My Story

My Thoughts,My Experiences and something more....

අපේ එකේ ළමයි අවුරුදු ගානක් බලන් හිටපු හීනයක් එදා සැබෑ උනා.අපේ campus එක මීට කලින් slug mens' champions වෙල තියෙනව.ඒත් කවදාවත් slug overall champions වෙලා තිබුනෙ නෑ.අනික් campus එක්ක බලද්දි අපේ campus එක තමයි පොඩිම. අනිත් campus එක්ක බලද්දි අපේ campus එකේ ළමයි ගාන අඩුයි. අනික තමයි අපේ campus එකේ ගෑණු ළමයි අඩුයි (අනිත් ඒවට සාපේක්ෂව). ඉතින් mens' champions උනත් womens' sports වලින් ලකුණු අඩු වෙන නිසා overall champions වෙලා නෑ කවදාවත්. ඉතින් මීට කලින් slug champions උනු colombo campus එක ගැන සමහරු කියන්නෙ "they are hidden behind their women" කියා ;). ඒත් මේ පාර කොහොමහරි අපේ කට්ටියගෙ දක්ෂතාව නිසාම slug champions වෙන්න පුලුවන් උනා. අනුශූරයො උනේ university of colombo.මේ පාර mens' sports events වලින් අපේ campus එක ලොකු ලකුණු පරතරයක් තියපු නිසා ප්‍රශ්නයක් උනේ නෑ.

university cricket වලින් අපේ campus එක තමයි ඉදිරියෙන්ම ඉන්නෙ. ලංකාවෙ මේ කාලය තුල පවත්වපු හැම university cricket tournament එකම වගේ දිනුවෙ අපේ campus එකේ team එක.ඒ නිසා slug එකෙත් cricket championship එක ගනී කියල අපිට ලොකු විශ්වාසයක් තිබුන. කොහොමහරි final එකට තේරුනේ අපේ campus එකයි,colombo campus එකයි.final match එක තිබුනෙ අපේ campus ground එකේ.ඉතින් අපේ set එකත් ඒක බලන්න ආව.නඩාත් 15 දෙනාගෙ squad එකට හිටිය. අපේ මුලින් ඉක්මනට විකට් 3ක් ගියා. ඒත් පස්සෙ කොහොමහරි 207ක් ගැහුව. අන්තිමට අපි match එක දිනුව එදා.




SLUG (sri lanka  university games)කියන්නෙ අවුරුදු 4කට පාරක් පවත්වන ලංකාවෙ campus වල sportsmeet එක කිව්වොත් හරි. ගිය පාර slug champions උනේ colombo campus එක.මේ පාර slug එක තිබුනෙ අපේ campus එකේ. අපි campus එකේ ඉන්න අතරෙදි, අවුරුදු 4කට පාරක් පවත්වන slug එක අපිට හොඳින්ම දැක බලා ගන්න පුලුවන් උනා. එක අතකින් ඒක අපේ luck එක. ඒත් එක අතකින් අපිට පොඩි අවාසියකුත් උනා. ඒ slug එක නිසා අපිට මාසයක් විතර නිවාඩු දුන්න.ඒකෙන් අපේ academic මාසයකින් පස්සට ගියා. කොහොමහරි මේ පාර slug championship එක දිනාගන්න පුලුවන් වෙයි කියල විස්වාසයක් අපේ campus එකේ අයට තිබුන. එක පටන් ගත්තෙ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙ ප්‍රධානත්වයෙන්.
slug opening ceremony එක ලස්සනට තිබුන.ඒක පටන් ගත්තෙ හවස. ඒකෙදි අපේ campus එකේ ලමයි හදපු නියමුවන් රහිත ගුවන් යානා campus වල කොඩි අහසට අරන් ගිය සංදර්ශනයකුත් තිබුන.


exam එක ලඟ නිසා කට්ටිය වැඩ පටන් අරන් තිබුනෙ.අපේ rep සම්පත් අපේ කට්ටියව එක එක module (suject) එකට බෙදල තිබුනෙ. ඒ කට්ටිය අදාල subject එකේ කුප්පි දාන්න ඕනෙ. කුප්පි කියන්නෙ කැම්පස් එකේදි කවුරුහරි අඳුරන අයිය කෙනෙක් හරි අපේ වයසෙ කෙනෙක් හරි ඇවිත් මාස 3,4ක් lectures වල උගන්නපු දේවල් එක දවසෙන් දෙකෙන් උගන්නන එක. lectures යන්නෙ නැති අයට, lectures ගියාට අහන් ඉන්නෙ නැති අයට පිහිට කුප්පි තමයි.ඉතින් semester 4 එකේ මාව වැ‍ටුනෙ mechine elements & innovative design කියන module එකට. මම,මධුක, නඩා,අලයා,ශ්‍රි ලාල් කියන කට්ටිය තමා ඒකෙ හිටියෙ. එතකොට මම බාරගත්තෙ කියන shafts & tolerancing පාඩම.  කොහොමහරි උදේ 9ට විතර පටන් අරන් 12 වෙද්දි කුප්පිය කරල ඉවර උනා. අපේ කොලඹ සෙට් එකේ 30ක් විතර තමයි මේ කුප්පි වලට ආවෙ.


අලුත් අවුරුද්දෙන් පස්සෙ 24 වෙනිද campus ගියෙ AIESEC එකෙ වැඩකට.මම Organizing committee එකේ ඉන්න නිසා ඒකෙ meeting එකකට ගියෙ. ඒ දවස්වල අපිට campus එකේ නිවාඩු දීල තිබුනෙ. (slug එකටද කොහෙද) එදා OC එකේ 9 දෙනාව Teams 3කට බෙදුව. මාව දැම්මෙ posters,marketting ගැන බලන team එකට. ඒකෙ team leader විදිහට තේරුවෙ මාව. ඒ කියන්නෙ OC vice president (OC VP) කියලයි එවෙලෙ තනුර කිව්වෙ. (former vp at aiesec colombo south)

AIESEC LC MEETING photos