ඊටපස්සෙ
ලංකාවෙ මුහුදුබඩ පලාත් රාශියකම ඒ විදිහට මුහුද ගොඩ ගලල තිබුන.ගාලු දිස්ත්‍රික්කයෙ,නැගෙනහිර පලාතෙ,
මීගමුව,හලාවත මුහුදු තීරයෙ,දකුණු පලාතෙ වැඩිම හානියක් වෙලා
තිබුන.ඒ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගෙ ගමන් කරපු කෝච්චිය සුනාමියට අහු වෙලා
තිබුන.ඒකෙ පෙට්ටි rail පාරෙන් ගොඩක් එහාට ගහගෙන ගිහින් තිබුන.කෝච්චියෙ
හිටපු අයගෙන් බේරිලා තිබුනෙ බොහොම ටික දෙනයි.මට මතක විදිහට ඒක සුනාමියට අහුවෙලා
තිබුනෙ හික්කඩුව හරියෙදි.සමහර මිනිස්සු කරදරේ වැටුනු අයට උදව් කරන්න හදද්දි සමහරු
කරපු වැඩ කැම්රා වලත් සටහන් වෙලා තිබුන.
ගාල්ල
බස් නැවතුම්පොලත් සම්පූර්නයෙන්ම මුහුදු රළට විනාශ වෙලා තිබුන.එවෙලෙ ගහගෙන යන
තරුණියකගෙ බෙල්ලෙ තිබුනු මාලයක් කඩා ගත්තු එක මිනිස්සු ටිකක් ඒ තරුණියව ආයෙ රළ පහර
දමපු හැටි ඒ දවස්වල ටීවී එකේ පෙන්නුව. ඒ මිනිස්සු කරපු වැඩේ අපායෙම යන වැඩක්.අපිට
සුනාමිය ගැන දැනගන්න ලැබුනෙ 26 වෙනිදා දවල් 12ට විතර.දැන්නම් සුනාමියක් එයි කියල
හිතුනොත් ටක් ගාල මධ්‍ය වලින් ජනතාව දැනුවත් කරල මුහුදුබඩ ප්‍රදේශ වලින් ඉවත්
වෙන්න කියල අනතුරු අඟවනව.ඒත් ඒ දවස්වල එහෙම දෙයක් තිබුනෙ නැති නිසා ගොඩක් සෙගන ඒකට
අහු උනා.පහල රූපෙ තියෙන්නෙ සුනාමියෙන් පස්සෙ සමහර තැන් පෙනුනු හැටි.
ලංකාවෙ
සිදු උනු භයානකම ව්‍යසනේ ඒක කියලයි කියන්නෙ.
0 comments:
Post a Comment