අලුත්
ඉස්කෝලෙ ටීචර්ල ඔක්කොම වගේ ගොඩක් හොඳට උගන්නන අය.සිංහල ඉගැන්නුවෙ පන්ති භාර
සර්.එයා හරි ලස්සනට සිංහල ඉගැන්නුව.(ඉන්ද්‍රපාල සර්). පලවෙනි දවසෙ අපිට කැමති
තැන්වල ඉඳ ගත්තට ටික දවසකින් සර් ළමයිව මාරු කරල තැන් තැන් වලට දැම්ම.මට එහා
පැත්තට ආවෙ ටිකක් ගොත ගහන ළමයෙක්.එයාට තරහ ගියාම බනින විදිහට හිනා ගියා මිසක් තරහ
ගියෙ නෑ.එයා තමා මට ඉස්කෝලෙ ඉන්න ඕන විදිහ ගැන කියා දුන්නෙ.6 වසර අයට යන්න තහනම් තැන්,මොකක්හරි උනොත් කරන්න ඕන දේවල් එහෙම
කියා දුන්න.
ඒ
කාලෙ මට වැඩිය English බැහැ.ඒ ඉස්කෝලෙ හැටියට ගිය
අලුත English බැරිම ගානට හිටියෙ.මට ඒ යාලුව කිව්ව "හොඳ වෙලාවට මම නාලන්දෙට
ආවෙ, royal ගියානම් එහෙම English හොඳටම වැඩී " කියල.ඒත් අපේ ඉස්කෝලෙත් ඒ
විදිහම තමා තිබ්බෙ.පස්සෙ දවසක තිබුනු parents’ meeting එකේදි English teacher කියල තිබුන,
"ශිෂ්‍යත්වෙන්
ආපු අයගෙ English දැනුම අඩුයි පරන අයට වඩා" කියල.
ඒ
පන්තියෙ ඉන්නකොට මම ඔක්කොටම වැඩිය ආස කලේ චිත්‍ර විෂයට.ඒ චිත්‍ර උගන්නපු teacher
ආස හිතෙන විදිහට
ඒක උගන්නපු නිසා.ඒ කාලෙ මම නිතරම චිත්‍ර ඇන්ද.ඒත් මාස කීපයක් ගියාට පස්සෙ ඒ miss
ඉස්කෝලෙ එන්නෙ
නැතුව හිටිය බබෙක් හම්බවෙන්න නිසා.ඊටපස්සෙ මගෙ චිත්‍ර අඳින ආසාවත් නැතුව ගියා.
මේ
කාලෙ වෙද්දි ශිෂ්‍යත්වෙ ලකුණු අනූව ඩී.එස්.සේනානායක විද්‍යාලෙ තිබුනෙ අපේ ඉස්කෝලෙට
උඩින්.මගෙ ලකුනු 172යි.නාලන්දෙට ගත්තෙ 171න්. ඩී.එස් එකට ගත්තෙ 173න්.ඒත් (මට මතක විදිහට 2008දි) පස්සෙ කාලෙක අපේ ඉස්කෝලෙ ඩී.එස්
එකට වඩා උඩට ආව. ඒක අපේ ඉස්කෝලෙ ගොඩක් අය සතුටින් සමරපු දෙයක්.
0 comments:
Post a Comment