My Story

My Thoughts,My Experiences and something more....







Aiesec එකට ගිහින් මාස 2,3ක් උනත් මාව මේ වෙනකම් member කෙනෙක් කියල confirm කරල තිබුනෙ නෑ.මාස 2ක් විතර බලල තමයි member කෙනෙක් කරනව කියල කිව්වෙ.ඒ විදිහටම මාව member කෙනෙක් කරල මට aiesec.net එකේ account එකක් හදල දුන්න.දවසක් aiesec එකේ ඉන්න කෙනෙක් කිව්ව aiesec.net mail එකක් නැත්නම් aiesec එකේ හිටියත් නෑ වගේ කියල.මටත් එහෙම mail එකක් හම්බුනා member කෙනෙක් උනාට පස්සෙ.ඒක තමයි chaturanga.sumal@aiesec.net .myaiesec.net  ලෝකෙ දෙවෙනියට විශාලම database එකලු. aiesec කියන්නෙ ලංකාවෙ registered company එකක්ලු. මේ වෙනකොටත් මම aiesec එකේ meetings වලට ගිහින් තිබුන විතරයි. ඒකට අලුතින් member කෙනෙක් ගන්නකොට interview එකක් තියලලු ගන්නෙ.ඒත් මටනම් interview එකක් කලේ නෑ.

 (AIESEC යනු ශිෂ්‍ය / ශිෂ්‍යාවන් මුල් කොට ගත් ජාත්‍යන්තර හා ස්වාධීන සංවිධානයක් වන අතර මෙය අවුරුදු 60ක පමණ කාලයක් තිස්සේ පැවත එන්නෙකි . එමෙන්ම පුරා අවුරුදු 60ක පමණ කාලයක් තරුණ ශිෂ්‍ය / ශිෂ්‍යාවන් හට අත්දැකීම් ලබා දෙමින් , ඔවුන් තුල ඇති කුසලතාවන් ඔප නංවමින් ඔවුන්ගේ මනස ජාත්‍යන්තර තලය කරා රැගෙන යමින් මෙය කර ඇති කාර්ය භාරය අතිමහත්ය .
වර්තමානයේ පුරා රටවල් 110ක ක්‍රියාකාරී ලෙස පැවතෙමින්, සාමාජිකයින් 60,000 කටත් වැඩි ප්‍රමානයක් හසුරුවමින් ලොව විශාලතම ක්‍රියාකාරී සංගමය ලෙස AIESEC නම් දරා ඇත . මෙය වැඩිපුරම අවධානය යොමු කරන්නේ තාරුණ්‍යයට තම නායකත්වය වැඩි දියුනු කර ගැනීම සදහා අවශ්‍ය වේදිකාව තනා දීමටය. එමෙන්ම තාරුණ්‍යයට ජාත්‍යන්තර ව්‍යාපෘතීන් , කර්මාන්ත වල නියැලීමට ඉඩ ලබා දෙමින්, ජාත්‍යන්තර තලයේ අත්දැකීම් සහ අධ්‍යාපනය ලබා දීමට ය. මෙවන් කාරණා නිසා AIESEC මගින් තාරුණ්‍යයට යහපත් බලපෑමක් කරන අතර එය අනෙකුත් සංවිධාන වලට වඩා මෙය වෙනස් සහ වැදගත් බව තාරුණ්‍යයට, සහ අනෙකුත් වගකීම් දරන්නන් හට මනාව පැහැදිලි කර දේ. 



උදේ අපේ campus එකේ යාලුවො ටික කතා උනා K-ZONE එකට ගිහින් birthday parties ටික ගන්න.5 දෙනෙක්ගෙ parties ගන්න තිබුන. ඇපල් මල්ලි,වෙනුර (VD), තනුජය,එල්ලා (එල්ලාවල),පියු (පියුමන්ත),චාරුක (Rowing) තමයි ඒ.ඒව ගන්න වෙලාවක් තිබුනෙ නැතුව පහු වෙලා තිබ්බෙ.ඊටපස්සෙ කට්ටිය උදේ 10.30ට විතර ගියා K-ZONE එකට.ගිහින් ඉඳගෙන කතා කර කර හිටිය.ඊටපස්සෙ 12ට විතර Cake එක ගෙනාව.ඒකත් කපල කට්ටිය හොඳට කෑව fried rice.ඊටපස්සෙ k-zone එකෙන් එලියට ඇවිත් trip  එකක් යන්න කට්ටිය කතා උනා.එහෙම තැනක් ගැන හිතාගන්න බැරි උනත් මතුගම පැත්තෙ යමු කියල පොඩි යෝජනාවක් ආව.ඒක පස්සෙ කතා කරගමු කියල කට්ටිය ආයෙ බෝඩිම් ව්ලට ගියා.එදා රෑ union president මධුක අය්යට උපහාර ලෙස ‍රැස්වීමකුත් තිබුන.ඒකටත් ගිහින් ඊටපස්සෙ දවසෙ මම ගෙදට ගියා.


අළුත් අවුරුද්ද පටන් ගත්තෙ සුභම සුභ නව වසරක් වේවා කියල හිතාගෙන.එදා අපිට තිබුනෙ එක lecture එකයි.ඊලඟ දවසෙ අපිට mid exam එක තියෙන්න තිබුනු නිසා ඒකට පාඩම් කර කර තමයි හිටියෙ ගොඩක් අය.පළවෙනිද උදේම කුප්පියකුත් තිබුන.ඒක ඉවර වෙලා යාලුවො ගෙවල්වලින් ගෙනත් තිබුනු කිරිබත්, කැවුම්,කොකිස් එහෙම කෑව.ඊටපස්සෙ දවල් ඉඳන් යාලුවො ටික එකතු වෙලා පාඩම් කලා bus එකේ ඉඳන්.(campus එකේ තිබෙන පාඩම් කටයුතු කිරීමට හැකි තැනක්).මම හවස 6ට විතර බෝඩිමට ආව.ඒත් අනිත් අය දිගටම එතන හිටියෙ පාඩම් කර කර.මම බෝඩිමට ඇවිත් පාඩම් කර කර ඉන්නකොට අපේ බෝඩිමේ ළමයෙක්ට රෑ 9.30ට විතර එකක් ආව hostel ගැට්ටො(කොලඹ නොවන සිසුන්) ඔක්කොම campus එක ඇතුලට යනව කියල. සාමාන්‍යෙන් එහෙම යන්නෙ රණ්ඩුවක් තියෙන වෙලාවට.ඒ නිසා ඒ වගේ දේවල් ගැන අපි ටිකක් කල්පනාවෙන් ඉන්නෙ.

ඊටපස්සෙ ටික වෙලාවකින් පාඩම් කර කර හිටපු අපේ යාලුවො ටික ආව බෝඩිමට "campus එකේ වලියක්,ගැට්ටොයි NDTයි ගහගන්නව" කියල.මේක ඇහුවම අපිට හොඳටම තරහ ගියා.මොකද උන් එහෙම ගහගත්තම ගොඩක් වෙලාවට කරන්නෙ campus එක වහන එක.ඊලඟ දවසෙ අපිට mid exam එකත් තියෙන්න තිබුනෙ.සතියක් තිස්සෙ ඒකට පාඩම් කරල exam එක තිබ්බෙ නැත්නම් ආයෙ අමුතුවෙන් පාඩම් කරන්න වෙනව ඒවට.ඊටපස්සෙ බෝඩිමේ අයට එහෙන් මෙහෙන් call එනව වලිය ගැන.එතකොට වෙලාව 12ට විතර ඇති.පලවෙනිදම ගහගත්ත කියල අපි උන් හැමෝටම බැන බැන හිටියෙ.ඒ වෙද්දි ගොඩක් අය තේරුම් අරන් හිටියෙ campus එක වහයි කියල ටික දවසකට.ටික වෙලාවකින් අපි නිදාගත්ත. උදේ පාන්දර 4ට විතර පණිවිඩේ ආව campus එක දින නියමයක් නැතුව වහල කියල.ඊටපස්සෙ ඉතින් 8 විතර වෙනකම් නිදාගත්ත.