My Story

My Thoughts,My Experiences and something more....


මාව වැ‍ටුනෙ 8H එකට. 8 වසරට ආපු ගමන්ම මම ගණිත විෂය නායකය උනා.මොකද 7 වසරෙ ගණන් paper එකට මට ලකුණු 98ක් තිබුනු නිසා.පන්තිභාර ගුරුතුමිය උනේ චන්ද්‍රලතා මිස්.එයත් හොඳ ටීචර් කෙනෙක්.

ඒත් English teacher නම් මට නිතරම බැන්න.ඉතින් මට වෙලාවකට එයා තරහකාරයෙක් වගෙත් පෙනුන.දවසක් ඒ ටීචර් උගන්න උගන්න ඉන්නකොට මගෙ පැන කවුරුහරි ළඟ ඉන්න ළමයෙක් අරන් හංගල තිබුන.ඉතින් මම පාඩම අහගන්න එකත් අමතක කරල පෑන හොයන්න පටන් ගත්ත.මේක ටීචර් දැකල "stand up" කිව්ව. මම නැගිට්ට.ඊටපස්සෙ "read from where I stopped the lesson" (මම දැන් නවත්තපු තැනින් පාඩම කියවන්න) කිව්ව.මම ඉතින් පාඩම අහන් හිටියෙ නෑනෙ.ඉතින් මම එකපාරටම ටීචර්ගෙන් "මේකද මිස්?" කියල ඇහුව. එතකොටම ටීචර්ට හොඳටම තරහ ගියා. "you go out"(එලියට යන්න) කිව්ව.ඉතින් මම එලියට ගියා.ඊටකලින් මිස් තව 2නෙක්වත් එලියට දාලයි තිබුනෙ.

ටික වෙලාවකින් ආයෙ අපිට පන්තිය ඇතුලට එන්න කිව්ව.එනකොට "sorry miss" කියල ඉඳගන්න කියලයි කිව්වෙ.අනිත් දෙන්නම එහෙම කිව්ව පන්තියෙන් ඇතුලට එද්දිම.ඒත් මම එහෙම කියන්නෙ නැතුව ටීචර් ලඟට ගිහින් sorry කියන්නයි හිටියෙ.ඒත්මම ටීචර් ලඟට යද්දි ටීචර් හිතුවෙ මම sorry කියන්නෙ නැතුව ඉඳගන්න යනව කියල.ඒ නිසා මට ආයෙ බැන්න ඉංග්‍රීසියෙන්.මක් කරන්නද.මම sorry කියල ඉඳගත්ත.

0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive