My Story

My Thoughts,My Experiences and something more....


මේක අපේ බෝඩිමේ කෙනෙක්ට උනු වැඩක්.මගෙ කාමරේම ඉන්න කෙනෙක්ට.ඒ තමයි මධූසංක.ළමයි කියන්නෙ රාජා කියල.එයාගෙ girlfriend නුවර කෙල්ලෙක්.ඒත් දැන් ඉන්නෙ මාලබේ පැත්තෙ.ඒ ගැන කාගෙවත් ගෙදරින් දන්නෙ නෑ.ඒ නිසා දෙන්න හම්බෙන්නෙත් හොරෙන්. ඒ කෙල්ල කොහෙහරි යද්දි දෙන්න බස් එකේ තමයි හම්බෙන්නෙ.ඔන්න මෙදාත් දෙන්න එහෙම බස් එකට නැගල. බස් එකේ මැද හරියෙ සීට් එකකට නැගල ඉඳගෙන යනවලු. එකපාරටම කෙල්ලගෙ අයිය බස් එකට නැගල මේ දෙන්න දිහා බලන් බස් එකේ පිටිපස්සට ගිහින් ඉඳගත්තලු. දැන් දෙන්න හොඳටම බය වෙලාලු.කාගෙවත් ගෙදරින් මේක ගැන දන්නෙ නැති නිසා.

එවෙලෙම girlfriend ගෙ අයිය නංගිට call එකක් අරන්.අහල කව්ද එහා පැත්තෙ ඉන්නෙ කියල. බොරු කියන්න බැරි නිසා කියල "ඒ මගෙ boyfriend" කියල. ඊටපස්සෙ අයිය කියල "බස් එකෙන් බහිනකොට මාව හම්බෙන්න " කියල.මේකලු වෙලා තියෙන්නෙ.වෙනදට අයිය motor cycle එකේලු ගෙදර යන්නෙ.එදා වෙලාවට ඒක කැඩිල. ඉතින් අයිය බස් එකේ ඇවිත්. කොහොමහරි දෙන්න බහිනකොට අයියත් බැහැල ඇවිත්. අපේ යාලුව  බය වෙලා හොඳටම.බෝඩිමට ඇවිත් අපිට විස්තරේ කියනකොටත් වෙව්ල වෙව්ල කිව්වෙ. ;) එවෙලෙ අයිය අහල නංගිගෙන් "මෙයාව විශ්වාසද? මෙයාව හොඳට දන්නවද? " අනන් මනන් ටිකක්. එතකොට එයත් කියල "විශ්වාසයි " කියල.ඊටපස්සෙ අයිය අපේ boarding mate ගෙන් අහල මොකද කරන්නෙ කියල. එතකොට මෙයා කියල "මොර‍ටුවෙ engineering faculty එකේ ඉගන ගන්නෙ "කියල.එතකොට අයිය කිව්වලු "කෙල්ලව දාල ගිහින් ඇට තලාගන්න හදන්න එපා "කියල. එයාට තේරිල මෙයා (රාජා) දැන බ ය වෙලා ඉන්නෙ කියල.ඒ නිසා පිටට තට්‍ටුවක් එහෙම දාල දැන් යන්න කියල අයියයි, නංගියි ගෙදර ගිහින්.


මාස 2ක් තිස්සෙ campus වහල තිබිල 26 වෙනිද තමයි campus එක පටන් ගත්තෙ.ඒත් පටන් ගත්තෙ අපේ ඉංජිනේරු පීඨයට විතරයි. NDTඅයට දිගටම වහල තිබුනෙ.එදා ගියෙ ටිකක් බයෙන්.මොකද අපිට mid exams තියන්න තියෙද්දි තමයි ගහගෙන campus එක වැහුවෙ.ඉතින් එකපාරටම exams දුන්නොත් ටිකක් අමාරු වෙන නිසා.කොහොමහරි එදා අවුලක් උනේ නෑ. ඊටපස්සෙ සතියෙ exams තියන්නම් කිව්ව. එදා තිබුනෙ ඉතින් ගොඩක් කාලෙකින් හම්බුනු යාලුවො එක්ක කතා කර කර හිටපු එක තමයි.ආයෙනම් ඒ විදිහෙ නිවාඩු ඕනෙ නෑ කියල හිතන් තමයි මමනම් එදා campusගියෙ.



Yep project එකට තමයි intern කෙනෙක් විදිහට elley ඇවිත් හිටියෙ.ඒකෙ final session එක තිබුනෙ 19 වෙනිද maharagama youth centre එකේ.ඒකට මමත් ගියා.ගිහින් ඒකෙ කියපුව අහන් හිටිය.සමහර lectures interesting.සමහර ඒවනම් boring.එදත් අර මගෙ යාලුවව හම්බුනා.ඊට කලින් එයාල trip එකක් ගිහින් තිබුන නුවර එලි.එක කොහෙද යන්නෙ ඇහුවම එයා කිව්වෙ මුවා එලි යනව කියල.එයාලට ඉතින් ඇහුනු විදිහ වෙන්න ඇති.කොහොමහරි මට ඒ trip එකේ photos එහෙමත් පෙන්නුව එදා.





මේකත් AIESEC එකෙන් කරපු වැඩක්. ඒ දවස්වල තිබුන yep 2.0 කියල GCDP Project එකක්.ඒකට ලංකාවට ඇවිත් හිටිය Chinese interns 20ක් විතර.Chinese new year  එකත් තිබුනෙ වෙනිද. ඒ නිසා එයාල ගෙන්නගෙන Chinese new year celebration එකක් තියන්න organize කරල තිබුනෙ.ඒක තිබුනු මහරගම youth centre එකේ.මම එදා උදේම බෝඩිමට ගිහින් හවස් වෙද්දි 3ට විතර youth centre එකට ආව.එතකොටත් AIESEC එකේ කට්ටිය හෝ ගාල වැඩ.මමත් පැත්තකින් ඉඳල සමහර ඒවට උදව් උනා. මම සැරින් සැරේ එක එක සුද්දගෙන් එයාල ඒ event එකේදි කරන්න යන්නෙ මොනවද කියල එහෙම ඇහුව.එයාල එයාලගෙ රටේ තියන සාම්ප්‍රදායික උත්සව, ඇඳුම් ,සෙල්ලම් එහෙම පෙන්නල කිව්ව ඒව ඉදිරිපත් කරනව කියල.සමහරු කියන ඒවනම් තේරුණෙත් නෑ. එයාලගෙ උච්චාරණය එහෙම වෙනස් නිසා. ඒත් ඉතින් තේරුණා වගේ අහන් හිටිය.

ඊටපස්සෙ event එක පටන් ගත්ත.මාත් ඉතින් ගිහින් ඉඳගත්ත.ඒ ගමන් මට ඉස්සරහින් intern කෙනෙක් ඉඳගත්ත.ඉඳගෙන හතර වටේම photos ගන්න පටන් ගත්ත.මමත් ඉතින් එයාට කතා කරල ඇහුව එයාගෙන් විස්තර ටිකක්.ඊටපස්සෙ එයා මගෙ හොඳ යාලුවෙක් උනා.එයා තමයි මගෙ එකම foreign යාලුව දැනට. නම තමයි elley hsu .එයාගෙ රට Taiwan.එයාලගෙ රටේ කාසියකුයි,card එකකුයි මට දුන්න.එයා Aiesec LC එකේ ICX එකේ ඉන්න කෙනෙක්. Taiwan උනත් එයාලගෙ රට ගොඩක් දුරට china වලට නෑකම් කියනවලු.