My Story

My Thoughts,My Experiences and something more....

අපේ කැම්පස් එකේ ඉංජිනේරු පීඨයේ කට්ටිය පොඩ්ඩක් 2,3 ට බෙදිල ඉන්නෙ. කට්ටියක් කොලඹ කියල, කට්ටියක් කොලඹ නොවන ,ඒ කිව්වෙ පිට ගැට්ට. තව කට්ටියක් ඉන්නව 2ටම නැති අය. මේ අය පරපු‍ටු ලක්ෂණ දරපු අය. දෙපැත්තෙන්ම කනව. කොලඹ කට්ටියට තියන කුප්පි වලටත් එනව, පිට ගැට්ටෙ ඒවටත් යනව. 2 පැත්තෙම අයගෙන් tutes, notes,ඉල්ලගන්නව. කිසිම event එකක් organize කරන්න එන්නෙත් නෑ ගොඩක් වෙලාවට. හැබැයි එක පැත්තකටවත් අයිති කියන්නෙත් නෑ.අපි කොලඹ ගැට්ටෙ. ඒ කිව්වෙ කොලඹ ඉස්කෝලවලින් ආපු අයව එයාල හිතන්නෙ වෙනස් විදිහට, අපි එයාල එක්ක තරහෙන් ඉන්නව, අපි එයාල එක්ක තර‍ඟෙටවැඩ කරනව කියල තමයි එයාල හිතන්නෙ.




කොහොමින් හරි කොලඹ ගැට්ටෙ කට්ටිය විතරක් එකතු වෙලා get together එකක් organize කලා.කොලඹ grand orient හෝටලේ තමයි තිබ්බෙ. කොලඹ කට්ටිය හැමෝම වගේ ආව. කැම්පස් එකේ ඉඳන් හෝටලේට යන්න බස් එකක් දාල තිබ්බ. උත්සවේ ඉවර වෙලා හොස්ටල් එකට යද්දි ‍රැ 12 පහු වෙලා. ඒ දවස්වල හැමෝම ටිකක් busy.projects වැඩ, final year exam වලට පාඩම් කරන්න, වැඩ ගොඩයි. ටික දවසකින් get එකේ photos, facebook දැම්මම ඒක දැකපු පිට ගැට්ටෙ සමහරු අපිට චෝදනා කලා, අපි වෙනම get එකක් තියල batch එකේ fit එක නැති කලාලු. එහෙම කරන්න ඉතින් batch එකේ fit එකක් තිබ්බයැ.



උඩ photo එකේ ඉන්නෙ අපේ බෝඩිමේ set එක

උඩ එකේ ඉන්නෙ අපේ project group එක
මේ ඉන්නෙ Aiesec set එක

0 comments:

Post a Comment