පෙරේරා මාම එහෙම ගොඩක් උදව් කලා වැඩවලට. අම්මයි, තාත්තයි ගොඩක් මහන්සි උනා කටිනෙ වැඩවලට. කැමරාව ඉල්ලගෙන මං එහෙන් මෙහෙන් photo ගත්ත. රෑ තිබුනු බණ අහන්න ගොඩක් සෙනග හිටිය. ඒ ආපු සෙනගට කන්න එහෙමත් දීල, ඉතුරු වැඩ ටිකත් කරනකොට වැස්සක් ආව. 11 ට විතර පටන් ගත්තු වැස්ස පායන පාටක් තිබුනු නැති නිසා සමහරු ගෙවල් වලට ගියා. අපි හිතුවෙත් කටින පෙරහැර යන්න බැරි වෙයි කියල. මමත් ටිකක් නිදාගත්ත.
ඒත් රෑ 1ට විතර වැස්ස ටිකක් පායල තිබුනු නිසා කට්ටිය පෙරහැරේ යන්න තීරණය කලා. එතන හිටපු නැටුම් වලට, භක්ති ගීත වලට එහෙම ලෑස්ති උනු ළමයි කිව්වෙම වැස්සෙ හරි යමු කියල. එයාලට එච්චරම ආසාව. කොහොමහරි කට්ටිය කුඩ අරන්, කටින චීවරෙත් එලියට වැඩමෙව්ව. ඉන්පස්සෙ පෙරහැර පටන් ගත්ත.
පෙරහෑර ලස්සනට තිබුන. මගින් තව තව සෙනග එකතු උනා. මාලිගාවත්තෙ 8 වෙනි පටුමගෙන්, 10 වෙනි පටුමගට ගිහින් ඊටපස්සෙ ආයෙ හංවැල්ල පාරට ඇවිත් නාවැටියෙ කඩේ ලඟින් හරවල, ඊටපස්සෙ කිරිඳිවැලින් දියවාලට ගිහින් බෝ මලුවට ගිහින් , ආයේ එතනින් පන්සලට ආව. පන්සලට එද්දි ගොඩක් කට්ටිය ඇවිත් හිටිය.
0 comments:
Post a Comment