අපිට semester 7 පටන් ගන්න තිබුනෙ මැයි 26 වෙනිද. අපේ campus final year එකේ අයට hostel දෙනව. ඒත් ලඟ අයටනම් හම්බුනේ නෑ.hostel වල කාමර බෙදාගන්නයි, අදාල application අරගෙන පුරවන්නයි එදා පාන්දර 5 ඉඳන් පුදුම පෝලිමක් තිබුනේ. කොලඹ අයයි, ගැට්ටෙ අයයි කතා වෙලා කාමර ටික බෙදාගෙන තිබුනේ. අපිට block 5 එක ගන්න තමයි අපි කතා කරල තිබුනෙ. ඒකෙ ළමයි 72 කට ඉන්න පුලුවන්. පාන්දර 5 ඉඳන් පෝලිමේ හිටියත් වැඩ කරන් ඉවර වෙද්දි 12 විතර උනා. ඊටපස්සෙ කාමරවල යතුරුත් අරගෙන ගෙදර ගියා. අපිට හම්බුනේ 279 කාමරේ. ඒකට හොඳ view එකක් තිබුන. ඒකෙ ඉඳන් හොඳට වටපිටාව නරඹන්න පුලුවන්. අපේ කාමරේට හිටියෙ මමයි, රාජයි, පොකෝයි, dial එකයි .
රාජ- madushanka niroshan
පොකෝ- thanujaya sankalpa
dial එක- lishan jayasooriya
රාජගේ වාසගම රාජපක්ෂ. ඒකයි රාජ කියන්නේ. පොකෝ කියන්නෙ? photo copy කියන එකෙන් තමයි පො.කෝ කියන එක හැදුවෙ. මිනිහ ඒ දවස්වල ළමයි කට්ටිය මොකක්හරි paper එකක්, පොතක් බල බල ඉන්නකොට කොහෙන් හරි ආතක් පාතක් නැතුව ඇවිත් "ඒ ඔය මොකක්ද බං ඔය, ඔහොම එකක් මට හම්බුනේ නෑනෙ. මොකක්ද මේ . දීපන් මං ෆොටෝකොපියක් ගහන් එන්න ඉක්මනට" කියල photocopy ක් ගහන් එනව ඕන එකක.note එකක්, paper එකක්, application එකක් ඕනම දෙයක්. dial එක කියන්නෙ ලිශාන්ට. මිනිහ පොඩ්ඩක් අමුතු විදිහෙ චරිතයක්. tution master කියල කිව්වෙ ඉස්සර. සතියෙ දවස් 7ම ඉස්සර පන්ති කලා. එක subject එකක් නෙමෙයි 3ම (maths, physics, chemistry). ඒ නිසා මුල් දවස්වල වැඩිය campus ඇවිත් නෑ. semseter 2 එකේදි ඇවිත්ම නෑ.විභාගෙ මිනිහ repeat වෙලා ඔක්කොම subjects . ඊටපස්සෙ ඉතින් ඒව ආයෙ කලත් උපරිම ගන්න පුලුවන් C එකක්නෙ campus නීතිවලට අනූව. ඒක නිසා මිනිහගෙ GPA එක හොඳටම බැහැල. ඒත් වැඩේ කියන්නේ මිනිහ හොඳ මීටරයක්. olympiad එහෙමත් ගිහින් තියෙනව. මිනිහට පාඩම් කරන්න උනන්දුව ආවෙ අපේ කාමරේට ආවට පස්සෙ. ඊටපස්සෙ තිබුනු පුදුම උනන්දුව නිසාම අපි මිනිහට නමක් දැම්ම dial එක කියල.
0 comments:
Post a Comment