මාස 6ක training එකේ අන්තිම දවස තමයි එදා. අපි එක්ක අපේ campus එකෙන් ළමයි 8 දෙනෙක් ආව. 3 දෙනෙක් mechanical . අනිත් අය chemical. මමයි, පිනිඳුයි තමයි මුලින් හිටපු 2න්න. කට්ට ආවෙ ඊටපස්සෙ මාස 3ක් විතර ගිහින්. මාස 6ට පුලුවන් තරමක් දේවල් ඉගෙන ගත්ත. කොහොමහරි අන්තිම දවසෙ යද්දි දෙන පාටියත් organize කරල, එක එක sections වලට දෙන cake එහෙමත් ගෙනල්ල ඒ වැඩ ටික කරල හැමෝටම කියල ආව. අපි හිතුවෙ එදාට training certificate එක ගන්න පුලුවන් වෙයි කියල. මොකද මීට කලින් ගිය අයට එහෙම දුන්නු නිසා. ඒත් Mr. තෙන්නකෝන් අපි එක්ක තිබුනු තරහ නිසා ඒක දුන්නේ නෑ. පස්සෙ ශ්‍යාම අක්ක කිව්ව වෙන දවසක එන්න කියල. එදා අපිට ඒ වගේ දෙයක් වෙනව කියල දන්න නිසා එදිරිසිංහ සර් ඇවිත් හිටියෙත් නෑ. එයාටත් ඒකට upset. ඒ නිසා අපි වෙන දවසක ඇවිත් ගන්න හිතාගෙන අපිත් එක්ක හිටපු ළමයි ඔක්කොටම පාටියත් දීල ආව. පස්සෙ training certificate එක ගන්න 22(මැයි) වෙනිද ආව ආයේ petroleum එකට. එදා එදිරිසිංහ සර් හිටිය. එයාට පොඩි තෑග්ගකුත් දීල එහෙම ආව.
Posted by
chaturanga
0 comments:
Post a Comment