තවමත් සරසවි ආචාර්‍යවරුන්ගෙ වර්ජනය අවසන් නැහැ.දැනට මාස 4ක විතර ඉඳන් අපි ගෙදර ඉන්නෙ. මේ අතරෙ තමා දවස් 5ක මහා පාගමනක් ආචාර්‍යවරු ආරම්භ කලේ.24 ගාල්ලෙන් පටන් අරන් ගාලු පාර දිගේ 28 වෙනිදා කොලඹට එන්නයි ලෑස්ති වෙලා තිබුනෙ.28 වෙනිද කටුබැද්දෙ ඉඳන් කොලඹට යන්න නියමිත උනේ.මමත් 28 වෙනිද ඒකට යන්න හිතාගෙන 27 වෙනිද බෝඩිමට ගියා.ඊලඟ දවසෙ උදේ 9ට විතර කටුබැද්දෙ හන්දියෙන් පාගමන් පටන් ගත්ත.ටිකක් වෙලා යනකම් අපේ campus එකේ banner එක අල්ලගෙන ගියෙ මමයි,යලුවෙකුයි.ඒ අතරෙ ගොඩක් මාධ්‍ය ආයතනවලින් ඇවිත් අපිව කැමරා,වීඩියෝ කලා.පැය 3,4ක් යනකම් මේ විදිහට අමාරුවක් නැතුව ගියා.ඒ අතරෙ කට්ටිය සටන් පාඨ කිය කිය ගියෙ.
පාරෙ යද්දි ළමයි පුලුවන් තරම් බැලුවෙ පාර මැදටම යන්න.ඒත් සර්ල ඇවිත් පාර මැදට යන්න එපා කියල නිතරම කිව්ව.වැල්ලවත්ත හරියට යද්දි කකුල් 2 හොඳටම රිදෙන්න ගත්ත.ඒ හරියෙදි අපිට මාලු බනිස්,පාන්,වතුර බෝතල් එහෙම දුන්න කට්ටිය. අපේ එකේ අයට එකක් හම්බවෙලා ඒකෙන් සටන් පාඨ කියන්න පටන් ගත්ත ඒ හරියෙ ඉඳන්.
"පාලකයිනි මේ අහන්න
ඔබේ ඇඳුම් ගලවගන්න"
"අම්මෙ තාත්තෙ මේ අහන්න
අධ්‍යාපනෙ බේරගන්න"
මේ එක සටන් පාඨයක්.ඔහොම කිය කිය යනකොට සෙනග බලන් ඉන්නව පාර දෙපැත්තෙ ඉඳන්.එක පාරටම එක අරන් හිටපු කෙනා කිව්ව
"අම්මෙ තාත්තෙ මේ අහන්න ඔබේ ඇඳුම් ගලවගන්න "
කියල.කට්ටියටම හිනා. කොහොමහරි පාගමනට ලොකු සෙනගක් ඇවිත් හිටිය.හවස 3 වෙනකම් නවතින්නෙ නැතුව ඇවිදන් ඇවිත් 3 වෙද්දි කොලඹට ආව.ඒ අතරෙ කැරලි මර්ධන. පොලිසියෙන් වතුර බවුසර් එහෙම තියන් හිටිය ජල ප්‍රහාර එල්ල කරන්න.;) අපේ කට්ටිය ගිහින් එයාලටත් leaflets බෙදුව.
0 comments:
Post a Comment