Mech-c කියන්නෙ අපේ mechanical department එකේ කොලඹ ඉස්කෝල වලින්,තව ඉස්කෝල කීපයකින් ආපු ලමයි set
එකට අපිම
දාගත්තු නම.තේරෙන විදිහට කිව්වොත් Mechanical- Colombo ගැට්ට. හැබැයි මේකට කොලඹ ඉස්කෝලවලින් ආපු හැම
කෙනාම අයිති උනෙත් නෑ.සමහරු වෙනම හිටියෙ.ගැට්ට කියන්නෙ එකට ඉන්න ලමයි කට්ටියකට campus
එකේ භාවිතා කරන
නම. ඒ විදිහට තවත් ගැටි ගොඩක් තිබුන department එක ඇතුලෙ.මං ඉතින් නිතරම ඉන්නෙ mech-c
එක එක්ක තමා.එකට
ලමයි උපරිම 27ක් විතර ඉන්නව.ඒත් ගොඩක් වෙලවට 18ක් 20ක් විතර තමා එක පාරකට දකින්න
පුලුවන්.ඒ වගේම lectures වලදි ගොඩක් වෙලාවට ඉඳ ගත්තෙත් එහෙමයි.තව ඉතින්
අපි නැවතිලා ඉන්න බෝඩිම් වශයෙනුත් ඒ connection තියනව.කොහොමහරි ඒ හැම බෝඩිමකම
මූලස්ථානය විදිහට වැඩ කරන්නෙත් මං ඉන්න බෝඩිම තමා.මොකද අපේ බෝඩිමේ ලමයි 21ක් ඉන්නව,ඒ හරියෙ තිබුනු ලොකුම බෝඩිමත් ඒක
තමයි.බෝඩිම ගැන පස්සෙ කියන්න ඕන.
ඔන්න
කාගෙහරි birth day එකක් ආවොත් එදාට mech-c එකේ පාටියක් දෙනවා.ගොඩක් වෙලාවට ඒක තියන්නෙ වල
කැන්ටිමේ තමා.එතකොට mech-c එකෙන් එ birthday boyට present එකකුත් දෙනව එදාට.මටත් හම්බුනා laptop
cover එකක්
ගිය පාර එකට.තවත් අයට T-shirt එහෙම හම්බුනා.mech-c එකේ පලවෙනි Trip
එක ගියෙත් mech-c
එකේ යාලුවෙක්ගෙ
ගෙදරට.ඒකත් නියම Trip එක.මේ කට්ටිය ගොඩක්ම එකතු වෙන්නෙ Exam
එක ලං උනාම
තමයි. Semester එක පුරාවට තිබුනු lectures තේරුනේ නැති අය තමා ගොඩක් ඉන්නෙ.ඉතින් මාස 3,4ක දේවල් සතියෙන්,2කෙන් කරන එක ලේසි වැඩක් නෙමෙනෙ.ඒකට
කට්ටියම එකතු වෙලා කුප්පි දාගන්නවා.එක්කො අය්යල ගෙන්නල,එක්කො අපිම තමයි මේ කුප්පි
කරන්නෙ.ඒවයින් ගොඩක් අය ගොඩ යනව.ඉතුරු වෙලාවෙ පාඩම් කරන්නත් කට්ටිය set
වෙනවා.බස් එක
තමයි අපි set වෙන තැනට කිව්වෙ.ඒක නිකම් බස් එකක වගේ පුටු තියන තැනක් නිසා වෙන්න ඇති
එහෙම කියන්නෙ.exam ලං වෙලා මෙහෙම පාඩම් කරල බෝඩිමට එන්නෙ ගොඩක් වෙලාවට රෑ 12 විතර වෙද්දි.ඒත් මමනම් ගොඩක් වෙලාවට
රෑ 8ට 9ට එන්න තමයි බලන්නෙ.මොකද මට බස් එකේදි 10න් පස්සෙ නිදි මත හොඳටම එන නිසා.
ඒ වගේම මුකුත්
වලියක් යන්න ගියොත් ඔක්කොම එකට යන්නෙ ඒවට.මේක ඉතින් mech-c
ගැන හැඳින්වීමක්
තමා.
0 comments:
Post a Comment