අපේ
ගමට එන්න තියෙන්නෙ ගුරු පාරක්.ඒකෙ වාහන යද්දි දූවිලි නිසා ගමේ ගොඩක් අය පාරට තාර
දාගන්න කැමැත්තෙන් හිටියෙ.ඒත් අවුරුදු ගාණක් ගියත් ඒක කරගන්න බැරි උනා.
ඒ ගුරු පාරෙ
දිගටම ගියාම හම්බ වෙන්නෙ කැලයක්.වන සංරක්ෂන දෙපාර්තුමේන්තුවට අයිති එකක්.දැනට
අවුරුදු 5,6කට කලින් මේ කැලෑවෙ කුණු වලක් හදන්න යෝජනාවක් ගෙනත් තිබුන.ඒකට අනුමැතිය
දුන්න උපාලි ගුණරත්න සහ තවත් කණ්ඩායමක්.ඒත් අපේ ගමෙත්,අවට ගම්වලත් මිනිස්සු ඔක්කොම වගේ මේකට
විරුද්ධ වෙලා ගොඩක් වැඩ කලා.පෙලපාලි ගියා,බෝධි පූජ තිබ්බ,සත්‍යග්‍රහ කලා,ඒ වාහන එනකොට පාර හරස් කලා,ලොකු ලොකු නිලධාරීන්ව දැනුවත් කලා,දේශපාලන පක්ෂවලින් උදව් ඉල්ලුව,මාධ්‍ය වලින් රටට කිව්ව.ඒත් එක්තරා
අදක්ශ ඇමති කෙනෙක් මේක අයින් කරගන්න කැමති උනේම නෑ.(චම්පික රණවක)
අන්තිමට
අපේ ගමේ සමහරු මේකට හිරෙත් ගියා.ලංකාවෙ නීතිය ගැන අමුතුවෙන් කියන්න දෙයක්
නෑනෙ.ලොකු ලොකු වැරදි කරන ලොක්කන්ගෙ පුත්තු ලඟට යන්නත් බය පොලිසිය සාමාන්‍ය
මිනිස්සුන්ට මහ ලොකුවට සද්දෙ දානව.ඒත් මොකකින්වත් වැඩක් උනේ නෑ.කුණු වල හදන එක අපේ
ආසනේම දේශපාලුවො ස්ථිර කලා.මේක වෙනුවෙන් මිනිස්සුන්ට මාධ්‍ය දායකත්වය දුන්නෙ
සිරසයි, නෙත්
FM එකයි.
මේ වගේ දෙයකට ඒ
මන්ත්‍රීල ,ඇමතිල
එච්චරම කැමති වෙන්න හේතුව උනේ එයාලට හම්බෙන කොමිස් එක.එයාලට ලක්ෂ ගාණක් හොරෙන්
අරගන්න පුලුවන් දෙයක් නිසා එයාල මේක කොහොමහරි හදන්නමයි ක්‍රියා කලේ.අන්තිමට
කොහොමහරි කුණු වල එයාල හැදුව.ඒත් තවම කුණු
ගේන්නෙ නෑ.
0 comments:
Post a Comment