My Story

My Thoughts,My Experiences and something more....

තවමත් සරසවි ආචාර්‍යවරුන්ගෙ වර්ජනය අවසන් නැහැ.දැනට මාස 4ක විතර ඉඳන් අපි ගෙදර ඉන්නෙ. මේ අතරෙ තමා දවස් 5ක මහා පාගමනක් ආචාර්‍යවරු ආරම්භ කලේ.24 ගාල්ලෙන් පටන් අරන් ගාලු පාර දිගේ 28 වෙනිදා කොලඹට එන්නයි ලෑස්ති වෙලා තිබුනෙ.28 වෙනිද ක‍ටුබැද්දෙ ඉඳන් කොලඹට යන්න නියමිත උනේ.මමත් 28 වෙනිද ඒකට යන්න හිතාගෙන 27 වෙනිද බෝඩිමට ගියා.ඊලඟ දවසෙ උදේ 9ට විතර ක‍ටුබැද්දෙ හන්දියෙන් පාගමන් පටන් ගත්ත.ටිකක් වෙලා යනකම් අපේ campus එකේ banner එක අල්ලගෙන ගියෙ මමයි,යලුවෙකුයි.ඒ අතරෙ ගොඩක් මාධ්‍ය ආයතනවලින් ඇවිත් අපිව කැමරා,වීඩියෝ කලා.පැය 3,4ක් යනකම් මේ විදිහට අමාරුවක් නැතුව ගියා.ඒ අතරෙ කට්ටිය සටන් පාඨ කිය කිය ගියෙ.



පාරෙ යද්දි ළමයි පුලුවන් තරම් බැලුවෙ පාර මැදටම යන්න.ඒත් සර්ල ඇවිත් පාර මැදට යන්න එපා කියල නිතරම කිව්ව.වැල්ලවත්ත හරියට යද්දි කකුල් හොඳටම රිදෙන්න ගත්ත.ඒ හරියෙදි අපිට මාලු බනිස්,පාන්,වතුර බෝතල් එහෙම දුන්න කට්ටිය. අපේ එකේ අයට එකක් හම්බවෙලා ඒකෙන් සටන් පාඨ කියන්න පටන් ගත්ත ඒ හරියෙ ඉඳන්.

"පාලකයිනි මේ අහන්න
ඔබේ ඇඳුම් ගලවගන්න"
"අම්මෙ තාත්තෙ මේ අහන්න
අධ්‍යාපනෙ බේරගන්න"

මේ එක සටන්  පාඨයක්.ඔහොම කිය කිය යනකොට සෙනග බලන් ඉන්නව පාර දෙපැත්තෙ ඉඳන්.එක පාරටම එක අරන් හිටපු කෙනා කිව්ව
 "අම්මෙ තාත්තෙ මේ අහන්න ඔබේ ඇඳුම් ගලවගන්න "
කියල.කට්ටියටම හිනා. කොහොමහරි පාගමනට ලොකු සෙනගක් ඇවිත් හිටිය.හවස 3 වෙනකම් නවතින්නෙ නැතුව ඇවිදන් ඇවිත් 3 වෙද්දි කොලඹට ආව.ඒ අතරෙ කැරලි මර්ධන. පොලිසියෙන් වතුර බවුසර් එහෙම තියන් හිටිය ජල ප්‍රහාර එල්ල කරන්න.;) අපේ කට්ටිය ගිහින් එයාලටත් leaflets බෙදුව.



මම හිතන් හිටපු විදිහටම 2වෙනි වාරෙ මම 2වෙනිය උනේ.මලින්තව පාස් කරන එක ඒ දවස්වල අපේ ඉස්කෝලෙ ළමයිට හීනයක්.එයා තමයි පන්ති 9න් ම පලවෙනිය.මලින්තගෙ මුලු ලකුණු 800න් 733ක්.මට තිබ්බෙ 694යි.මම ඉතින් 3 වෙනි වාරෙ exam එකටත් පුලුවන් තරම් හොඳට පාඩම් කරල ගියා. ඒ පාර exam එක මට ගොඩක් ලේසි උනා.ඊටපස්සෙ results ආවම බලද්දි මට ගොඩක් පුදුම හිතුන. මම මලින්තට වඩා ලකුණු 2ක් වැඩිපුර අරන් පලවෙනිය වෙලා තිබුන.එදා මට පුදුම සතුටක් දැනුනු දවසක්.මම නාලන්දෙදි පලවෙනිය උනු පලවෙනි වතාව.

එදාට පස්සෙ දවසෙ අපිට report card දුන්නෙ ‍රැස්වීමක් තියල principal අතින් .එදා මම මලින්තව පාස් කරල පලවෙනිය වෙලා කියල දැක්කම ළමයි මා දිහා පුදුමෙන් බලන්න පටන් ගත්ත.ඊටපස්සෙ මාව හම්බෙලා ඒ ගැන විස්තරත් ඇහුව.ඊටපස්සෙ දවසෙ ඉඳන් අපේ section එකේ ළමයි මට කිව්වෙ "මලින්තව පාස් කරපු කෙනා" කියල.section එකේ ගොඩක් ළමයි මාව දැන ගත්තෙත් ඊටපස්සෙ තමයි. මගෙ හිතේ හැමදාම මතක තියන දෙයක් තමයි ඒක.


9 වසරෙදිත් මම දහම් දැනුම තරඟයට ගියා.කලින් පාරත් ගිය නිසා මේ පාර ටිකක් අවබෝධයක් ඇතුව ගියෙ.ගොඩක් දහම් පාසල් වල තරඟවලට යන අයව පුරුදු කරනව.ඒත් අපේ දහම් පාසලේ එහෙම නැහැ.අපිම තරඟ කරන හැටි ඉගන ගන්න ඕන.අපි අයිති වෙන්නෙ දොම්පෙ  ශාසනාරක්ෂක බල මණ්ඩලයට.මම එදා ලියපු තර‍ඟෙට දහම් පාසල් 88කින් තරඟකාරයො 88ක් ඇවිත් හිටිය.එදා මම දන්න දේවල් ඔක්කොම වගේ ලියල ආව.එනකොට නිකමට හිතුන place එකක් අනිවාර්‍යෙන්ම ඇති කියල.ඊලඟ සතියෙ දහම් පාසල් ගිහින් බලද්දි මම ඒ තර‍ඟෙ දොම්පෙන් පලවෙනිය වෙලා තිබුන.මට එදා ගොඩල් සන්තෝෂ හිතුන.අපේ දහම් පාසලේ තව ගෑණු ළමයෙකුත් කථික වලින් දොම්පෙ පලවෙනිය වෙලා තිබුන.

පලවෙනිය උනාම දිස්ත්‍රික් තර‍ඟෙට යන්න chance එක හම්බෙනව.මටත් ටික දවසකින් දිස්ත්‍රික් තර‍ඟෙට යන්න ලියුම ආව.ඒක තිබ්බෙ ගම්පහ යශෝධරා බාලිකාවෙ.එදා උදෙන් ඒකට ගිහින් මම දිස්ත්‍රික් තර‍ඟෙට ලිව්ව.ගම්පහට අයිති ශාසනාරක්ෂක බල මණ්ඩල 13න් තරඟකාරයො 13දෙනෙක් ඇවිත් හිටිය.ඒකෙන් තැනක් ගන්න එක අමාරු වැඩක්.ඒත් ඉතින් මම පුලුවන් විදිහට ලිව්ව.ඊටපස්සෙ එදා හවසම ප්‍රථිපල දුන්න.මම ගම්පහ දිස්ත්‍රික්කෙ 5 වෙනිය.පලවෙනිය උනොත් සමස්ත ලංකා යන්න පුලුවන්.ඒකෙ දොම්පෙට වැඩිය places හම්බුනේ නෑ. වැඩියම places හම්බුනේ කටාන,මීගමුව බල මණ්ඩල වලට.


මම 9 වසර පටන් ගනිද්දි විද්‍ය පන්තියකට ගියා.එහෙම යනකොට දවසක් ඒ පන්තියට අලුතින් ආව ගෑණු ළමයෙක්.ඒ දවස්වල මම ඒ තරම් ලස්සන ගෑණු ළමයෙක් දැකල තිබුනෙම නෑ.පුදුම ලස්සනක්.එයාගෙ ඉස්කෝලෙ ගවුමෙ අත් දිගට දාල තිබුනෙ.ගවුමත් අමුතු ගවුමක්.මට ඉතින් දැකපු ගමන් එයාට ආස හිතුන.ඒ දවස්වල මම හිටියෙ පන්තියෙ ඉස්සරහම desk එකේ.එයා හිටියෙ ඊටපස්සෙ desk එකේ.මම පන්තියෙදි නිකම් ඉන්න වෙලාවට හොරෙන් පිටිපස්ස හැරි හැරි එයා දිහා බල බල හිටියෙ.දවසක් එයයි,එයාගෙ යාලුවොයි මේක දැක්ක.ඊටපස්සෙ එයාල මා දිහා බලන් හිටිය මං ආයෙ එහෙ බලනක්ම්.මට මේක තේරුනා.එවෙලෙ මම හොඳටම බය උනා.ආයෙ එහෙම බලන්න ගියෙත් නෑ.

මම ඉස්කෝලෙ ගිහින් පන්තියට එනකොට ටිකක් පරක්කු වෙනව එතකොට.එයා ඊටකලින් ඇවිත් ඉන්නෙ.මම එනකොට හැමදාම මා දිහා බැලුව එයා.ඒත් මට එයා එක්ක කතා කරන්න ලොකු බයක් තිබුන.අඩුම ගානෙ හිනා උනේවත් නෑ.දවසක් මම  වෙන පන්තියකට ගිහින් බස් එක එනකම් ඉන්නකොට එයත් වෙන කොහෙද ගිහින් අම්ම එක්ක ඒ හරියට ආව.එවෙලෙ එයා හිනා උනු නිසා මාත් හිනා උනා.මට එදා හරිම happy. ඊපස්සෙ දවසෙ ඉඳන් මම එයා එක්ක ටික ටික කතා කලා.ඊටපස්සෙ එයා කිව්ව මම එයාගෙ හොඳම යාලුව කියල.මමත් ඉතින් මගෙත් හොඳම යාලුව එයා කියල කිව්ව.ඊටපස්සෙ එයා එක්ක මම 2,3 පාරක් තරහ වෙලා යාලුත් උනා. මේක මේ ගොඩක් කෙටියෙන් ලිව්වෙ.


ඒ කාලෙ ගොඩක් අයට කෙල්ලො පස්සෙ යන්න ආස හිතුනු වයසක්.සමහර අයගෙ බෑග්වල ජෙල් පැකට්,කණ්ණාඩි,scent  පිරිල තිබුන.එක ළමයෙක් හිටිය අපේ පන්තියෙ.එයාගෙ සීය නිතරම වගේ ඉස්කෝලෙ ලඟ කැරකෙනව එක එක වැඩවලට.මෙයා ඉන්නෙ කොන්ඩෙට ලොකු style එකක් දාගෙන.දවසක් එහෙම ඉන්නකොට එයාගෙ සීය ඒ හරියට එනව කියල යාලුවෙක් එයාට ඔත්තුවක් දුන්න.එතකොට මෙයා කලේ කොන්ඩෙ ටක් ගාල හොඳටම අවුල් කරගත්තු එක.ඊටපස්සෙ සීය ආවට පස්සෙ උපාසකය වගේ ඉන්නව.සීය ගියාට පස්සෙ ආයෙ ජෙල් පැකට් එකක් අරන් කොන්ඩෙ හදාගත්ත තිබුනු විදිහටම.

තව ළමයෙක් හිටිය අපේ පන්තියෙ.එයා ඒ කාලෙ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියෙ.චන්ඩියෙක් වගේ හිටපු කෙනෙක්.ගෑණ ළමයට දෙන ලියුම් ගෙදර අයට අහු වෙයි කියල ඉස්කෝලෙ cupboard එකේ දාල තමා ගෙදර යන්නෙ.ඒ කාලෙ phone නෑනෙ වැඩිය.ඉඳල හිටල කෙනෙක්ට තමයි hand phone එකක්  තිබුනෙ.එයා ටිකක් සෝබන වැඩත් කලා.දවසක් පන්ති නායකයගෙන් බැජ් (monitor badge) එක ඉල්ලුව ඊලඟ දවසෙ ගෙනත් දෙන්නම් කියල.ඒ මොකටද කියල ඇහුවම "අද කෙල්ල හම්බෙන්න යන්නෙ,මම badge එක කෙල්ලට පේන්න දාගෙන ගිහින් හෙට ගෙනත් දෙන්නම් " කියල කිව්ව.තමන් පන්තියෙ නායකය කියල කෙල්ලට පෙන්නන්න තමයි මෙයාට ඕන උනේ.ඒ දවස්වල ගෑණු ළමයි ඒවට ‍රැවටෙනවනෙ. හැබැයි ඉතින් පන්ති නායකය badge එක දුන්නෙනම් නෑ.

මගෙ ගැනත් පොඩි කතාවක් තියනව කියන්න.ඒක ඊලඟ post එකේ ලියනව.


ලංකාවෙ Language lab එකක් තියන එකම ඉස්කෝලෙ තමයි නාලන්දෙ.9 වසරෙ ඉඳන් අපිට ඒකට යන්න chance එක හම්බුනා.chance  එකක් කිව්වට මටනම් ඒක එපාම කරපු එකක්.ඒකෙ ගිහින් කරන්න තිබ්බෙ මේකයි.ගිහින් ඉඳගෙන headphones දාගෙන ටීචර් දාන record එක අහන් ඉඳල ඒක ඇසුරින් ටීචර් අහන ප්‍රශ්නවලට උත්තර දෙන එක.උත්තර දෙන්න microphone එකත් on  කරනව.ඒක කලේ ළමයිගෙ කුසලතා දියුණු වෙන්න. Reading, speaking, listening වගේ දේවල් හැදෙන නිසා.

දවසක් එහෙම record එකක් දාල මිස් උත්තරේ ඇහුව අංක 13 table එකේ ඉඳගෙන ඉන්න කෙනාගෙන්. මම නිකමට මගෙ table එකේ අංකෙ බැලුව. බැලින්නම් ටීචර් කතා කරන්නෙ මට.මම උඩ ගිහින් බිම වැ‍ටුන.ඇයි ඉතින් දාපු record එකේ මෙලෝ දෙයක් තේරුණේ නෑ.බලද්දි මගෙ mike එකත් on කරල.මං ඉතින් මුකුත් දන්නෙ නෑ වගේ හිටිය.ඊටපස්සෙ මිස් මා දිහාට ඇඟිල්ල දික් කරල , "you? Can’t you hear me? Don’t you have a mouth?" කිව්ව.මම සද්ද නැතුව හිටිය.අන්තිමට ඉතින් මට හොඳටම බැන්න.එදායින් පස්සෙ මම ඒකට ගියෙ ආසාවෙන් නෙමේ.ගිය දවසට කොහොමහරි ඒක තේරුම් ගන්න බැලුව.

9 වසරෙ ජීවන නිපුණතා period එකත් මම ආස නැති එකක්.ඒක උගන්නපු මිස් නිසා.එයා පොඩි දෙයටත් බනිනව.දවසක් මම එයා උගන්නන වෙලේ පොත් 3,4ක් දිග ඇරන් මොකක්ද ලිය ලිය හිටිය.මිස් ඒක දැකල කිව්ව "ඔහොම බොරුවට වැඩ කරන්න එපා, තාම 9 වසරෙනෙ, නිකම් AL කරනව වගේනෙ ඔයා" කියල.


මම අලුතින් science class එකකට ගියා 9 වසර පටන් ගන්නකොට.ඒකත් කිරුලු ශිල්ප ශාලිකා එකේ.රත්නායක සර්ගෙ.

ඉස්කෝලෙ සමහර ළමයිට ඒ කාලෙදි ගෑණු ලමයි දැක්කම ඉන්න බෑ.මොනව හරි කියනව.අපේ ඉස්කෝලෙට එනවනෙ පිට ඉස්කෝලවලින් ගෑණු ළමයි එක එක තරඟවලට,වෙන වෙන වැඩ වලට එහෙම.ඒ විදිහට ගෑණු ළමයිගෙ වෑන් එකක් ආව දවසක් ඉස්කෝලෙට.ඒක දැකපු අපේ 9 වසර ළමයි සමහරු සඳලු තලේ වගේ එකට ගිහින් හූ කිය කිය කෑගහන්න පටන් අරන්.මෙන්න ටික වෙලාවකින් මහ ලොකු ශබ්දයක් ඇහෙනව.ශබ්දෙ හරියට පැහැදිලිත් නෑ.ටික වෙලාවකින් කට්ටියට තේරුණා මොකක්ද මේ කියල.

තත්පරයක් ගියෙ නෑ.ළමයි ඔක්කොම ටික පන්තිවල ඉඳගෙන ඉන්නව මුකුත්ම දන්නෙ නෑ වගේ.එකපාරටම කඩන් පැනපු දිලීප් සර් ළමයි ඔක්කොටම බනින්න පටන් ගත්ත.කව්ද හූ කිව්වෙ කියල ඇහුව සැරෙන්.කවුරුත් කතා කලේ නෑ.සර්ට හොඳටම තරහ ගියා."බැහැපියව් ඔක්කොම එලියට, ඔක්කොම දණ ගහපල්ල පේලියට " කිව්ව.ළමයි ඔක්කොම පේලියට ගිහින් දණ ගැහුව building එක ඉස්සරහ පාරෙ.ළමයි තුන්සිය ගාණක්. "කෑගහපු එවුන් කව්ද කියනකම් ඔහොම හිටපල්ල" කියල සර් ඉඳගෙන බලන් හිටිය.දැන් එතනින් යන වාහන,සර්ල, දෙමව්පියො ඔක්කොම අපි දිහා බල බල යනව.පුදුම ලැජ්ජාව.

මෙන්න එකපාරම  ඈතින් වෑන් එකක් එනව.බැලින්නම් අර ළමයි හූ කියපු කෙල්ලන්ගෙ වෑන් එක. එයාල අපි ඉස්සරහින් යද්දි ප්‍රදර්ශනයක් බලනව වගේ අපි දිහා බලන් හිනා වෙවී ගියා.ඒකෙ හිටපු ඒ ඉස්කෝලෙ ටීචර්ල අපිට හොඳම වැඩේ කියාගෙන ගියෙ.


මම 9 වසරෙදි හිටියෙ 9-F එකේ.පන්තිභාර සර් උනේ රනිල් ගුණසේකර සර්.ඒ පන්තිය ටිකක් ලොකු එකක්.විද්‍යාගාරයක් තරම් ලොකු එකක්.මේ පන්තියෙදි මට ආයෙ මලින්තවත් හම්බුනා.මලින්ත තමයි 6,7,8 වසරවල section එකේම පලවෙනිය වෙලා හිටියෙ.9,10,11 සහකාර විදුහල්පති වෙලා හිටියෙ දිලීප් රෝහන සර්.එයා ගැන ඒ කාලෙ ඉස්කෝලෙ  හිටපු ඕන කෙනෙක් දන්නව.තරහ ගිය වෙලාවට බනින්න ගත්තම අහන් ඉන්න බෑ.ඒ වෙලාවට කියන දේවල් තේරෙන්නෙත් නෑ.ළමයෙක්ට ගහද්දි පිටට පාර වදින සද්දෙ 100m ක් විතර දුරට ඇහෙනව.

අපේ ඉස්කෝලෙ big match තියෙන්නෙ මාර්තු මාසෙ. ආනන්ද-නාලන්ද big match එක තමයි ලංකාවෙ ප්‍රසිද්ධම,ජනප්‍රියම match එක.ලංකාවෙ ක්‍රිකට් වලට වැඩිම ක්‍රීඩකයන් ගාණක් ඇවිත් තියෙන්නෙ අපේ ඉස්කෝල 2කෙන්.ශ්‍රී ලංකාව ලෝක කුසලානෙ දිනද්දි ඒ team එකේ නායක ආනන්දෙ කෙනෙක්.ලොකුම දෙය තමයි ඒ team එකේ 11න් 3 දෙනෙක්ම නාලන්දෙ අය වීම.(රොශාන් මහානාම,අසංක ගුරුසිංහ,කුමාර ධර්මසේන) .ඉතින් මේ big match ලං වෙද්දි තවත් තරඟ තියනව ඉස්කෝල 2 අතර.ඒ එකක් තමා ගුරුවරුන්ගෙ ක්‍රිකට් තර‍ඟෙ(Teachers’ match). ඒක තියන දවසට ඉස්කෝලෙ කලින් අරිනව.ඊටපස්සෙ ඉතින් අපි ඒක බලන්න යනව.ඒක තියන්නෙ අවුරුද්දක් ඇර අවුරුද්දක් ඉස්කෝලෙ 2කේ ක්‍රීඩාංගණවල.

9 වසරෙදි මට මතක විදිහට ඒක තිබ්බෙ අපේ ඉස්කෝලෙ ක්‍රීඩාංගනේ.ඒකෙදි දිලීප් සර් ආපු වෙලේ ඉඳන් 4 ඒව ගහගෙන ගියා.අන්තිමට ඒ තර‍ඟෙ අපි ඒ අවුරුද්දෙ දිනුව.ඒ match එකට පස්සෙ දවසෙ දිලීප් සර් කවදාවත් නැතුව දකින දකින කෙනා එක්ක හිනා වෙවී, හිනා මුනක් දාගෙන හිටියෙ


8 වසර සිංහල පොතේ තිබුන නරිබෑනා කියල පාඩමක්.ඒකෙ තිබුනෙ ජනප්‍රිය නරිබෑනා නාට්‍යයෙ දෙබස්.නරිබෑනා නාට්‍ය ගැන අහල නැති කෙනෙක් නෑ.ඒක ඉස්කෝලෙ උගන්නල ටික දවසකින් ඒක බලන්න යන්න chance එකක් ආව.ඒ අපේ ඉස්කෝලෙ 8 වසරෙ ළමයිව මරදානෙ එල්‍ෆිස්ටන් රඟහලට එක්කන් ගිය නිසා.ඒ කියන්නෙ ළමයි 320ක් විතර.ගිහින් බලද්දි තව ඉස්කෝල 3කින් විතරත් ඇවිත්.මතක විදිහට ආනන්දෙ, සිර්මාවෝ,දේවි බාලිකා.අපේ ඉස්කෝලෙ ළමයිට ඉතින් ගැනු ළමයි දැක්කම ඉන්න තැන් අමතකයි.කට්ටිය කෑ ගහනව ඉවරයක් නෑ.කට්ටියව නිශ්ශබ්ද කරන්න සර්ලට ගොඩක් මහන්සි වෙන්න උනා.

කොහොමහරි නාට්‍ය පටන් ගත්ත.නරියට හිටියෙ රොඩ්නි වර්ණකුල.තව විජය නන්දසිරිත් හිටිය .මට නම මතක නැති ප්‍රසිද්ධ නලුවො,නිලියො ටිකක් තමා නාට්‍යට හිටියෙ.නාට්‍ය ලස්සනට ගියා.ළමයි ඔක්කොම ගොඩක් ආසාවෙන් බැලුවෙ ඒක.නාට්‍ය ඉවර වෙලා යද්දි රොඩ්නි අපිට අතත් වනාගෙන ගියෙ. ඊටපස්සෙ මම එල්‍ෆිස්ටන් එකට ගියෙ අපි AL කාලෙ organize කරපු science day එකට.


ඉස්කෝලෙ කාලෙ හරිම රසවත්.ඒත් ඉස්කෝලෙ යන කාලෙ ඒක තේරෙන්නෙ නෑ.ඒ කාලෙට හිතෙන්නෙ ඉක්මනට ඊලඟ grade එකට යන්න.ඊටපස්සෙ ඉක්මනට campus යන්න.එක දිගට මාස ගණක් ඉස්කෝලෙ යද්දි නිවාඩුව එනකම් බලන් ඉන්නව.ඊටපස්සෙ නිවාඩුව ආවම ඉස්කෝලෙන් දුන්නු නිවාඩු කාලීන පැවරුම් ඔක්කොම මුල් සතියෙ කරල ඉතුරු සති ටික සෙල්ලම් කරනව.ටිකෙන් ටික නිවාඩුව ඉවර වෙද්දි තමා ආයෙ එපා වෙන්නෙ.නිවාඩුවෙ අන්තිම සතියෙ ඔලුවෙ තියෙන්නෙම නිවාඩුව තව දවස් 5යි,4යි,3යි,2යි....කියල තමා.

ඉස්කෝලෙ පටන් ගත්තම මම ගෙදරින් උදේ school van එකට නගින්නෙ උදේ 5.30ට.ඊටපස්සෙ ඉස්කෝලෙට යනව 7 වෙද්දි.හවසට ගෙදර යද්දි 4-4.30 උනා.මම ඒ කාලෙ නිදා ගන්නෙ 9ට.වැඩිම උනොත් 9.30.ඉතින් ඉස්කෝලෙ ගිහින් ඇවිත් පාඩම් කරන්න තියෙන්නෙ පොඩි වෙලාවක්.උදේට පාඩම් කලේ නෑ උදේම නැගිටින්න වෙන නිසා.ඉතින් එතකොට මට සෙල්ලම් කරන්න වෙලාවක් තිබ්බෙ නෑ.

මම දෙවෙනි පාරට දහම් පාසල් තරඟ වලට ගියෙ  8 වසරෙදි.ඒ පාර මම ගියෙ දහම් දැනුමට.තරඟවලට සති 2කට කලින් තමයි නම දුන්නෙත්.තර‍ඟෙ තිබුනෙ කිර්ඳිවැල central එකේ.ඒකට ලියල ඇවිත් ඊලඟ සතියෙ දහම් පාසල් ගියාම ඈතදිම ළමයි 2,3දෙනෙක් දුවගෙන ඇවිත් "අය්යෙ,ඔයා සුමාල් ද?" කියල ඇහුව.මම ඔව් කිව්වම "ආහ්,ඔයා තමයි එහෙනම් තේරිල තියෙන්නෙ " කියල කිව්ව.බලද්දි මම ඒ තර‍ඟෙන් 5වෙනිය වෙලා තිබුන.එදා මාව දහම් පාසලේ ‍රැස්වීමෙදි ඉස්සරහට ගෙන්නල තෑග්ගකුත් දුන්න.


ඒ කාලෙ අපි යාලුවො එක්ක  තර‍ඟෙට 400m දුවනව.මට ඒ කාලෙ ටිකක් හොඳට 400m දුවන්න පුලුවන්.අපේ නිවාසෙ තමයි නන්ද.අනිත් නිවාස 3 තමා සූර්‍ය,චන්ද්‍ර,මයුර.හැබැයි ඉතින් අපේ නිවාසෙ අවුරුදු 15ක් විතරම එක දිගට අන්තිම වෙවී තිබුනෙ.8 වසරෙදිත් sports meet එකේ අන්තිම තමා උනේ.නිවාසෙ meeting වලදි කතා කරන අපේ නිවාසෙ  සර්ල හැමදාම "අපි තමයි මේ පාර විප්ලවීය විදිහට ජයග්‍රහණය කරන්නෙ,ගිය පාර පොඩි වැරදීම් ටිකක් නිසයි අන්තිම උනේ.අපේ නිවාසෙ තමයි විශිෂ්ටතම " කියල කියනව.මේකට ඉතින් අපේ නිවාසෙ ඔක්කොටම හිනා.හැමදාම කියන්නෙ ඕක,ඒත් හැමදාම අන්තිම.කට්ටිය පල් එකටත් එක්ක විසිල් ගහල ලොකු clap එකක් දෙනව එවෙලෙට.

ඒ පන්තිය ටිකක් චන්ඩියො වැඩි පන්තියක්.ඒ නිසා නිතරම අනිත් පන්තිවල ටීචර්ල ඇවිත් බනිනව අපිට.section එකේ නරකම පන්තිය කියල තමයි ඔක්කොම කිව්වෙ.ගොඩක් වෙලාවට චන්ඩියො ටික වලිත් දාගත්ත.

ඒ අවුරුද්දෙ මට පලවෙනි පාරට prize giving එකට යන්න ලැබුන.එදා තැගි ගත්තෙ පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමිගෙන්.ඒ කාලෙ prize giving තිබ්බෙ මලලසේකර hall එකේ.මේ පන්තියෙදි මම 2වෙනි වාරෙ 2 වෙනිය උනා.ඒත් 3වෙනි වාරෙ 3 වෙනිය උනේ.

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive