final year project එකේ demonstrations තිබුනෙ 27,28 දවස් 2කේ. අපිට තිබ්බෙ poster එක පෙන්නල ඒක විස්තර කරන්න. department එකෙ lecturersල ආව group එකින් එකට. දවසම ඉතින් එතන තම හිටියෙ.
අවුරුදුත් ලැබුව 13,14..සෑහෙන කාලෙකින් සැහැල්ලුවෙන් අවුරුදු සමරන්න ලැබුන. මොක්ද මීට කලින් හැම පාරම වගෙ exam එක නිසා එක්කො පාඩම් කරන්න තිබුන. එක්කො වෙන මොකක්හරි campus එකේ වැඩක්. ඉතින් මේ පාර exam එක ඉවර වෙලා තිබ්බෙ මේ වෙද්දි.
අපිට තිබ්බ අන්තිම lecture එක තමා CFD lecture එක.CFD වල FEA- finite element analysis කොටසෙ මුකුත් කරල තිබුනෙ නෑ අපිට. ඉතින් ලියන්නෙ මොනවද කියල හිත හිත ඉන්නකොට තමා මේ lecture එක දැම්මෙ. කොහොමහරි අපිට past papers දුන්න උත්තරත් එක්ක. ඒ විදිහෙම ප්‍රශ්න එන්න තියෙන ඉඩ වැඩි නිසා අපි ඒව තමයි බැලුවෙ CFD වලට. ඒකෙන් තමයි CFD ගොඩ ගියෙත්. මේ lecture එක තිබ්බේ study leave දීල තිබුනු නිවාඩු සතියෙ.
exam එක ලං වෙලා නිසා අපේ වැඩේ පාඩම් කරන එක. ඒ අස්සෙ final year project එකේ demonstrations තියෙනව කියල මතක් වෙද්දිත් ඔලුව රිදෙනව. ඒ විදිහට තමයි ඒ දවස්වල වැඩ කලේ. ඒත් වෙලාවට අපි ගැන හිතල academic staff එකෙන් demonstrations කල් දැම්ම මාසෙකින්. එතකොට අලුත් අවුරුද්දෙන් පස්සෙ තමා ඒක තියෙන්නෙ. ඒ නිසා අවුලක් නැතුව පාඩම් කරන්න පුලුවන්. ඒක මට ලොකු උදව්වක් උනා. මොකද මගෙ බලාපොරොත්තුව තිබ්බේ ලොකු GPA එකක් අරන් 2nd upper class එකක් ගන්න එක. ඒකට 3.8 ක විතර ලොකු GPA එකක් ගන්න ඕනෙ last semester exam එකේ. ලේසි වැඩක් නෙමේ. ඒත් කරන්නත් ඕනෙ. final year එකේ subject තෝරගනිද්දිත් මන් පුලුවන් තරම් GPA එක වැඩි කරගන්න එක ගැන හිතලයි තෝරගත්තෙ. 2nd upper class එකක් ගන්න බැරි උනොත් ඉතින් campus ආපු එකෙන් වැඩකුත් නෑ.