මේක
මම ගිය O/L class එකේදි කරපු පිස්සු වැඩක්.මතක විදිහට 10 වසරෙදි.ඒ Maths
class එකේදි
මුලු O/L syllabus එකම 10 වසරෙ සැප්තැම්බර් විතර වෙද්දි ඉවර කලා.ඊටපස්සෙ
කලේ past papers .ඒව ලියන්න ළමයිව සර්ට කැමති
තැන්වලට දාල තිබ්බෙ.ඒ class එකේ මගෙ හොඳම යාලුව රන්දීර්.එයාට class
එකේ තව යාලුවෙ
හිටිය.X
කියමු.දවසක් paper එක ලියල ඇවිත් x රන්දීර්ට කියනව පොඩි කතාවක්.
මාත්
ඒක වැඩිය ගණන් ගත්තෙ නෑ.ඊටපස්සෙ දවසෙ ඇවිත් රන්දීර් මට විස්තරේ කිව්ව.වෙලා
තියෙන්නෙ මේකයි.
Paper ලියද්දි X ඉන්න තැනට ඉස්සරහ බංකුවෙ ඉන්නෙ කෙල්ලෙක්,එයාට Y කියමුකො.එදා මෙයා කකුල් වන වන ඉඳිද්දි
අර ඉස්සරහ ඉන්න කෙල්ලගෙ කකුලෙ වැදිල.මෙයා කියපු විදිහට ඒ කෙල්ල කකුල අරගන්නෙ නැතුව
මේකගෙ කකුලෙ ගෑවෙන විදිහට තියන් හිටියලු ටිකක් වෙලා.ඉතින් X
ඇවිත් රන්දීර්ට
කියල ඒ කෙල්ල එහෙම තියන් හිටියෙ එයාට කැමති නිසාලු.ඒ නිසා එයාව යාලු කරගන්න උද්ව්
කරන්න කියල.
පස්සෙ
රන්දීර් X ට
තේරුම් කරල දෙන්න හදල තියනව එහෙම කකුල නිකම් ගෑවුනා කියල ඒ කෙල්ල කැමති කියන්න අමාරුයිනෙ කියල.ඒත් X
පිලි අරගෙනම
නෑ.පස්සෙ රන්දීර් ඕන එකක් කියල X,Y ට ලියුමක් ලියනව වගේ ලස්සනට ලියුමක් එහෙම ලියන්
ඇවිත් එදා.X ට
ලියුම් ලියන්න තේරෙන්නෙ නෑ කියල රන්දීර්ට ලියුමකුත් ලියන්න එන්න කියල ඒ කොල්ල(X).ඒ කාලෙ ඉතින් phone,
Facebook තිබ්බෙ
නෑ ගොඩක් අයට.ලියුම් වලින් තමයි ඒ වගේ දේවල් කලේ.
රන්දීර්
ලියුම class එකට ගෙනත් මුලින්ම පෙන්නුවෙ මට.ඒක බැලුවම මට නිකම් පිස්සු
වගේ.රන්දීර් ලියල තිබුන ලියන විදිහට "ඔයා මලක් වගේ ලස්සනයි " අනන් මනන්
ගොඩක්.මටත් ඉතින් නිකම් ඉන්න බැරි නිසා ඒ කොලේ පැන්සලෙන් ලිව්ව "වෙන
නැත්නම්" "අපායට ගහපු පොස්ටරේ වගේ" කියල. ඊට පස්සෙ ඒ කොලේ අතින් අත
යැව්ව Y ට
යවන්න කියල.කොහොමහරි ඒක එයාගෙ අතටම ගියා.අපි හොරැහෙන් බලන් හිටිය මොකද වෙන්නෙ
කියල.ඒ වගෙ දේවල් ඊට කලින් කරලත් නැති නිසා මොකක් වෙයිද කියලවත් තේරුමක් තිබ්බෙ
නෑ.Y ඒක
කියවනව අපි දැක්ක.ඒත් ඊටපස්සෙ වුනේ අපි කවුරුත් හිතපු නැති දෙයක්.එයා ඒ ගමන්ම
නැගිටල සර් ලඟට ගිහින් ලියුම දුන්න.තරු විසි වුනේ එවෙලෙ තමා.
0 comments:
Post a Comment