මේ
දවස් වල strike නෙ.ඉතින් ගෙදර ඉඳන් කරන්න මුකුත් විශේෂ දෙයකුත් නැහැ.ගොඩක්ම කලේ film
බලපු එක.ඒව
බලද්දි English ඉගන ගන්නත් try කලා.කොහොමහරි මං බලල තියෙන film
ගැන කියන්න තමා
මේ post එක දාන්නෙ.මෙච්චර කාලෙකට බලපු film වලින් මං ආසම එකක් තමයි Lord
of the rings.ඒකෙ
ඉන්න Aragon ට ගොඩක් ආසයි.ඒකෙ music,පරිසරය,background ඔක්කොම ගොඩක් ලස්සනට කරල තියෙනව.ඒක වෙන්න ඇති Oscar
සම්මාන රාශියක්
ලබා ගන්නත් හේතුව.
පහු
ගිය කාලෙ ප්‍රසිද්ද උනු තවත් film එකක්
තමයි Avatar.ඒකත් ලස්සන film එකක්.බෝඩිමේ ඉන්නකොට වෙලාවක් තිබ්බොත් ඉතින් film
එකක් බලනව.මම
ගොඩක්ම ආස English film වලට.ඒත් සෙව් ආස Hindi film වලට. ගෑනු ලමයිගෙ හැටි වෙන්න ඇතිනෙ ;).එයා film බලන්නත් වැඩිය ආස නෑ.
Thor වගෙම green lantern film එකත් මගෙ හිතට ගොඩක් අල්ලපු film
2ක්.ඒ 2කේම තියෙන්නෙ සුපිරි වීරයො 2නෙක් ගැන කතා.මං කැමතිම ඒ ජාතියෙ film
වලට.කොහොමහරි thor
film එකේ
thor ට හොඳ personality එකක් තියනව.
In time ෆිල්ම් එකත් නරක නෑ.ඒකෙ තියෙන්නෙ
අමුතුම අදහසකට ලියපු කතාවක්.ඒකෙ නිලියට ගොඩක් ආසයි මං.
Transformers film වලටත් මේ දවස් ටිකේ මං පිස්සු වැටිල වගේ ඉන්නෙ.ලස්සන ටිකක්.තවම ඒකෙ film
3යි ඇවිත්
තියෙන්නෙ.ඒකෙ Optimus primeට ගොඩක් ආසයි මම. එයානෙ ඉතින් ඒ ටිකේ වීරයා.Echelon conspiracy film එක අපේ campus එකේ පෙන්නුව,එවෙලෙ මට බලන්න බැරි උනා.ඒත් පස්සෙ
බැලුවම ඒකත් සාමාන්‍යෙන් හොඳ film එකක් කියල තේරුනා.
Chinese, Japanese film වල අමුතු විදිහෙ සටන් ක්‍රම තියෙන්නෙ.ඒව බලන්න
ආස හිතෙනව.True legend film එකෙත් එහෙම තමයි.
Pirates of the Caribbean කියන්නෙත් ගොඩක් ප්‍රසිද්ධ film
ටිකක්.මාත් ඒවට
ගොඩක් ආසයි. Captain JACK කියන්නෙ කොහොම පිස්සෙක්ද කියල හිතෙනව ඒක බැලුවම.ඒත් ඒ අස්සෙ හැංගුනු
ඔහුගෙ බුද්ධිය ඊට දෙවෙනි නෑ.ඒකෙත් තවම කතා 4යි ඇවිත් තියෙන්නෙ.
Equilibrium
කියන්නෙ තවත් හොඳ film
එකක්.ඒකෙ තියෙන fights
ලස්සනට කරනවා. තව film
ගොඩක් තියෙනව.මේ ටික මතක තිබුනු හොඳ film
ටිකක් විතරයි
0 comments:
Post a Comment