ඒ කාලෙ අපි යාලුවො එක්ක තරඟෙට 400m දුවනව.මට ඒ කාලෙ ටිකක් හොඳට 400m දුවන්න පුලුවන්.අපේ නිවාසෙ තමයි නන්ද.අනිත්
නිවාස 3 තමා සූර්‍ය,චන්ද්‍ර,මයුර.හැබැයි ඉතින් අපේ නිවාසෙ අවුරුදු 15ක් විතරම එක දිගට අන්තිම වෙවී තිබුනෙ.8 වසරෙදිත් sports meet එකේ අන්තිම තමා උනේ.නිවාසෙ meeting වලදි කතා කරන අපේ නිවාසෙ සර්ල හැමදාම "අපි තමයි මේ පාර විප්ලවීය
විදිහට ජයග්‍රහණය කරන්නෙ,ගිය පාර පොඩි
වැරදීම් ටිකක් නිසයි අන්තිම උනේ.අපේ නිවාසෙ තමයි විශිෂ්ටතම " කියල කියනව.මේකට
ඉතින් අපේ නිවාසෙ ඔක්කොටම හිනා.හැමදාම කියන්නෙ ඕක,ඒත් හැමදාම අන්තිම.කට්ටිය පල් එකටත් එක්ක
විසිල් ගහල ලොකු clap එකක් දෙනව
එවෙලෙට.
ඒ පන්තිය ටිකක් චන්ඩියො වැඩි පන්තියක්.ඒ නිසා නිතරම
අනිත් පන්තිවල ටීචර්ල ඇවිත් බනිනව අපිට.section එකේ නරකම පන්තිය කියල තමයි ඔක්කොම කිව්වෙ.ගොඩක් වෙලාවට
චන්ඩියො ටික වලිත් දාගත්ත.
ඒ අවුරුද්දෙ මට පලවෙනි පාරට prize giving එකට යන්න ලැබුන.එදා තැගි ගත්තෙ පූජ්‍ය
වැලමිටියාවේ කුසලධම්ම හිමිගෙන්.ඒ කාලෙ prize giving තිබ්බෙ මලලසේකර hall එකේ.මේ පන්තියෙදි මම 2වෙනි වාරෙ 2
වෙනිය උනා.ඒත් 3වෙනි වාරෙ 3 වෙනිය උනේ.
0 comments:
Post a Comment