මම 8,9 වසරවලදි දහම් දැනුම තරඟෙට ගිහින් දොම්පෙ ශාසනාරක්ෂක බලමණ්ඩලයෙන් පලවෙනිය වෙලා ගම්පහ දිස්ත්රික්කෙන් 5 වෙනියයි , 2 වෙනියයි උනා. පලවෙනිය උනානම් සමස්ත ලංකා තරඟෙට යන්න පුලුවන්. නංගිනම් දහම් පාසල් අවසන් ශ්‍රේණියෙන් දහම් දැනුම තරඟෙන් ගම්පහ දිස්ත්රික්කෙනුත් පලවෙනිය උනු නිසා සමස්ත ලංකා යන්න පුලුවන් උනා. ඒ තරඟ තිබුනේ කෑගල්ලෙ. දවස් 2ක් එහෙ නැවතිලා ඉන්න ඕනෙ. දෙවෙනි දවසෙ තමයි ප්‍රතිඵල දෙන්නෙ. නංගි සමස්ත ලංකා තරඟෙන්නම් පලවෙනි 3 දෙනා අතරට හිටියෙ නෑ.ඉඳුම් හිටුම් දීල තිබුනෙ ඒ ලඟ ඉස්කෝලෙක. කෑම බීම නොමිලේ දීල තිබුන. එදා තරඟෙට අමතරව වැඩසටහන් ගොඩක් තිබුනලු. වැලමිටියාවේ කුසලධම්ම හාමුදුරුවො තමයි ප්‍රධාන දේශනේ කරල තියෙන්නෙ මට මතක හැටියට.
Posted by
chaturanga
0 comments:
Post a Comment