My Story

My Thoughts,My Experiences and something more....

මතකද පොඩි කාලෙ ක්‍රිකට් ගහපු හැටි.ගෙ ඉස්සරහ පාරෙ තමයි ක්‍රිකට් ගැහුවෙ. අපේම නීති හදාගෙන 4,5 දෙනෙක් එක්ක තනි තනියම තමයි ගැහුවෙ. අල්ලපු වත්තට ගියොත් අවුට්, ගස් කැච් ඔට්‍ටුයි, පිටිපස්සට ගහල දුවන්න බෑ, ඕව තමයි. මුලින් ගහන්නෙ කවුද කියල හොයන්න ඉරි ඇල්ලුව. ඉරි අල්ලන්නෙ බැට් එක යටින් ඉලක්කම් ලියල තමයි.



ඉස්සර ඔරිගාමී කලාව හරි ජනප්‍රියයි. ටීවී එකෙත් වැඩසටහන් ගොඩක් ගියා. ජපානෙ හොයාගත්තු කලාවක් තමයි මේක. කඩදාසි වලින් එක එක නිර්මාණ කරන එක තමා කරන්නෙ.දැන්නම් ඔරිගමී කියන වචනෙවත් අහ්න්න හම්බෙන්නෙ නෑ වැඩිය. අපිට ලේසියෙන්ම හදන්න පුලුවන් එක තමා බෝට්‍ටුව. ඒක අපි ඕන කෙනෙක් දන්නව. වැස්ස වෙලේට අපි කඩදාසි ඔරු හදල යවනව වතුරෙ.

දැන් වැඩියම තියෙන්නෙ Atlas පෑන්.ඉස්සර අපි ලිව්වෙම Reynolds පෑනෙන්. ඒක තමා ඒ දවස්වල ජාතික පෑන. දැනුත් ඒව තියෙනව. ඒත් වැඩිය ජනප්‍රිය නෑ.


ඒක වගේම , ජාතික ටොපිය තමා ඉස්සර Delta ටොපිය. ලොකු පොඩි ඕනෙම කෙනෙක් ආස ටොපියක් තමා ඒක. ඒකෙ අමුතු රසක් තියෙනව අනිත් ටොපි වලට වඩා. ඉතින් වැඩියම විකිණුනු ටොපිය තමා ඉස්සර ඒක. 



මේකත් අපි කරපු වැඩක් තමා. සිලි කවරෙකට නූල් ගැට ගහගෙන හුලං එනකොට ඒක පිම්බෙන දිශාවට දුවනව. ඒව උඩ යන්නෙ නෑ. 



0 comments:

Post a Comment