My Story

My Thoughts,My Experiences and something more....

අපි ගිය හොඳම trip එකක් තමා මේක. exam එක ඉවර උනු සතියෙම trip එක ගියෙ. දවස් 2යි. එක්ගල් ඔය තමා තැන. ලස්සන තැනක්. නවතින්න තිබුනු තැනත් හොඳයි. පහසුකම් ඔක්කොම තියෙනව. එතන බලාගන්න මිනිස්සු 2න්නෙක් ඉන්නව. අපි 20ක් විතර හිටපු නිසා රෑට නවතින්න 12,000ක් විතර ගත්ත එතනට. අපි වියලි කෑම ගිහින් දුන්නම එයාල දෙන උයල දෙනව උදේට. නාන්න හොඳ වැවකුත් තියෙනව. ජීවිතාරක්ෂක කබා දෙනව එතනින්. ඒ නිසා ප්‍රශ්න්යක් නෑ. 











අපිට තිබ්බ අන්තිම lecture එක තමා CFD lecture එක.CFD වල FEA- finite element analysis කොටසෙ මුකුත් කරල තිබුනෙ නෑ අපිට. ඉතින් ලියන්නෙ මොනවද කියල හිත හිත ඉන්නකොට තමා මේ lecture එක දැම්මෙ. කොහොමහරි අපිට past papers දුන්න උත්තරත් එක්ක. ඒ විදිහෙම ප්‍රශ්න එන්න තියෙන ඉඩ වැඩි නිසා අපි ඒව තමයි බැලුවෙ CFD වලට. ඒකෙන් තමයි CFD ගොඩ ගියෙත්. මේ lecture එක තිබ්බේ study leave දීල තිබුනු නිවාඩු සතියෙ.



අපි campus එකේ ඉගෙන ගන්න අන්තිම දවස තමා මේ. ඊටපස්සෙ තියෙන්නෙ exam එක. exam එකට කලින් සති 2ක විතර නිවාඩුවක් තියෙනව. ඉතින් campus එකේ අන්තිම දවසෙ අපි කට්ටිය හොස්ටල් එකේ, කැම්පස් එකේදි එහෙම photos ගත්ත.



 මේ හ්ටියෙන්නෙ හොස්ටල් එකේදි ගත්තු photo එක.
මේක ගත්තෙ හොස්ටල් එකේදි.

exam එක ලං වෙලා නිසා අපේ වැඩේ පාඩම් කරන එක. ඒ අස්සෙ final year project එකේ demonstrations තියෙනව කියල මතක් වෙද්දිත් ඔලුව රිදෙනව. ඒ විදිහට තමයි ඒ දවස්වල වැඩ කලේ. ඒත් වෙලාවට  අපි ගැන හිතල academic staff එකෙන් demonstrations කල් දැම්ම මාසෙකින්. එතකොට අලුත් අවුරුද්දෙන් පස්සෙ තමා ඒක තියෙන්නෙ. ඒ නිසා අවුලක් නැතුව පාඩම් කරන්න පුලුවන්. ඒක මට ලොකු උදව්වක් උනා. මොකද මගෙ බලාපොරොත්තුව තිබ්බේ ලොකු GPA එකක් අරන් 2nd upper class එකක් ගන්න එක. ඒකට 3.8 ක විතර ලොකු GPA එකක් ගන්න ඕනෙ last semester exam එකේ. ලේසි වැඩක් නෙමේ. ඒත් කරන්නත් ඕනෙ. final year එකේ ‍subject තෝරගනිද්දිත් මන් පුලුවන් තරම් GPA එක වැඩි කරගන්න එක ගැන හිතලයි ‍තෝරගත්තෙ. 2nd upper class එකක් ගන්න බැරි උනොත් ඉතින් campus ආපු එකෙන් වැඩකුත් නෑ.