My Story

My Thoughts,My Experiences and something more....


මෙහෙම කුණු ගේන්නෙ ලොකු වාහනවල.ඒත් අපේ පාර ගුරු පාරක් නිසා ඒ වාහනවලට යන්න අමාරුයි.ඒක නිසා මේ දවස්වල පාර තාර දාල හදනව.ලොකු ගල් තොගයක් ගෙනත් දානව පාරට.තව ටික දවසකින් වැඩ ඉවර වෙයි. දවසක් මෙහෙම පාර හදද්දි අපේ පන්සලට වතුර ගෙනියන pipe line එකත් කැඩිල.දැන් මෙහෙම පාර හදන් ගියාට දෙපැත්තෙ කාණු කපල නෑ.ලොඋ වැස්සක් වැස්සොත් වතුර යන විදිහ තමා දන්නෙ නැත්තෙ.ඒව නිකම් ආවට ගියාට කරන වැඩනෙ.

මේකට කැලෑවෙ  ලොකු කොටසක් කපල තියෙන්නෙ.ඒ කියන්නෙ වන විනාශයක්.පරිසරවේදීන් ගොඩක් අය මේක කරන එක හොඳ නෑ කියල ප්‍රසිද්ධියෙ කිව්ව.ඒත් චම්පික රණවකටයි, අනිත් මන්ත්‍රීල ටිකටයි ඕන උනේ සල්ලි නිසා එයාල ඒක නතර කලේ නෑ. අපේ ගමට එනකොට ගුරු පාරෙ මුලින්ම හම්බ වෙන්නෙ ක්‍රීඩාංගණය.ඊටපස්සෙ ටිකක් දුර ගියාම වතුර ටැංකියක් හම්බ් වෙනව. අපි කොහෙහරි කිරිඳිවැලට ලඟ තියන කඳු තියන පන්සලකට ගියොත් වටපිට බලල අපේ ගම හොයනව.ඒ වෙලාවට මුලින්ම හොයන්නෙ වතුර ටැංකිය.තාර පාරෙන් හැරෙන තැන ඉඳන් වතුර ටැංකිය වෙනකම් පාර දෙපැත්තෙ තියන ඉඩම් ටික වෙන්දේසි කලේ මේ ලඟදි.සමහරවිට කුණු වල නිසා ඉස්සරහට මෙහෙ ඉඩම්වල ගණන් අඩු වෙයි කියල බයටද දන්නෙත් නෑ එච්චර ඉක්මනට ඒව වෙන්දේසි කලේ.

0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts