My Story

My Thoughts,My Experiences and something more....


තවත් නාට්‍යක් ගැන කියන්න අමතක උනා.ඒ තමයි මම පොඩිම කාලෙ ගිය "දූ දරුවෝ " නාට්‍ය.ඒක තිබුනෙ මම හිතන විදිහට මම 1,2 වසරවල.සමහරවිට ඊටත් කලින්.ඒ නිසා මට ඒකෙ කතාව මතක නැතත් සමහර අවස්ථා මතකයි.අම්මල කියල තියනව ඒක ලස්සන කතාවක් කියල.මට ඒකෙ තේමා වාදනේ ඇහෙද්දිනම් බය හිතෙනව ඉස්සර.

තවත් අමුතු වැඩසටහනක් තමා බෲම් කියන්නෙ.ඉබේ දොරවල් ,බොනට් අරින්න වහන්න පුලුවන්, ඩ්‍රයිවර් කෙනෙක් නැතුව තමාටම පැදන් යන්න පුලුවන් කාර් එකක් තමා බෘම් කියන්නෙ.එයා හැමදාම උදේට එයා ඉන්න තැනින් ටවුන් එකට ගිහින් කාටහරි උදව් කරල ආයෙ හවස් වෙද්දි කාටත් හොරෙන් ඉන්න තැනටම එනව.

ඊලඟට කියන්න තියෙන්නෙ TV series ගැන.ඒවත් කීපයක් තියනව.එකක් තමයි රොබින්සන් අන්දරය. "සයුරේ ජීවිත රල පෙරලී" කියන සිංදුව ඇහෙද්දි ඒක බලපු ඕන කෙනෙක්ට ඒ එක ගැන මතකය අලුත් වෙනව.ඒ සින්දුවටත් ගොඩක් අය ආස කලා.ඒක ඒ දවස්වල ගොඩක් ළමයිගෙ ප්‍රියතම වැඩසටහනක්. "මායා බන්ධන" ඒ ගොඩක් ඒවට වඩා ජනප්‍රිය උනු එකක්.ඒක මම 4, 5 පාරක්ම බලල තියෙනව.ඒත් කොච්ච්චර බැලුවත් ඇති වෙන්නෙ නැති එකක් තමා ඒ.

"ෂර්වුඩයේ රොබින්හුඩ් " කියන්නෙත් ගොඩක් ජනප්‍රිය උනු එකක් තමා.ඒක ගොඩක් මායා බලයන්ට මුල් තැන දීල හදපු කතාවක්.රොබින්හුඩ් කියන්නෙ පොඩි කාලෙ මගෙත් වීරයෙක්.

ජපානෙන් ගෙන්නල ලංකාවෙ පෙන්නපු නාට්‍යක් තමා "ඔෂීන්".ඒකජනප්‍රිය උනු හේතුව කියන්න දන්නෙ නැතත් ඒකෙ ගොඩක් දේවල් ඉගන ගන්න තිබුන.ඔෂීන් එයාගෙ ජීවිතේදි මුහුනදුන් නොයෙක් දේවල් අපට එක එක පාඩම් කියාදුන්න.

0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive