My Story

My Thoughts,My Experiences and something more....


දවසක් 6 වසරෙදි ඕශදී මා ලඟට ඇවිත් ඇහුව "ඔයා විද්‍යා පන්තියකට යනවද " කියල.මම ඒ වෙද්දි කොහෙවත් පන්තියකට ගිය නැති නිසා මම නෑ කිව්ව.ඒත් එයා තවත් මොනවද අහනව,මට තේරුනෙත් නෑ.ඒක ඇහුවෙත් ලැජ්ජාවෙන් වගේ.පස්සෙ දවසක තමා දන්නෙ එයා යන විද්‍යා පන්තියට එන්න කියන්නයි දඟලල තියෙන්නෙ එදා කියල.ඒකත් කිව්වෙ අපේ තාත්ත.කොහොමහරි ටික දවසකින් මම ඒ විද්‍යා පන්තියට ගියා.

6 වසරෙ ටික දවසක් ඉන්නකොට දවසක් ගෙදරට ලියුමක් ආව.එදා මම ඉස්කෝලෙ ගියෙ නෑ,සිකුරාද දවසක්.ඒ ලියුමෙ තිබ්බෙ සඳුදට නාලන්දෙට එන්න කියල.ඒකට ඉතින් අස්වීම් සහතිකේ ඕන නිසා ඒ ගමන්ම ඉස්කෝලෙට ගියා.එවෙලෙ තවත් ළමයි ටිකක් අස්වීම ගන්න ඇවිත් තිබුන.අපි ඉස්කෝලෙට ගිහින් principal ගෙ office එකේ ගොඩක් වෙලා බලන් හිටියත් කිසි ගානක් නැතුව principal එයාගෙ වැඩයි, එක එක අය එක්ක කතායි කර කර හිටියෙ.අපි පේන්න හිටියත් අපි දිහා බැලුවෙවත් නෑ.අස්වීම ගන්න ආපු නිසා වෙන්න ඇති.පස්සෙ අඳුරන ටීචර් කෙනෙක් කියල තමයි ඒක අරන් දුන්නෙ.ඒ ගන්නකොටත් අපිට බැන්න "ඇයි ඉස්කෝලෙ ආවෙ නැත්තෙ, ඉස්කෝලෙට මේ ලියුම ඊයෙ ආව" කියල.
ඊලඟට අස්වීම අරන් යද්දි අපේ පන්තියෙ ළමයි ටිකක් හිටිය, එයාලට කිව්ව "මම ඉස්කෝලෙන් අස් වුනා,වෙන ඉස්කෝලෙකට යනව" කියල.එතකොට ළමයෙක් ඇහුව කොහෙ ඉස්කෝලෙද යන්නෙ කියල.මම කොලඹ කිව්වම ළමයෙක් "අම්මෝ, මමනම් බයයි කොලඹ යන්න "කියල කිව්ව.ඒ කාලෙ ගොඩක් අය කොලඹ යන්න බය නිසා ඒ.

නමදිමු සමරමු ඔබෙ නම බැතියෙන්
පුද දෙමු සුරකිමු දිවි දී නිතියෙන්//
අප විදුහල් මාතා...කිරිඳිවැල
මහ විදුහල් මාතා




0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive