My Story

My Thoughts,My Experiences and something more....

මම 8,9 වසරවලදි දහම් දැනුම තර‍ඟෙට ගිහින් දොම්පෙ ශාසනාරක්ෂක බලමණ්ඩලයෙන් පලවෙනිය වෙලා ගම්පහ දිස්ත්‍රික්කෙන් 5 වෙනියයි , 2 වෙනියයි උනා. පලවෙනිය උනානම් සමස්ත ලංකා තර‍ඟෙට යන්න පුලුවන්. නංගිනම් දහම් පාසල් අවසන් ශ්‍රේණියෙන් දහම් දැනුම තර‍ඟෙන් ගම්පහ දිස්ත්‍රික්කෙනුත් පලවෙනිය උනු නිසා සමස්ත ලංකා යන්න පුලුවන් උනා. ඒ තරඟ තිබුනේ කෑගල්ලෙ. දවස් 2ක් එහෙ නැවතිලා ඉන්න ඕනෙ. දෙවෙනි දවසෙ තමයි ප්‍රතිඵල දෙන්නෙ.  නංගි සමස්ත ලංකා තර‍ඟෙන්නම් පලවෙනි 3 දෙනා අතරට හිටියෙ නෑ.ඉඳුම් හි‍ටුම් දීල තිබුනෙ ඒ ලඟ ඉස්කෝලෙක. කෑම බීම නොමිලේ දීල තිබුන. එදා තර‍ඟෙට අමතරව වැඩසටහන් ගොඩක් තිබුනලු. වැලමිටියාවේ කුසලධම්ම හාමුදුරුවො තමයි ප්‍රධාන දේශනේ කරල තියෙන්නෙ මට මතක හැටියට.




නංගි දහම් පාසල් දහම් දැනුම් තරඟයෙන් (අවසාන ශ්‍රේණිය) ගම්පහ දිස්ත්‍රික්කෙන් පලවෙනිය වෙලා සමස්ත ලංකා යන්න තේරුණා. ඒකට පල්ලෙගම දහම් පාසලෙන් ලොකු board එකක් පන්සල ලඟ ගහල නංගිගේ photo එකත් ලොකුවට දාල තිබුන.




අවුරුදු ගාණක් තිස්සෙ Nokia 1110 phone එක පාවිච්චි කරපු මම අලුත් phone එක ගත්තෙ එදා තමයි. ඒක Nokia N500 එකක්. ගත්තෙ කිරිඳිවැල softlogics එකෙන්. ගාන 19000 ක්. ඒ දවස්වල andriod phone එහෙමත් ඇවිත් තිබුනෙ. ඒත් ඉතින් මම ඒව ගැන වැඩිය දැනන් හිටපු නැති නිසා ගත්තෙ symbian එකක්.මට ඕන උනේ camera එක ටිකක් හොඳ phone එකක් ගන්න. 

අවුරුදු ගාණක් තිස්සෙ Nokia 1100 phone එක පාවිච්චි කරපු මම අලුත් phone එක ගත්තෙ එදා තමයි. ඒක Nokia N500 එකක්. ගත්තෙ කිරිඳිවැල softlogics එකෙන්. ගාන 19000 ක්. ඒ දවස්වල andriod phone එහෙමත් ඇවිත් තිබුනෙ. ඒත් ඉතින් මම ඒව ගැන වැඩිය දැනන් හිටපු නැති නිසා ගත්තෙ symbian එකක්.මට ඕන උනේ camera එක ටිකක් හොඳ phone එකක් ගන්න. 


කොහොමහරි ශ්‍යාමා අක්කත් මගෙ පඩි හදන්න ගොඩක් මහන්සි උනා. ඊලඟ සතියෙ පඩිය ඇවිත් තිබුන. මතක විදිහට රු.8000/=ක් විතර තිබුන. 

අපි cpc එකට එනකොට contract එකේ sign කරනව දවසට 500/= ගානෙ අපිට ගෙවනව කියල. ඉතින් ඇවිත් මාසයක් ගියාම පඩි හම්බ වෙනව. අපි ඇවිත් මාසයක් ගියාම පඩි ඇවිත් තිබුන. ඒත් මං ගිහින් බැලුවම මගෙ ඇර අනිත් හැමෝගෙම පඩි ඇවිත් තිබුන. බලද්දි letter එකේ තිබුනෙ මගෙ නම නෙමෙයි, කමල්ගෙ නම. මොකද කමල්නෙ මට කලින් එන්න හිටියෙ. එයාගෙ vacancy එකට තමයි මම ආවෙ. ඉතින් ආයේ යැව්ව letter එකක් මගෙ නම දාල head office එකට.


අපිට එකේදි මුලින්ම එක එක දේවල් කියාදුන්නේ සරත් සර්. pipes ගැන,fab shop එකේදි මූලිකව භාවිතා වෙන දේවල් ගැන එහෙම එයා ගොඩක් කියල දුන්න. ඊටපස්සෙ welding, gas cutting ගැන කියාදුන්නේ අජිත් අයිය. එයා අපිට වෙල්ඩිං කූරු ටිකක් දීල අපිට කිව්ව welding කරන්න කියලත්. මායි, පිනිඳුයි welding කලා. (පොඩි පතුරු 2ක්) .fab එකේ අය අපිට ගොඩක් දේවල් කියාදුන්න. සමහරු බලෙනුත් කියාදුන්න.







plant යන ගමන් එහෙන් මෙහෙන් 2,3 ක් ගත්ත ලංකාවට තියෙන එකම එකේ වැඩ කලා කියල මතක් වෙන්න. -taken by pinidu's camera.



training center ~~~~


කොහොමහරි අවසර ඇතුව plant visit එකක් ගියෙ එදිරිසිංහ සර් එක්ක. එයා තමයි training officer . තෙන්නකොන් සර් තමයි training manager .training center  එකේ කවුරුත් තෙන්නකෝන් සර්ට කැමති නෑ. එයා ටිකක් ආත්මාර්ථකාමි විදිහට තමයි හැසිරෙන්නෙ. අපි යනකොට එයා pension යන්න ඔන්න මෙන්න හිටියෙ.ඒ නිසා අනිත් අයගෙන් පලි ගන්න වැඩ කරනව වගේ තමයි එයා වැඩ කලේ. ඒ නිසා අලුතින් ආපු අපිටත් එයා එහෙමම තමයි. අනික එයා ඉංජිනේරුවන්ට වැඩිය කැමති නෑ. එයා ඉතින් එතන වැඩක් කලේ නෑ. උදේ ඇවිත් පත්තරේ අරන් කියෝනව, ඊටපස්සෙ computer එක දාගෙන ඉන්ටෙර්නෙට් එකේ මොනාහරි බලනව, ඊටපස්සෙ කාටහරි ටිකක් බනිනව, තේ එක ගේන්න කියනව, ඒව තමයි එයා කලේ. එහෙම ඉඳන් ලක්ෂෙකට වඩා පඩි ගත්ත. ඉඳල හිටල මොකක්හරි උත්සවයක් තිබ්බොත් පොඩි කතාවක් කරන්න එහෙම තම එයාට තිබුනෙ. එතන වැඩ ඔක්කොම වගේ කලේ එදිරිසිංහ සර්. එයාට plant එක ගැනත් හොඳ දැනුමක් තිබුන. අපි ගොඩක් දේවල් එයාගෙන් තමයි අහගත්තෙ.  අපි ඇවිත් පලවෙනි දවස් 4ම හිටියෙ මුකුත් වැඩක් නොකර. එක්කො එකේ.එක්කො නිදි. 15 වෙනිද තමයි අපිව welding and fabrication shop එකට යැව්වෙ ඒකෙ ඉගන ගන්න. 
training center එකට නිතරම ආපු ගිය කෙනෙක් තමයි . එයාගෙ නම පීරිස්. එයාට භාර වෙලා තිබුනෙ සේවකයො නිසි පරිදි safety regulations අනූව වැඩ කරනවද බලන්න. refinery එකේ අයගෙන් ලොකු power එකක් තියෙන එකක් තමා ඒ. එයාට කලින් හිටපු safety officer දැක්කම සේවකයො හැන්ගෙනවලු. ඒත් අපි යන කාල් හිටපු කෙනා බැන්නත් ගනන් ගන්නෙ නෑලු සමහරු. training centre එකේ තව හිටිය අතුගාන්න 2 නෙක්. එයාලට තිබුනු රාජකාරිය තමා පර්චස් 4ක විතරක් පොඩි බිමක් අතු ගාන්නයි, අපේ room එක අතුගාන්නයි. දවසෙ අනිත් හැම වෙලේම එයාල හිටියෙ නිකම්. එක්කො නිදි, එක්කො පත්තරේ බලනව.

මගෙ training එකේ පලවෙනි දවස තමයි එදා. අපි මුලින්ම ගියෙ දෙමටගොඩ තිබුනු head office එකට. ඒකට යද්දිම මට training එක හදල දුන්නු ඇන්ටි ආව. පස්සෙ මං වැඩේ කරගෙන ඇවිත් හම්බ වෙන්නම් කියල,Human resources section එකට ගියා, ඊටපස්සෙ deputy personnel manager අපිට එක එක්කෙනාට කතා කලා. සනුකගෙ නම තිබුනු නැති නිසා එයාට ඒක හදාගන්නකම් ඉන්න උනා. මිනිහ ටිකක් බය වෙලා හිටියෙ. training හදාගන්න බැරි උනොත් trianing වලට ආයේ තැනක් හදිස්සියෙ හොයන්න වෙන නිසා. අනිත් අයගෙ letters දීල කිව්ව refinery එකට යන්න කියල.mechanical එකෙන් හිටියෙ මමයි, පිනිඳුයි. අපි දෙන්න ආව සපුගස්කන්දෙ refinery එකට. ඇවිත් gate pass හදාගෙන,training officer හම්බුනා. ඊටපස්සෙ එයා අපිට room එකක් දීල, කෑම කන තැන් එහෙම පෙන්නුව. අපි එදා ආසාවට ගියා plant එක බලන්න.helmet දාගන්නෙත් නැතුව ගියෙ. ගිහින් ආවට පස්සෙ දන්නෙ helmet නැතුව යන්න දෙන්නෙ නෑ කියල.safety officer දැක්කනම් අපිට හොඳට බැනුම් අහන්නත් පුලුවන්ලු.





එදා මන් බෝඩිමෙන් එනකොට උදේ  9 විතර උනා. එදා ටිකක් නින්ද ගිහින් තිබුනෙ. ගෙදර එනකොට 11.30 විතර උනා. එදා තමයි අපේ කටිනෙ තියෙන්න තිබුනෙ. ඒ පාර අපේ ගෙදරින් තමයි කටිනෙ භාර අරන් කලේ. මන් ගෙදර එනකොටත් ගොඩක් අය වැඩ කර කර හිටියෙ. සරසන ඒව, පන්සලට යන ඒව, උයන වැඩ එහෙම. මාත් ගිහින් සරසන ඒවට එහෙම උදව් උනා. අපේ නෑදෑයො ගොඩක් අයත් සැරින් සැරේ ඇවිත් ගියා. සමහරු දිගටම හිටිය උයන්න එහෙම.
පෙරේරා මාම එහෙම ගොඩක් උදව් කලා වැඩවලට. අම්මයි, තාත්තයි ගොඩක් මහන්සි උනා කටිනෙ වැඩවලට.  කැමරාව ඉල්ලගෙන මං එහෙන් මෙහෙන් photo ගත්ත. රෑ තිබුනු බණ අහන්න ගොඩක් සෙනග හිටිය. ඒ ආපු සෙනගට කන්න එහෙමත් දීල, ඉතුරු වැඩ ටිකත් කරනකොට වැස්සක් ආව. 11 ට විතර පටන් ගත්තු වැස්ස පායන පාටක් තිබුනු නැති නිසා සමහරු ගෙවල් වලට ගියා. අපි හිතුවෙත් කටින පෙරහැර යන්න බැරි වෙයි කියල. මමත් ටිකක්  නිදාගත්ත.


 ඒත් රෑ 1ට විතර වැස්ස ටිකක් පායල තිබුනු නිසා කට්ටිය පෙරහැරේ යන්න තීරණය කලා. එතන හිටපු නැ‍ටුම් වලට, භක්ති ගීත වලට එහෙම ලෑස්ති උනු ළමයි කිව්වෙම වැස්සෙ හරි යමු කියල. එයාලට එච්චරම ආසාව. කොහොමහරි කට්ටිය කුඩ අරන්, කටින චීවරෙත් එලියට වැඩමෙව්ව. ඉන්පස්සෙ පෙරහැර පටන් ගත්ත. 


පෙරහෑර ලස්සනට තිබුන. මගින් තව තව සෙනග එකතු උනා. මාලිගාවත්තෙ 8 වෙනි ප‍ටුමගෙන්, 10 වෙනි ප‍ටුමගට ගිහින් ඊටපස්සෙ ආයෙ හංවැල්ල පාරට ඇවිත් නාවැටියෙ කඩේ ලඟින් හරවල, ඊටපස්සෙ කිරිඳිවැලින් දියවාලට ගිහින්  බෝ මලුවට ගිහින් , ආයේ එතනින් පන්සලට ආව. පන්සලට එද්දි ගොඩක් කට්ටිය ඇවිත් හිටිය. 




අවුරුදු 3කට ලං වෙන්න අපි හිටියෙ Gavel බෝඩිමේ. ඒකට නම දාල තිබුනෙ gavel boarding කියල. ඒකෙ වැඩියම හිටියෙ royal කට්ටිය. අනිත් අය ආනන්දෙ, නාලන්දෙ කට්ටිය. ඒ හරියෙ තිබුනු වැඩිම ළමයි ගාණක් හිටපු බෝඩිමක්. මුලදි ළමයි 24ක් හිටිය. පස්සෙ අන්තිම වෙද්දි ළමයි 15ක් විතර තමා හිටියෙ. සමහරු ගෙවල්වල ඉඳන් එහෙම එන්න ගත්තු නිසා. කොහොමහරි exam එහෙමත් ඉවර වෙලා බෝඩිමේ කට්ටිය බෝඩිමට සමු දීල ගෙවල් වල ආව. මන් ආවෙ සෙනසුරාද. අනිත් අයත් එදා තමා ගෙවල්වල ගියෙ. යද්දි බෝඩිමේ අංකල් එක්ක පොඩි වලියකුත් ගිහින් තිබුන ළමයි 2,3 දෙනෙක් එක්ක.




අපි හැමෝටම NAITA එකෙන් training letter එක හම්බුනේ training යන්න කලින් සතියෙ බ්‍රහස්පතින්ද. ඒ එක්කම daily diary එකත් හම්බුනා. මං ටිකක් බයේ හිටියෙ මට petroleum එකේ training එක හරි ගිහින්ද නැද්ද කියල දැනන් හිටපු නැති නිසා. ඒත් Naita එකෙන්නම් letter එක ඇවිත් තිබුන. ඒ නිසා ඉතින් මං හිතුව වැඩේ හරි කියල.

10/21- semester 5 exam (POM)
10/24- applied statistics
10/30- controlsystems
11/4-fluid power systems

11/5-1st open book exam in campus(IP)
මම campus එකේ ලියපු පලවෙනි open book exam එක උනේ intellectual property (IP). ඒකට half sheet කොල දෙකක් ගෙනියන්න දුන්න තමන් කැමති දෙයක් ලියාගෙන. අන්තිමට මුලු IP syllabous එකම ලිව්වත් කොල දෙක වැඩි උනා.

11/6-numerical methods

උඩ batch  එකෙන් අපිට දෙන night එක ලස්සනට සරසල old gym එකේ පටන් ගත්ත හවස 6ට විතර. ප්‍රධාන නලුව උනේ ishan අයිය. theme එක උනේ "කව්ද බෝයි". ගොඩක් හොඳට organize කරල තිබුනු ඒකෙ විනෝද ජවනිකා ගොඩක් තිබුන. අපේ එකේ කට්ටියට නම් දෙන එක තමයි හොඳම එක උනේ.බොනපාට්, එකේ නිදි කිරන අයට , කෙල්ලො පස්සෙ යන අයට වගේ එක එක නම් තිබුන.miss mech විදිහට තේරුනේ කොල්ලෙක්. 






design project එකේ presentation එක, viva එක යන්තම් එදා කලා. ඒක ඉවර උනාම ලොකු බරකින් සැහැල්ලු උනා වගේ දැනුනෙ. ඒක ඉවර උනු ගමන් exam පටන් ගත්ත.මේක තමයි අපි design කරපු dried noodles pack කරන machine එක.


ලඟ ලඟම එන training එකට training place එකක් හදාගන්න තමයි ඒ දවස්වල හැමෝම try කලේ. මටත් එහෙම එකක් නැතුව හිටියෙ. ඒ අතරෙ කමල් ජනකට ceypetco එකෙන් ලියුමක් ඇවිත් තිබුන ඒකෙ refinery training එකට එයාව ‍තෝරගත්ත කියල.එයාගෙ තාත්ත sapugaskanda refinery එකේ වැඩ කලේ. ඒත් පස්සෙ කමල් navy එකේ training යන්න තීරණය කරපු නිසා මම training division එකෙන් letter එකක් අරන් කමල්ගෙ vacancyයට මාව දාන්න කියල ඉල්ලන්න dematagoda ceypetco house එකට ආව. ඒක තිබුනෙ baseline road එකේ ගුවන් පාලම ලඟ. ඒකෙ deputy personnel manager විදිහට හිටපු මිස් හොඳ කෙනෙක් වගේ පෙනුනෙ. කොහොමහරි letter එක දීල මම ආව. ඒත් අන්තිමට training එක හදාගත්තෙ මම අඳුරන නැන්ද කෙනෙක්ට කියල. එයත් ceypetco එකේ වැඩ කරන කෙනෙක්.  


ඒ දවස්වල ලෝකෙ හොඳම නලුව සම්මානය හම්බුනා ලංකාවෙ නලුවෙක්ට. ඒ තමයි ජගත් චමිල. එයා රඟපාපු සැලීගෙ කතාව කියන film එකට තමයි ඒ සම්මානය හම්බුනේ. mechianical nite එක කරන්න අපිට උඩ batch එකේ අයියල සල්ලි හොයාගන්න "මං දියවෙලා" කියල stage drama එකක් campus එකේ පෙන්නන්න තීරණය කලා. එකේ ප්‍රධාන චරිතය රඟපෑවෙ ජගත් චමිල. ඒ නිසා ඒක බලන්න ළමයි ගොඩක් ආව.


ඉතිහාසයේ පලමු වරට වැඩිම ගානක් ogx raisings කරන්න මගෙ aiesec team එකට පුලුවන් උනා. ඒ කිව්වෙ පිටරට aiesec projects වලට යන්න කට්ටිය වැඩිම ගානක් හොයාගන්න. අපිට බාර දීල තිබුනෙ අපේ campus එකෙන් එහෙම කට්ටියව හොයාගන්න. මීට කලින් තිබුනු team වලින් එක පාරකට projects වලට රට යැව්වෙ 2,3 දෙනෙක්. උපරිම 4,5ක්. අපේ team එකෙන් 15ක් යැව්ව. ඒක විශාල ජයග්‍රහණයක්. 


නාලන්දෙ 2009 A/L batch එකේ කට්ටියගෙ දෙවෙනි get together එක තිබුනෙ colombo light house gallery hotel එකේ. ඒකට අපේ campus එකේ කට්ටියත් ගොඩක් ආව. ඒ වගේම අවුරුදු ගානකින් හම්බුනු නැති යාලුවොත් හම්බුනා. ඒක ඉවර වෙලා රෑ 12ට විතර ආයෙ මම බෝඩිමට ආව.





මීට කලින් වතාවෙ මම aiesec team member කෙනෙක් හැටියටයි SRB (student's review board) කලේ. ඒත් මේ පාර team leader කෙනෙක් විදිහට මගෙ team එකෙන් කරපු කට්ටියගෙ SRB කලා.මම, ලොක්ක, නලින් එහෙම තමා ගොඩක් වෙලාවට හිටියෙ.


ඒ දවස්වල අපේ කොලඹ mechanical set එක කර කර හිටපු hovercraft project එකට , ලංකාවෙ තියෙන එකම hovercrafts ටික බලන්න මුල්ලිකුලම් නාවික හමුදා කඳවුරට ගියා.පාන්දර මෙහෙන් ගියා 5ට විතර. ශෂිරංග සර් තමයි ඒක කරල සංවිධානය කරල තිබුනෙ. හලාවත පාරෙ පුත්තලමත් පාස් කරගෙන ගිහින්, wind turbines එහෙමත් තියෙන පැත්තෙන් ගිහින්, කැලයක් මැදින් ගිහින් දවල් 12 විතර වෙද්දි ආව camp එකට. ඊටපස්සෙ එහෙන් කාල, hovercraft  එක බැලුව. ඒත් ඒ දවස්වල ඒක කැඩිලයි තිබුනෙ.ඒ නිසා වෙරලෙ තියෙද්දි තමයි ඒකට නැගල බැලුවෙ. එන ගමන් රාගම navy camp එකටත් ගිහින් ඒකෙ හදන boats එහෙම බලලයි ආවෙ.





අපි කරපු survey එකේ පඩි හම්බුනේ එදා තමයි. ඒක හම්බෙනකම් විශ්වාසයක් තිබුනෙ නැති උනත්, හම්බුනාම ගොඩක් සන්තෝෂ හිතුන.ඒ තමයි මම මුලින්ම රු. 5000/= කට වඩා හම්බ කරපු පලවෙනි වතාව. මට රු. 32,600ක් හම්බ උනා. survey එකට ගිය 30 දෙනාගෙන් 2 වෙනියට වැඩියම හම්බ උනේ මට. ඒක ගෙනත් සම්පත් බැංකුවෙ fixed deposit එකක් දැම්ම.

මෙ ටිකේ නිවාඩු නිසා කට්ටිය film එකක් බලන්න ආවෙ එකට. මගදි දැනගත්තෙ majestic city film hall  ඒක මොකක්ද repair එකකට වහල කියල. පස්සෙ කලේ excel world ඇවිත් cosmic bowling සෙල්ලම කරපු එක. මමනම් එදාම තමයි excel world ආවෙත්. ඇතුල්වීමට රු. 30ක් ද කොහෙද. සෙල්ලම කරන්න අපේ 8 දෙනෙක් විතර හිටිය. එක්කෙනෙක්ට රු. 300 ගානෙ දෙන්න උනා. ඒකත් ආස හිතෙන සෙල්ලමක්. ටිකක් බර බෝලයක් අරගෙන ඈත තියෙන target එකට විසි කරන්න ඕනෙ.


මේ ටිකේ කට්ටිය training places හොයන්න පොරකනව, දඟලනව,ඒ අස්සෙ කට්ටියට පණිවිඩයක් ආව සුනිත්‍ය බලශක්ති අධිකාරියෙ training vacancies තියෙනව කියල.ඒත් ඒකෙ කරන්න තීයෙන්නෙ මොනවගේ වැඩද කියල දන්නෙ නැති නිසා ඒකට ටික දෙනෙක් ගියා එදා විස්තර අහගන්න.මාත් ගියා. ඒකෙ දැන් ලොක්ක mechnical department එකේ හිටපු lecturer කෙනෙක්.

අපිට  industrial training (semester 6) එක ගැන lecture එකක් තිබුන. කොහොම තැනකටද යන්න ඕනෙ, කොහොමද එතන ඉන්න ඕනෙ, කොහොමද එහෙම තැනක් හොයාගන්න ඕනෙ,Naita  එකෙන් හොයල දෙනවද අනන් මනන් ගැන. ඒක කලේ industrial division  එකෙන්. ඒත් කියන්න් ඕනෙ අනිත් හැම department එකකින්ම වගේ ළමයිට training places හොයල දුන්නත් , අපේ department එකෙන්නම් එහෙම කාටවත් හොයල දුන්නෙ නෑ. ශෂිරංග සර් නම් අපේ කට්ටියකට Navy එකේ training එකක් set කරල දුන්න.

Aiesec CS OGX ඉතිහාසය වෙනස් කරපු project එක තමයි ifly project එක. ඒකෙ team leaders උනේ මමයි, මලිත් දෙන්න. ඒකෙන් කලේ අපේ campus එකෙන් පිටරට වලට සති 6කට ළමයිව යවන එක. වියදම් දරන්න ඕනෙ තමන්මයි.ඒත් එහෙදි ඉඳුම් හි‍ටුම් , බොහෝ විට කෑම බීමත් නොමිලේ දෙනව. අනික එහෙ campus වල ඉන්න Aiesec එකේ ළමයි එක්ක ඉන්න තියෙන්නෙ. එයාල රටේ තියෙන ලස්සන තැන් වලට එක්කන් යනව, projects වලට එක්කන් යනව, ඒ වගේ ගොඩක් දේවල් තියෙනව.
එහෙම එකකට මෙහෙන් ගොඩක් වෙලාවට යන්නෙ හොඳට සල්ලි තියෙන අය. එහෙම දෙයකට යන්න කැමති අය හොයල, යවන්න ටිකක් අමාරුයි. නොමිලේ යවනව කිව්වනම් පෝලිමේ එයි කට්ටිය. ඉතින් මීට කලින් එහෙම team එකකින් යවපු උපරිම ළමයි ගාන උනේ 3,4ක් විතර . සමහ්ර teams වලින් එක්කෙනෙක්වත් යැව්වෙ නෑ.
මම ඊට කලින් වැඩ කරපු team එකෙන් යැව්වෙත් 3 දෙනෙක්ද කොහෙද. ඒත් මේ අලුත් team එකෙන් 15 දෙනෙක් යැව්ව එක පාර. ඒකයි ඉතිහාසය වෙනස් කරපු team එකක් කිව්වෙ.
මුලින්ම අපි කලේ project එකට නම හොයපු එක. අන්තිමට මම හිතල නමක් දැම්ම project ifly කියල. අනිත් අයත් ඒකට කැමති උනා.

අපේ නංගි කියව කියව හිටියෙ එයාගෙ O/L results වැරදියි. එයාට A9 ක් එන්න ඕනෙ. dancing වලට අනිවාර්‍යෙන් A එකක් තියෙන්න ඕනෙ. කියල.ඒ නිසා එයාම හිතල recorrection දැම්ම. පස්සෙ recorrection results ආවම එයාට A9ක් තියෙනව. ඊට පස්සෙ අපිට පණ්ඩිත කතා කියනව ඒකනෙ මම කිව්වෙ වැරදිලා කියල කියල.

මේ තමයි අපේ ඉස්කෝලෙන් මොර‍ටුව campus ආපු අයගෙ දෙවෙනි get together එක. පලවෙනි get together එක තිබ්බෙ අඟුලාන හෝටලේක. දෙවෙනි එක තිබ්බෙ  ගල්කිස්සෙ මුහුදු වෙරලෙ තිබුනු පොඩි හෝටලේක. ඒකට ටිකක් එහායින් ගල්කිස්ස මහ හෝටලය පේනව. මේ පාර get එකේ නම තමයි unitate. අපේ batch එකෙන් ගොඩක් අය ආව. ඒත් organize කලේ පහල batch එකේ අය. එදා ගත්තු අලුත් T-shirt එක තමයි මේ තියෙන්නෙ. ටිකට් එක 1500/= ක්. රෑ 11 ට ව්තර තමයි get එක ඉවර උනේ. ඊටපස්සෙ ආයෙ බෝඩිමට ගියා.


ඒ වෙද්දි මගෙ ad එකක් දැකල ක‍ටුබැද්දෙන් කෙනෙක්  කතා කලා 5 වසරෙ ළමයි දෙන්නෙක්ට ගණිතය උගන්නන්න කියල. මගෙන් ගාන ඇහුවම මන් කිව්වෙ දවසට 800 යි ක්යල. කොහොමහරි පස්සෙ දවසට 600/= ට කරන්න කැමති උනා.ඒක තමයි මම කරපු දෙවෙනි class එක. සතියෙ දවසක හවස තමයි කලේ.campus  එකේ ඉඳන් ටික දුරයි. ක‍ටුබැද්ද හන්දියෙ.ඒකට ගිය එකෙන් මට පොඩි උදව්වකුත් හම්බුනා.









Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive