ඒ පන්තියෙදි අපි කරපු වැඩක් තමයි එක එක ගණිත ක්‍රම වලින්
මැජික් පෙන්නන එක.ඒ කාලෙ ඒව ගොඩක් හෙව්ව අපි.හොයන් ගිහින් ළමයිට ඒක කරල ලොක්කො
වෙන්න තමයි හැදුවෙ.ඒ වගේ එකක් තමයි මේ.
දවසක් විද්‍යා ටීචර් උගන්නද්දි ළමයි ඉවරයක් නැතුව කෑ ගගහ
හිටිය.ටීචර්ට හොඳටම තරහ ගිහින් ළමයිට බනින්න පටන් ගත්ත. "ඔයාලට උගන්නන දේවල්
වටිනාකමක් නෑ.ඒත් ගමේ ඉස්කෝලෙකට ගිහින් බලන්න.ඒ ළමයි බලන් ඉන්නව ටීචර් උගන්නන්න
එනකම්.එයාලට උගන්නන්න අය නෑ.ඔයාලට වැඩි වෙලා." කන්ද උඩ ඉස්කෝලෙ ඉන්නකොට මාත්
ටීචර් ආපු නැති දවසට හරි කම්මැලිකමින් හිටියෙ.ඒත් අලුත් ඉස්කෝලෙට ඇවිත් වැඩ වැඩි
නිසා ටීචර් කෙනෙක් ආවෙ නැතුව හිටියොත් ඒ period එකේ යන්තම්
නිදහසක් තියෙනව.ඒ නිසා ළමයි උදේම හොයන්නෙ එදා දවසෙ absent ටීචර්ල කව්ද
කියල.මාත් එහෙමයි ඒ කාලෙ. වෙලාවකට එහෙම හොයන්න ගිහින් අමාරුවෙ වැටිලත්
තියනව.
කොහොමහරි 7 වසරෙ දෙවෙනි වාරෙ 8 වෙනිය උනු මම 3වෙනි වාරෙදි 2වෙනිය උනා.
0 comments:
Post a Comment