My Story

My Thoughts,My Experiences and something more....


මගෙ පොඩිම කාලෙ හිටපු යාලුවො වගයක් කියල කිව්වනෙ දිමි ගැන.තවත් මතක් වෙන සත්තු ටික දෙනෙක් තමා බත් කූරොයි,මාලුයි කියන්නෙ.අපේ ගෙට එහ පැත්තෙ තිබුනු වත්තෙ ගස් ගොඩක් තිබුන.ඉතින් ඒකෙ නිතරම බත් කූරො ගොඩක් හිටිය.එක එක විදිහෙ,එක එක පාට කූරො හිටිය.තව ළමයෙක් එක්ක මම උන්ව අල්ලනව ඉස්සර.ඒ කාලෙ උන්ව හොඳට අල්ලන්න පුලුවන්.ඒත් අල්ලල අත අරිනව.

මම පොඩි කාලෙ මැද්දෙගම පන්සලට ගියාම දවසක් බල්ලෙක් පිටිපස්සෙන් ඇවිත් කකුල හැපුව.මට තේරුනේ මගෙ කකුල කතුරකින් ඇල්ලුව වගේ.පස්සෙ බලද්දි බල්ලෙක්.එවෙලෙ මම හොඳටම ඇඬුව.ඊටපස්සෙ රාගම ගිහින් බේතුත් විදගත්ත.ඊටපස්සෙ මම ඒ පන්සලට ගියෙම නෑ මතක විදිහට.ඉස්සර අපි ගොඩක් වෙලාවට ඒ පන්සලට ගියා.උඩට නැග්ගම මුලු පැත්තම හොඳට පේනව.මේ පැත්තෙ තියන ගොඩක් පන්සල් එහෙමයි.උඩට නගින්න තියෙනව.

මට මතක තියන පොඩිම කාලෙ එක ගියෙ අපේ මොන්ටිසෝරියෙන්.ඒ එක බලන්න.ඒ කාලෙ මම වැඩිය මුහුද දැකල තිබ්බෙ නෑ.ගාලු පාර යද්දි ඉස්සර ගොඩක් තැන්වලදි මුහුද හොඳට පෙනුන.මුහුද දකින දකින් සැරේට අපි කෑගැහුවෙ මුහුද බලන්න යමු කියල,ඒත් ඒ එකෙන් මුහුද බලන්න ගියෙ නෑ.දැන්නම් ගාලු පාරෙ දෙහිවල යද්දි මුහුද පේන්නෙ තැන් 2,3කදි විතරයි.


පොඩි කාලෙ කරපු සෙල්ලම් ගැන කලින් ටිකක් කිව්වනෙ.ඒ කාලෙ ගේ ඇතුලෙදි ලොකු රෙදි එහෙට මෙහෙට ගැට ගහල කාම්ර වගේ හදල පොඩි ගෙවල් හදනව.මල්ලියි,නන්ගියි එක්ක තමා එහෙම සෙල්ලම් කරන්නෙ.ඒව ඇතුලෙ හැංගෙන සෙල්ලම් කරනව.අපේ ගේ ලඟ ක්‍රිකට් ගහපු හැටි කලින් කිව්වනෙ.අපේ තාත්තගෙ ගමෙත් ගිහින් ඉස්සර ක්‍රිකට් ගහනව.එහෙ තිබුන එහෙම ක්‍රිකට් ගහන්න පුලුවන් ලස්සන තැන්.දැන්නම් එහෙත් ඒ තැන්වල ගෙවල් හදල.

ඉස්සර එහෙදි තාත්තල වෙලේ එල්ලෙ එකක් ගැහුව මට මතකයි.කට්ටිය වෙලේ එරි එරි දුවද්දි හරියට හිනා යනව.ඒත් දැන් ගොඩක් කාලෙකින් එහෙම එකක් ගැහුවෙ නෑ. එහෙ ගමේ අපේ වයසෙ අය,පොඩි අය ගොඩක් ඉන්නව.අපි ඉස්සර එහෙ යනකොට වටේ ගෙවල්වල ඉන්න ඔක්කොම අය දුවන් එනව සෙල්ලම් කරන්න.එතකොට එක එක සෙල්ලම් කරන්න පුලුවන්.ඒත් දැන් එහෙ හිටපු සමහරු වෙන ගම්වල ඉන්නෙ.සමහර අයට වැඩ.ඒ නිසා දැන් ඉස්සර වගේ සෙල්ලම් කරන්නෙ නෑ.
අපේ වත්තෙ පහල දං තිබුන ඉස්සර හරියට.7 වසරෙ සිංහල පොතේ පාඩමක තියෙනව දං ගැන. කවියක තියන කෑල්ලක්.

"කදු බෑවුමක දං බෝවිටි පඳුරු තලා"

කියල.ඒ කාලෙ ඉස්කෝලෙ  miss දං ගැන කියල ඒව දැකල තියන,කාල තියන අය අත උස්සන්න කිව්ව.මමයි,තව 2,3 දෙනෙකුයි විතරයි අත ඉස්සුවෙ.ඊටපස්සෙ මට එහා පැත්තෙ හිටපු ළමය,තව ළමයෙක් කිව්ව පුලුවන්නම් ඒව ගෙනත් දෙන්න කියල.මම ඉතින් එයාලට ඒව ගෙනිහින් දුන්න.


මේ දවස්වල හරියට වහිනව.මම පොඩි කාලෙ ඉඳන්ම ආසයි රෑට වහිනවනම්. කිව්වෙ නිදාගන්න වෙලාවට වහිනකොට හොඳට ගුලි වෙලා නිදාගන්න ආස නිසා.සීතලට හොඳට සැපට නින්ද යනව.වැස්ස දිහා බලන් ඉඳිද්දි මතක් වෙනව පොඩි කාලෙ වැස්ස වෙලාවට කරපු දේවල්.පොඩි කාලෙදි ඉස්කෝලෙදිනම් වැස්සට සෙල්ලම් කරනව ඉඳල හිටල.වැස්ස දවසට අපේ ගෙට එහා පැත්තෙ ඉඩමෙ තැන තැන වතුර වලවල් හැදෙනව.ඒව තියෙන්නෙ තණකොල අස්සෙ නිසා වැඩිය පේන්නෙ නෑ.ඒත් ඒව උඩින් අඩිය තිය තිය යන්න ඉස්සර මම ආසයි.(පොඩි කාලෙනෙ) ඊටත් පහලින් තිබුන ටිකක් ලොකු වතුර වලක්.ඒක දැන් නෑ.ඒකෙ කෙසෙල් කොට වලින් ඔරු හදල පදින හැටි හිතෙන් මැව්වත් කවදාවත් ඒව ක්‍රියාත්මක කරල නෑ.

ඉස්සර වහිද්දි අපේ වත්තටත් හරි වේගෙන් වතුර ගලන් එනව පාරෙ ඉඳන්.ඒවට ගොඩක් වෙලාවට මිදුල,කණ්ඩි කඩන් යනව. වැස්ස වෙලාවට පොඩි කාලෙ ඉගන ගත්තු ඔරු හදල යවනව ඉස්සර.ඒ ඔරු යවන්න පුලුවන් තරමට වතුර පාරවල් හැදුනෙ ඉස්සර වහිද්දි.ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබුන ජපන් ඔරිගාමී කලාව.ඔරිගාමී කලාව පාවිච්චි කරල අපිට කඩදාසි වලින් එක එක නිර්මාණ කරන්න පුලුවන්.ඒත් දැන් ඒ කලාව ගොඩක් අයට අමතකම වෙලා ගිහින්.ඉස්සරනම් ඒ ගැන ඉස්කෝලවලත් ඉගැන්නුව.ටීවී එකෙත් වැඩසටහන් ගියා.


ආයෙ පොඩි කාලෙ ගැන කියන්න දේවල් ටිකක් මතක් උනා.මේවයින් සමහර දේවල් ටිකක් බොලඳ වෙන්න පුලුවන්.ඒත් පොඩි කාලෙදි කරපු දේවල් නිසා දැන් ඒව මතක් කරන්න ආසයි.ඒව ගැන අමතක වෙන්න නොදී ලියන්නෙ ඒකයි.සමහරු කියන්නෙ ආයෙ පොඩි කාලෙට යන්න තිබ්බනම්,ආයෙ ඉස්කෝලෙ යන්න තිබ්බනම් කියල නිසා වෙන්න ඇති.ඒත් පොඩි කාලෙදිනම් අපි ආස ඉක්මනට ලොකු වෙලා වැඩිහිට්යො වෙන්න.එහෙම ගත්තම අපි හිතන විදිහත් පුදුමයි.

මං කලින් ලිව්ව මගෙ පොඩි කාලෙදි ඉස්කෝලෙ කියවීම් පොත් වල තිබුනු මම ආසම පාඩම මොකක්ද කියල. තමයි සල් ගහක් යට සල් මල් කඩන පාඩම.ඒක තිබුනෙ 1 වසරෙ සිංහල පොතේ.පලවෙනිම පාඩම. කියන්නෙ මම ඉස්කෝලෙ ගිහින් ඉගන ගත්තු පලවෙනිම පාඩම. නිසාම වෙන්න ඇති ඒක එච්චර ලස්සනට හිතේ ඇඳිල තියෙන්නෙ.ඒකෙ එකක් හම්බුනු නිසයි ආයෙ ගැන ලිව්වෙ.තව පාඩමක් තියනව හොඳට මතක.3 වසරෙ සිංහල කියවීම් පොතේ තිබුනු සමගියෙ බලය ගැන කියන පාඩම.ඒකෙ හිටියෙ මතක විදිහට අලියෙක්,රිලවෙක්,ලේනෙක් කොහෙද.පාලමක් බඳින්න සමගිය නැතුව බැරි උනු හැටි කියන පාඩමක්.

කියවීම් පොත් ගැන කියනකොට තවත් දෙයක් කියන්න පුලුවන්.මම පොඩි කාලෙ කියවපු පොත් වලින් මගෙ මතකෙ හොඳටම හිටපු පොතක් තමා හීන් සැරය.කුමාරතුංග මුනිදාස ශූරින් ලියපු පොතක්.ඒක හරිම ලස්සනට ලියල තියෙනව.ඒක කියවද්දි කතාව හරි ලස්සනට හිතේ මැවෙනව.ඒකෙන් කියන්නෙ හැම සැරේකටම වඩා හීන් සැරය ලොකුයි කියල.


මම මුලින්ම පරිගණකයක් ගත්තෙ AL ලියල results එනකම් ඉන්නකොට.ඒක desktop එකක්.ඒ කාලෙ මම ගියා ijts එකේ course එකක් කරන්න.ඒකට ඕන නිසා තමයි ගත්තෙ.කොහොමහරි ඒකෙ කලේ බොරුවක් නිසා මාස 2කින්ම course එක නැවැත්තුව මම.ඊටපස්සෙ ඉතින් කලේ game ගහන එක තමා.windows XP තමයි ඒකෙ තිබුනු operating system එක.processor එක dual core (ඒ කාලෙ තිබුනු හොඳම processor එකක්).මම දැන් පාවිච්චි කරන්නෙත් ඒ desktop computer එකම තමා.( මේ ලඟදි laptop එකක් ගත්ත.)සමහර වෙලාවට ඒක shut down කරල plug එක ගලවන්න බලන් ඉන්න වෙනව ගොඩක් වෙලා.XP වල හැටි වෙන්න ඇති.

ඒ කාලෙම මම internet ගත්ත.ඒ mobitel එකෙන්.10,000ක් විතර ගියා  internet ගන්නම. දැන්නම් 2000කට විතර අර ගන්න පුලුවන්.ඒක dongle එකක් නිසා වෙලාවකට signal තිබ්බෙ නෑ.ඒ කාලෙ වැඩිය 3G තිබ්බෙත් නෑ.ඒත් අවුලක් නැතුව internet ගියා.ඒත් මොකක්හරි ලොකු file එකක් download කරද්දි පොඩි අවුලක් එනව.dongle එක රත් උනාම connection එක නැතුව යනව.ඉතින් බාගෙට download කර කර ඉඳිද්දි connection එක නැතුව යනව වෙලාවකට.එතකොට ආයෙ මුල ඉඳන් file එක download කරන්න ඕන.ඒ වෙලාවට තමා හොඳටම තද වෙන්නෙ. කොහොමහරි ඒ dongle එක අවුරුද්දයි මාස 8ක් විතර පාවිච්චි කලා.