My Story

My Thoughts,My Experiences and something more....


ශිෂ්‍යත්වය පාස් උනාට පස්සෙ අලුතින් ඉස්කෝලයක් එනකම් හිටියෙ කන්ද උඩ ඉස්කෝලෙම තමා.6 වසරට අලුත් පොත් දුන්නම 5 වසරෙ දෙසැම්බර් නිවාඩුවට ඒව බලල එහෙම 6 වසරට ආව .5 වසර වෙනකම් එක පන්තියක ළමයි 45ක් විතර හිටිය ඒ ඉස්කෝලෙ.ඒත් 6 වසරෙන් පස්සෙ ගොඩක් ළමයි වෙන ඉස්කෝල වලට යන නිසා 6 වසරෙන් පස්සෙ එක පන්තියක ඉන්න ළමයි ගාන අඩුයි.ඒ නිසා අපිව 6 වසරෙ class එකට දැම්මට ඒකෙ ඩෙස්,පු‍ටු තිබ්බෙ ටිකයි.6 වසරෙ පලවෙනි දවසෙ එහෙම ළමයි ගොඩක් හිටියට ඊටපස්සෙ දවස්වල ළමයි හිටියෙ හරි අඩුවෙන්.ඒත් උගන්නපු නිසා මම ඉස්කෝලෙ ආව ගොඩක් වෙලාවට.

මම හිටපු 5 වසර පන්තියෙ 5දෙනෙක් විභාගෙ පාස් වෙලා තිබුන.ඉතුරු 40න් 25ක් විතර වෙන වෙන ඉස්කෝලවලට යන්න application දාල තිබුනෙ.ඒකෙනුත් ගොඩක් අය යන්න හිටියෙ කන්ද උඩ ඉස්කෝලෙට පාරෙන් එහා පැත්තෙ තියෙන සෙන්ට්‍රල් (kirindiwela central)එකට.ඒ විදිහට ළමයි වෙන ඉස්කෝලවලට යනවට අපේ ඉස්කෝලෙ ටීචර්ල කැමති නෑ.එහෙම ගියාම ඉතුරු වෙන්නෙ වැඩ නොකරන ළමයි විතරක් නිසා.දවසක් එහෙම ටීචර් කෙනෙක් ඇවිත් අපෙන් ඇහුව කව්ද වෙන ඉස්කෝලවලට යන්න ඉන්නෙ කියල.එතකොට සමහරු අත ඉස්සුව.මාත් අත ඉස්සුව.ඊටපස්සෙ ඒ ටීච්ර් පොඩි දේශනයක් දුන්න.

එහෙම තමන්ගෙ ඉස්කෝලෙ දාල යන්නෙ ඇයි කියල ඇහුව.එහෙම යන්නෙ නැති අයට ටීචර්ල හොඳට සලකනව කිව්ව.ශිෂ්‍ය නායකකම් දෙනව කිව්ව.සහතික දෙනව කිව්ව. තව එක එක ඒව කිව්ව.මාත් ඉතින් ඒව අහන් හිටිය.

ඉස්කෝලෙ දාල යන්න පොඩි දුකක් තිබුනත් අලුත් ඉස්කෝලෙකට යන්න ගොඩක් ආසාවෙන් හිටියෙ මම.ඒ ඉස්කෝලෙ මම දුවපු නැති තැනක් නෑ.ඔට්‍ටු සෙල්ලම් වලට ඉස්කෝලෙ හැමතැනම වගේ හැංගිලා තියනව.ඒකෙ තිබුනු පඩි පෙලවල් වල උඩම පඩිය ඉඳන් යටම පඩියට පනින එක ඒ කාලෙ සුලු දෙයක්.ඒක ගොඩක්ම වැදගත් උනේ ඔට්‍ටු සෙල්ලම් වලට දුවනකොට.

0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive