳිවැලට ඇවිත් මම තාත්ත එක්ක ගෙදර යනගමන් phone එක හෙව්ව පොඩි වැඩකට. කොච්චර හෙව්වත් හොයාගන්න බැරි උනා. එතකොට තමා මතක් උනේ මගෙ බෑග් එක ඉල්ලගත්තු කෙනා මගෙ බෑග් එක එහෙට මෙහෙට හරව හරව ඉන්නව මම දැක්ක කියල. මගෙ Nokia 500 phone එක එයා හොරකම් කරල. ඒ ගමන් අපි පොලිසි ගියා imei අංකෙත් අරන්. ඊටපස්සෙ complaint එකක් දැම්ම.phone  එක හම්බෙන එක sure නැතත් එහෙම කලා. ඒ phone එක පාවිච්චි කලේ මාස 8යි. ඊටපස්සෙ ඉතින් මං ලඟ ඉතුරු උනේ Nokia 1100 එක තමා. contacts ගොඩකුත් නැතුව ගියා ඒකෙන්.


දෝතලුගල වන රක්ෂිතය පිහිටල තියෙන්නෙ නකල්ස් කඳු යායෙ. සැරින් සැරේ මීදුමෙන් වැහිල යන එහෙත් තරමක් වැස්ස අඩු ප්‍රදේශයක්. වාහන සංචාරක නිකේතනයේ නවත්වල පයින් යන්න තියෙන්නෙ කන්දට. ලස්සන පරිසරයක් තියෙන්නෙ. කැලේ මැද නවතින්න පොඩි ගෙයකුත් තියේ. අපි ඒකෙ තමයි එදා නැවතිල හිටියෙ. මේකත් colomboo mech කට්ටියගෙ trip එකක්. 21 වෙනිද හවස වෙද්දි තමයි එහෙට ගියෙ. මග නැවති නැවති එහෙම ගියෙ. ඊටපස්සෙ රෑ වෙද්දි ඒ කැලේ මැදට ගියා. යද්දි මගෙ සෙරප්පු 2ත් කැඩුන. එහෙ ගල් තියෙනව කන්ද නගිද්දි. ගස් අස්සෙන් එල්ලිලා යන්න තැනුත් තියේ. සමහර තැන්වල පුදුම හුලඟක් තියෙනව ගහන් යන්න තරම්. එදා රෑ ඒ ගේයි නිදාගෙන උදේ 8 ට විතර අපි ගියා කන්ද මුදුනට. එතන පුදුම ලස්සන තැනක්. මීදුම පිරිල පුදුම සීතලක්. ඒ වගේම හුලඟ. ගස් හු

ලඟ නිසා වැඩිය උසට හැදිල නෑ.  උඩ පොඩි ගල් තලාවක් තියේ. මීදුම නිසා අපි හිටියෙ තෙමිල වගේ. මම jacket එකක් දාගෙන හිටියෙ සීතල ඉවසන්න බැරි නිසා. එතන අපි හිටිය පැයක් විතර. ඊටපස්සෙ කන්ද බැහැල හිටපු තැනටම ආව. ඊටපස්සෙ තමයි උදේ කෑම කැවෙ. අපි එහෙන් එනකොට ආවෙ නුවර පාරෙ. ඒ නිසා මම නිට්ටඹුවෙන් බැස්ස. 





unitate 2013 වලින් පස්සෙ තිබුනු Mora Nalandiansලගෙ get together එක තමයි unita 2014 . මේක තිබ්බෙ colombo light house gallery එකේ. අපේ batch එකෙන් සමහරු ආවෙ නැතත් සැලකිය යුතු පිරිසක් ආව ඒකට. පොඩි batch වලින්නම් ඔක්කොම වගේ ඇවිත් තිබුන.  අපිට උඩ batch  එකෙන්, ඒ කිව්වෙ pass out වෙලා ඉන්න අයගෙන් නිරන්ද අයිය, ඉශාන් අයිය ඇවිත් හිටිය. ඔක්කොම 100 දෙනෙක් විතර හිටිය. වෙනද වගේ පොඩි පොඩි games වගයක් තියල කාල එහෙම ඉවර වෙලා උත්සවේ වැඩ ටික ගියා. ඊටපස්සෙ 5,6 දෙනෙක්ගෙ කතා තිබුන. අපේ batch එකෙන් මධුක කතා කලා. මධුක ඒ කාලෙ union president. union meeting එක අමතද්දි "නංගියෙ මල්ලියෙ " කියල කතාව පටන් ගන්නෙ. ඒ පුරුද්දට එදත් "නංගියෙ මල්ලියෙ" කියල කතාව පටන් ගත්තෙ. අපේ ඉස්කෝලෙ ඉතින් ඉන්නෙ කොල්ලො විතරනෙ. ඊටපස්සෙ තිබුනෙ ඉශාන් අයියගෙ කතාව. ඉශාන් අයිය කතාවක් කලොත් නියම කතාවක් කරනව. මිනිහ එදා පටන් ගත්තෙ "ඇත්තටම මධුක මල්ලි කියපු දෙය මං අගය කරනව, මොකද අපි  වෙනසක් කරන්න ඕනෙ. මල්ලිට වැරදිලා කියවුනත් මං හිතන්නෙ අපි ඊලඟ පාර නංගිල ටිකකුත් ගෙන්නගෙන මේක කරන්න ඕනෙ කියල" කියල. උත්සවේ ඉවර වෙලා බස් එකට නැග්ගෙ රෑ 12 ට විතර galadari hotel එක ඉස්සරහින්. 1ට විතර තමා hostel එකට ගියෙ. 





ජිල් බෝල?
පොඩි කාලේ ආසම දෙයක් තමයි. ලොකුම දෙය ඒව කටේ දාගන්නෙ නැතුව ඉන්න එක. පොඩි ළමයින්ට අහු වෙන්න තිබ්බොත් කටේ දාගන්න ඉඩ තියෙනව. පොඩි කාලෙ ජිල් බෝල් වලින් සෙල්ලම් කරද්දි අම්ම තාත්ත කෑගහනව "බලාගෙන මල්ලි කටේ දාගනී ඕව, නංගිට දෙන්න එපා " කියල.  





රූං පෙත්ත වගේම පොල් කොල ව්ලෛන් හදන්න පුලුවන් දේවල් දේවල් තව ගොඩක් තියෙනව. අපි පොල් ඉරටයි, කුරුම්බැට්ටියි අරන් කුරුම්බැට්ටි මැෂිම හදල තියේ ඇති වෙනකම්. හදල මය්යොක්ක කොල දාල කරකනව ඒක මහනව කියල කියන්න.තව කොස් කොල තොප්පි හැදුව පොඩි කාලෙ. එක එක විදිහෙ ඒව හැදුව.කොස් කොල වලින් ඔ‍ටුනුත් හැදුව. පොල් කොල ගොතල සර්පයෙක් හැදුව පොල් කොල වලින්. ඒව තමයි මතක සෙල්ලම්. 2000න් පස්සෙ ඉපදුනු ගොඩක් අයනම් මේව දැකල නැතුව ඇති.


පොඩි කාලෙකරපු සෙල්ලම් ගොඩක් තිබුන. දැන් වගේ computer, internet, video games ඒ කාලෙ නැති නිසා ගොඩක් වෙලාවට අපි හිටියෙ වත්තෙ, වත්ත පහල, වෙලේ, ගස් අස්සෙ, එහා ප‍ටුමගවල් වල තමයි. පාරෙත් හිටිය සමහර වෙලාවට. හැංගිමුත්තම්, පොයින්ට්, හොරා පොලිස්, ට්‍රැකර් අපි නිතරම කරපු සෙල්ලම්. හෂාන්, උදයංග, රුමේශ් එහෙම තමා ගොඩක් වෙලාවට ඒ සෙල්ලම් වල හිටියෙ. මේ මම කියන්නෙ 4,5 වසර වෙනකම් කාලෙ ගැන. පහල වෙලේ දං ගස් තිබුන ඒ කාලෙ. ඇති වෙන්න දං කඩාගන්න පුලුවන් ඒ කාලෙට. දැන්නම් එක දං ගහක්වත් නෑ ඒ හරියෙ. දැන් වෙලත් ගොඩ කරල ටිකක්. අපේ වත්තට එහා වත්ත තේකොල මාමගෙ. අපි පොඩි කාලෙ ඉඳන් එයාට කියන්නෙ එහෙමයි. එයා හිටියෙ පූගොඩ නිසා ඒ වත්ත නිකම් තිබුනෙ ගස් පිරිල කැලේ වැවිල. අපි හොරා පොලිස් කරද්දි හැංගෙන්නෙ ඒ වත්තෙ ගොඩක් වෙලාවට. අපේ වත්ත පහල කජු ගහකුත් තිබුන එතකොට. ඒකෙන් කජු ගෙඩි පිටින් කඩන් කෑව මතකයි මට.

ට්‍රැකර් කියන්නෙ බෝලෙන් අනිත් අයට ගහන සෙල්ලම. මේක සමහරු සම්බෝල කඩනව කියල කියන්නෙ. අපි කිව්වෙ ට්‍රැකර් කියල. ඒ සෙල්ලම කරන්න ඒ දවස්වල අපේ ප‍ටුමගේ ගොඩක් ඉඩ තිබුන. හැමතැනම දුවල ඒක කලහැකි. දැන්නම් ගෙවල් පිරිල නිසා ඒවට කොහෙත්ම ඉඩ නෑ. අපි ක්‍රිකට් ගැහුවෙත් ගේ ලඟ. ඒකටත් ඉඩ තිබුන හොඳට. සරුංගල් අරින එකත් එතකොට ආසම දෙයක්. අගෝස්තු නිවාඩුව එනකම් බලන් ඉන්නෙ සරුංගල් හදන්න. මොකද ඒ කාලෙට හොඳට හුලං තියෙනව. ගමේ ළමයි එක එක සරුංගල් හදල යවනව. කොම්බුව කියයි, මොනර කියයි, වවුල, නයා, එක එක විදිහෙ ඒව. ඒත් මම දැනන් හිටියෙ වවුලයි, නයයි හදන්න විතරයි. මම ආසම, මට හිතුනු විදිහට ලස්සනම එක තමා මොණර සරුංගලේ. ඒක ලොකුයි, ලස්සනයි. 


ටයර් අරන් එලවන එක තවත් සෙල්ලමක්. ඒ දවස්වල හැම කොල්ලෙක්ටම වගේ ටයර් එකක් තිබුන. ටයර්, එක එක සයිස් ඒව. ඒවයින් අපි රේස් තිබ්බ. එක ගෙදරක ඉඳන් තව ගෙදරකට යද්දි අපේ වාහනේ කියල එලවන් ගියෙ ටයර් එක. හොඳම ටයර් එක තිබුනු කෙනා කැපී පේනව. වෙලාවකට අපි ගහගත්තෙ ටයර් වලින්.ඒ කිව්වෙ ටයර් වේගෙන් එලවන් ඇවිත් හප්පගන්නව තරහ පිට කරන්න. පොඩිම කාලෙ කරපු සෙල්ලමක් තියේ. ඒකෙදි කියන සින්දුව මතකයි සෙල්ලම මතක නෑ හරියට. සෙල්ලමේ නම "කිරි කිරි බෝලෙ". ඉන්න කට්ටිය අත් අල්ලන් රවුමක් හැදෙනව. ඊටපස්සෙ සින්දුව කිය කිය කැරකෙනව. දඩිං බිඩිං ඩොං කියද්දි බිම ඉඳගන්නව එක පාරට.

කිරි කිරි මාලේ- ‍රැලි ‍රැලි බෝලේ
මේ ළමයා කොහින්දෝ- රෝස කැලෙන් ඇහින්දෝ
දඩිං බිඩිං ඩොං

රූං පෙති හදන එකත් හැමෝම කරපු දෙයක්. පොල් කොල වලින් හදල ඒක අරන් දුවනව. දුවද්දි හුලඟට රූං පෙත්ත කැරකෙනව. රූං පෙත්ත කැරකෙනවා- කෝං පිට්‍ටු ඉදිවෙනවා කියල සිංදුවකුත් තියෙන්නෙ. අපි කෝං පිට්‍ටුත් හැදුව වැලි ගොඩේ. පොල් කට්ට අරන් වැලි පුරෝල වතුර දාල ඒක අනිත් පැත්ත හරෝල පොලවෙ තියල පොල් කට්ට ගන්නව. චක්ගුඩු පනින එක මමනම් වැඩිය කරල නෑ. ඒත් අපේ ගමේ කට්ටියනම් කරල තියෙනව. බිංකුණ්ඩො ඉන්න තැන්වල බිම හාරල උන්ව හොයන එක සමහරු ආස දෙයක් ඒ කාලෙ. මමනම් ඒකට වැඩිය ආස නෑ.


කොච්චර පරණ වුනත් අමතක නොවෙන වෙලඳ දැන්වීම් තියෙනව. ඉස්සර ටීවී එකේ ගිය ඒව වලින් ජනප්‍රිය ඒව ටිකක් තමයි මේ.2000-2010 කාලෙ ටීවී බලපු කෙනෙක්ට මේව අමතක වෙන්නෙ නෑ.
https://www.google.com/search?client=opera&q=sri+lankan+old+tv+ads&sourceid=opera&ie=UTF-8&oe=UTF-8





1928 පත්තරේක පින්තූර තමා මේ.



training report එක ඉක්මනට දෙන්න උනා. Training report ඒකයි ,training diary එකයි අපි බාර දුන්නෙ ජූනි  23 වෙනිද. ඊටපස්සෙ ඒකෙ viva එකත් තිබුන ජූලි 15 වෙනිද. මගෙන් ඇහුවෙම technical ප්‍රශ්න ටිකක්. සමහරුන්ගෙන් අහල තිබුනෙ general ප්‍රශ්න, ඒ කිව්වෙ කොහොමද training එක, මොනාද ආපු ප්‍රශ්න වගේ ඒව. මගෙන් ඇහුවෙ welding වර්ග, කොහොමද boiler maintenance කලේ, ඔන්න ඕවගේ ඒව. 

semseter 7 එක පටන් ගත්තු දවසෙ ඉඳන්ම කලේ project එකක් හොයපු එක. මුලින්ම group එකක් හදාගත්ත. ඒකෙ හිටියෙ මමයි, ගයානුයි, ලිශානුයි. ඊටපස්සෙ project එකක් හොයාගෙන එක එක සර්ල පස්සෙ ගියා දවස් ගානක්. රංජිත් සර් ලඟට ගියා automate කරපු පඩිපෙල් නගින device එකක් හදන්න හිතන්. ගිය වෙලේ ඉඳන් ඒක හරි නෑ කියල ඔප්පු කරන්න එක එක ඒව කිව්ව, internet එකේ දැනට හදල තියෙන ඒව පෙන්නුව. ඊටපස්සෙ smart braking system එකක් හදන්න ඇහුව ranjith සර්ගෙන්. ඒකත් එපා කිව්ව. ඊටපස්සෙ lathe machine එකක modification එකක් කරන්න ඇහුව fernando සර්ගෙන්.  ඒකත් එපා කිව්ව. ඊටපස්සෙ dial එක හොයන් ආපු project එකක් අරන් ගියා චතුර සර් ලඟට. ඒක කරන්න කියල සර් කිව්ව. ඊටපස්සෙ යන්තම් project proposal එක දෙන්න පුලුවන් උනා 13 වෙනිද. 
Project - analysis on the effect of selected parameters on the heat column effect

Project group- group 26

අපේ ගමේ කට්ටියගෙන් අම්ම 10,000 ගානෙ එකතු කරල හදපු අටවිසි බුද්ධ ප්‍රාකාරෙට අටවිසි බුදු ප්‍රතිමා වැඩම කෙරෙව්වෙ එදා. ඒවට දායකත්වය දුන්නු අයගේ නම් එතනම ගහල තිබුන. තිඹිරිගම පන්සලේ ලොකු හාමුදුරුවො, තම හාමුදුරුවරු ඇවිත් අටවිසි බුද්ධ පූජාව කලා. පූජාව ලස්සනට තිබුන.පන්සලේ භාණ්ඩාගාරික අම්මනෙ. 10,000 ක් එකතු කලේ අටවිසි බුද්ධ ප්‍රතිමාවකට දායකත්වය විදිහට.





අපිට semester 7 පටන් ගන්න තිබුනෙ මැයි 26 වෙනිද. අපේ campus final year එකේ අයට hostel දෙනව. ඒත් ලඟ අයටනම් හම්බුනේ නෑ.hostel වල කාමර බෙදාගන්නයි, අදාල application අරගෙන පුරවන්නයි එදා පාන්දර 5 ඉඳන් පුදුම පෝලිමක් තිබුනේ. කොලඹ අයයි, ගැට්ටෙ අයයි කතා වෙලා කාමර ටික බෙදාගෙන තිබුනේ. අපිට block 5 එක ගන්න තමයි අපි කතා කරල තිබුනෙ. ඒකෙ ළමයි 72 කට ඉන්න පුලුවන්. පාන්දර 5 ඉඳන් පෝලිමේ හිටියත් වැඩ කරන් ඉවර වෙද්දි 12 විතර උනා. ඊටපස්සෙ කාමරවල යතුරුත් අරගෙන ගෙදර ගියා. අපිට හම්බුනේ 279 කාමරේ. ඒකට හොඳ view එකක් තිබුන. ඒකෙ ඉඳන් හොඳට වටපිටාව නරඹන්න පුලුවන්. අපේ කාමරේට හිටියෙ මමයි, රාජයි, පොකෝයි, dial එකයි .
රාජ- madushanka niroshan
පොකෝ- thanujaya sankalpa
dial එක- lishan jayasooriya



රාජගේ වාසගම රාජපක්ෂ. ඒකයි රාජ කියන්නේ. පොකෝ කියන්නෙ? photo copy කියන එකෙන්  තමයි පො.කෝ කියන එක හැදුවෙ. මිනිහ ඒ දවස්වල ළමයි කට්ටිය මොකක්හරි paper එකක්, පොතක් බල බල ඉන්නකොට කොහෙන් හරි ආතක් පාතක් නැතුව ඇවිත් "ඒ ඔය මොකක්ද බං ඔය, ඔහොම එකක් මට හම්බුනේ නෑනෙ. මොකක්ද මේ . දීපන් මං ෆොටෝකොපියක් ගහන් එන්න ඉක්මනට"  කියල photocopy ක් ගහන් එනව ඕන එකක.note එකක්, paper එකක්, application එකක් ඕනම දෙයක්. dial එක කියන්නෙ ලිශාන්ට. මිනිහ පොඩ්ඩක් අමුතු විදිහෙ චරිතයක්. tution master කියල කිව්වෙ ඉස්සර. සතියෙ දවස් 7ම ඉස්සර පන්ති කලා. එක subject එකක් නෙමෙයි 3ම (maths, physics, chemistry). ඒ නිසා මුල් දවස්වල වැඩිය campus ඇවිත් නෑ. semseter 2 එකේදි ඇවිත්ම නෑ.විභාගෙ මිනිහ repeat වෙලා ඔක්කොම subjects . ඊටපස්සෙ ඉතින් ඒව ආයෙ කලත් උපරිම ගන්න පුලුවන් C එකක්නෙ campus නීතිවලට අනූව. ඒක නිසා මිනිහගෙ GPA එක හොඳටම බැහැල. ඒත් වැඩේ කියන්නේ මිනිහ හොඳ මීටරයක්. olympiad එහෙමත් ගිහින් තියෙනව. මිනිහට පාඩම් කරන්න උනන්දුව ආවෙ අපේ කාමරේට ආවට පස්සෙ. ඊටපස්සෙ තිබුනු පුදුම උනන්දුව නිසාම අපි මිනිහට නමක් දැම්ම dial එක කියල. 

මාස 6ක training එකේ අන්තිම දවස තමයි එදා. අපි එක්ක අපේ campus එකෙන් ළමයි 8 දෙනෙක් ආව. 3 දෙනෙක් mechanical . අනිත් අය chemical. මමයි, පිනිඳුයි තමයි මුලින් හිටපු  2න්න. කට්ට ආවෙ ඊටපස්සෙ මාස 3ක් විතර ගිහින්. මාස 6ට පුලුවන් තරමක් දේවල් ඉගෙන ගත්ත. කොහොමහරි අන්තිම දවසෙ යද්දි දෙන පාටියත් organize කරල, එක එක sections වලට දෙන cake එහෙමත් ගෙනල්ල ඒ වැඩ ටික කරල හැමෝටම කියල ආව. අපි හිතුවෙ එදාට training certificate එක  ගන්න පුලුවන් වෙයි කියල. මොකද මීට කලින් ගිය අයට එහෙම දුන්නු නිසා. ඒත් Mr. තෙන්නකෝන් අපි එක්ක තිබුනු තරහ නිසා ඒක දුන්නේ නෑ. පස්සෙ ශ්‍යාම අක්ක කිව්ව වෙන දවසක එන්න කියල. එදා අපිට ඒ වගේ දෙයක් වෙනව කියල දන්න නිසා එදිරිසිංහ සර් ඇවිත් හිටියෙත් නෑ. එයාටත් ඒකට upset. ඒ නිසා අපි වෙන දවසක ඇවිත් ගන්න හිතාගෙන අපිත් එක්ක හිටපු ළමයි ඔක්කොටම පාටියත් දීල ආව. පස්සෙ training certificate එක ගන්න 22(මැයි) වෙනිද ආව ආයේ petroleum එකට. එදා එදිරිසිංහ  සර් හිටිය. එයාට පොඩි තෑග්ගකුත් දීල එහෙම ආව.




Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive