My Story

My Thoughts,My Experiences and something more....


මුහුද ගොඩ ගැලුව කියල මම පොඩි කාලෙ අහල තිබුනෙ ඓතිහාසික වීර කථාවක් වන විහාර මහා දේවියගෙ කතාවෙන්.ඇත්තටම මමත් ඒ කාලෙ හිතුවෙ ඒක වෙන්න පුලුවන් දෙයක්ද ,ඒ කතාව බොරුවක් නෙමේද කියල.කොහොමහරි ඒ දවස්වල මුහුද එහෙම වෙන්න ඇති කියල හිතන් ඒක විශ්වාස කලා.

2004 දෙසැම්බර් 25 වෙනිදා නත්තල් දවස.ඊට පස්සෙ දවසෙ පෝය.(26)නත්තලට සාමාන්‍යෙන් සත්තු මරල පව් කරනව සමහරු.26 වෙනිදා පාන්දර ඉන්දුනීසියාවට ආසන්න මුහුදෙ යට භූ කම්පනයක් වෙල තිබුන.ඒ මුකුත් දැනන් හිටපු නැති මිනිස්සු සාමාන්‍ය පරිදි තමන්ගෙ වැඩ වල නිරත උනා.මේ අතරෙ ලංකාවෙ සමහර පැති වල මුහුද මීටර් 100ක් විතර ගිලිල තිබුන.(හිඳිල වගේ) කවදාවත් එහෙම දෙයක් වෙලා නැති නිසා ඒ හරියෙ මිනිස්සු ඔක්කොම වගේ ඒක බලන්න ගියා.මුහුද ගිලුනු නිසාම මුහුදු වෙරලෙ මාලුත් හිටියලු.ටික වෙලාවකින්ම මුහුද ගොඩ ගලන්න පටන් ගත්තලු කාටවත් හිතාගන්නවත් බැරි විදිහට.අරෙහෙම මුහුද ගිලුනු හැටි බලන්න ගිය අයගෙන් ගොඩක් ඒකට අහු වෙන්න ඇති.

(මේ ලඟදි දවසක විද්‍යා සර් කෙනෙක් කිව්ව කතාවක් ඒ ගැන. නිව්ටන්ගෙ 3 වෙනි නියමය අනූව සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන ,දිශාවෙන් ප්‍රති විරුද්ධ ක්‍රියාවක් ඇත කියල කියනවනෙ.ඉතින් මේ ක්‍රියාවටත් එහෙමලු.මුහුද එහෙම ගිලුනනම් ඒකට ප්‍රති විරුද්ධ ක්‍රියාව ,ඒ කියන්නෙ මුහුද ගොඩ ගලනව කියල තේරුම් ගන්න ඕනලු.ඒත් ඉතින් මුහුද ලඟ ඉන්න මිනිස්සු,මුහුද බලන්න ආපු වැඩිහිටි අය ඕව දන්නවද කව්ද දන්නෙ.අහම්බෙන් science කරපු කෙනෙක් හිටියොත් එයාටත් වාසනාවකට එහෙම හිතුනොත් මිසක්. අපි ඉගන ගන්න දේවල් ප්‍රායෝගිකව යොදවන්න පුලුවන්නම් ඒක ගොඩක්ම හොඳයි.)

0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive