ඒ
කාලෙ ගොඩක් අයට කෙල්ලො පස්සෙ යන්න ආස හිතුනු වයසක්.සමහර අයගෙ බෑග්වල ජෙල් පැකට්,කණ්ණාඩි,scent පිරිල තිබුන.එක ළමයෙක් හිටිය අපේ පන්තියෙ.එයාගෙ සීය නිතරම වගේ
ඉස්කෝලෙ ලඟ කැරකෙනව එක එක වැඩවලට.මෙයා ඉන්නෙ කොන්ඩෙට ලොකු style
එකක්
දාගෙන.දවසක් එහෙම ඉන්නකොට එයාගෙ සීය ඒ හරියට එනව කියල යාලුවෙක් එයාට ඔත්තුවක්
දුන්න.එතකොට මෙයා කලේ කොන්ඩෙ ටක් ගාල හොඳටම අවුල් කරගත්තු එක.ඊටපස්සෙ සීය ආවට
පස්සෙ උපාසකය වගේ ඉන්නව.සීය ගියාට පස්සෙ ආයෙ ජෙල් පැකට් එකක් අරන් කොන්ඩෙ හදාගත්ත
තිබුනු විදිහටම.
තව
ළමයෙක් හිටිය අපේ පන්තියෙ.එයා ඒ කාලෙ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියෙ.චන්ඩියෙක්
වගේ හිටපු කෙනෙක්.ගෑණ ළමයට දෙන ලියුම් ගෙදර අයට අහු වෙයි කියල ඉස්කෝලෙ cupboard
එකේ දාල තමා
ගෙදර යන්නෙ.ඒ කාලෙ phone නෑනෙ වැඩිය.ඉඳල හිටල කෙනෙක්ට තමයි hand
phone එකක් තිබුනෙ.එයා ටිකක් සෝබන වැඩත් කලා.දවසක් පන්ති
නායකයගෙන් බැජ් (monitor badge) එක ඉල්ලුව ඊලඟ දවසෙ ගෙනත් දෙන්නම් කියල.ඒ
මොකටද කියල ඇහුවම "අද කෙල්ල හම්බෙන්න යන්නෙ,මම badge එක කෙල්ලට පේන්න දාගෙන ගිහින් හෙට
ගෙනත් දෙන්නම් " කියල කිව්ව.තමන් පන්තියෙ නායකය කියල කෙල්ලට පෙන්නන්න තමයි
මෙයාට ඕන උනේ.ඒ දවස්වල ගෑණු ළමයි ඒවට රැවටෙනවනෙ. හැබැයි ඉතින් පන්ති නායකය badge
එක දුන්නෙනම්
නෑ.
මගෙ
ගැනත් පොඩි කතාවක් තියනව කියන්න.ඒක ඊලඟ post එකේ ලියනව.
0 comments:
Post a Comment