ජීවිතෙ පලවෙනි වතාවට මම ලේ දන් දුන්නෙ එදා තමයි. අපේ mechanical එකේ ගොඩක් අය ගිය නිසා මාත් ගියා. ඒ ගොඩක් අයත් ඊට කලින් ලේ දී තිබ්බෙ නෑලු. මමනම් ටිකක් බයේ හිටියෙ. මොකද සමහරු ලේ දීල කලන්තෙ දානව, ටිකක් ඇඳට වෙලා ඉන්නව, එහෙම එහෙම වෙද්දි ටිකක බය හිතුන. කොහොමහරි පෝලිම් 4,5ක ඉඳල තමයි ලේ දෙන ඇඳ ගාවට ආවෙ. ඒ එනකොට දවල් 1 පහු වෙලා. එවෙලෙ ගොඩක් බඩගිනි. දැන් බඩගින්න නිසා බඩ කෑගහනව. බඩගින්නෙ නිසා ලේ දුන්නම කලන්තෙ දායිද කියල තව බයක් ආව. කොහොමහරි ලේ දෙන්න ඇඳට ගියා. ගිහින් විනාඩි 10ක් විතර යනකම් දුන්න ලේ. ඊටපස්සෙ හොඳට නැගිටල අවේත් ඉඳගෙන හිටිය ඒ ලඟ තිබුනු පුටුවක. එතකොට නිකම් ඔලුව කැරකෙනව වගෙ උනා. එතකොට ඒක දැකපු එතන කෙනෙක් මෙයාට කලන්තෙයි නේද කියල මාව එක්කන් ගියා ඇඳකට. ඊටපස්සෙ ටිකක් වෙල ඉන්න කිව්ව කකුල් උඩින් තියන්. විනාඩි 15,20ක් විතර හිටියම තමා ටිකක් හරි ගියෙ. ඊටපස්සෙ එයාල දුන්නු කෑම එක කාල එහෙම හෙමින් සීරුවෙ ගියා එකට.
Posted by
chaturanga
0 comments:
Post a Comment